Home Sinhala දැවැන්ත ශතකයක් සමඟින් වෝනර් වීරයා වෙයි

දැවැන්ත ශතකයක් සමඟින් වෝනර් වීරයා වෙයි

218
Australia's David Warner walks back to the pavilion after losing his wicket for 166 runs during the 2019 Cricket World Cup group stage match between Australia and Bangladesh at Trent Bridge in Nottingham, central England, on June 20, 2019. (Photo by Paul ELLIS / AFP) / RESTRICTED TO EDITORIAL USE

2019 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා බංග්ලාදේශය අතර තරගය ඊයේ (20) නොටිංග්හැම් හිදී නිමා වූ අතර එහි දී බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 48ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

විලියම්සන් දකුණු අප්‍රිකානු බලාපොරොත්තු සුන් කරයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය ඊයේ (19) බ්ර්මින්හැම්…

කාසියේ වාසිය හිමි කර ගත් ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච්, පිතිකරුවන්ට පාරාදීසයක් බඳු තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර තණතීරුවේ වාසියෙන් උපරිම ඵල නෙලා ගත් ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් ලකුණු 381ක් වාර්තා කරන ලදි.

කෙසේ නමුත් තරගය අත් නොහැරි බංග්ලාදේශ පිතිකරුවන් ද ලකුණු 333ක් ලබා ගත්තේ තරගය පරාජය වුවද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හොඳ සටනක් ලබා දෙමිනි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නැංගුරම බවට පත් වූ ඩේවිඩ් වෝනර් මෙම තරගාවලියේ දෙවන ශතකය වාර්තා කරමින් ලකුණු 166ක් රැස් කළේය. පන්දු 147කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හතරේ පහර 14කින් හා හයේ පහර 5කින් වර්ණවත් විය.

වෝනර් හට සිය ඉනිම ගොඩ නැගීමට බංග්ලාදේශ ක්‍රීඩක ශබීර් රහ්මන්ගෙන් ද විශාල සහයක් හිමි වූයේ ඔහු දවා ගැනීමට තිබූ අවස්ථා දෙකක් ශබීර් වෙතින් ගිලිහී යෑම හේතුවෙනි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 53ක් ලබා සිටි නායක ඒරන් ෆින්ච් දැවී ගිය අතර අනතුරුව වෝනර් හා එක් වූ උස්මාන් කවාජා පන්දු 72ක දී ලකුණු 89ක් ලබා ගනිමින් දෙවන කඩුල්ලට තවත් ලකුණු 192ක් එක් කළේ වෝනර් හට හොඳ සහයෝගයක් ලබා දෙමිනි.

ඉනිමේ අග භාගයේ දී ක්‍රියාත්මක වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 10ක දී හතරේ පහර 2ක් හයේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් රැස් කරමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 381ක් කරා රැගෙන යාමට සමත් විය.

පන්දු යැවීමේ දී සෞම්‍ය සර්කාර් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු තුනම දවා ගත් අතර සෙසු පන්දු යවන්නන් හට එතරම් සාර්ථක වීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ඉඩ ලබා දුන්නේ නැත.

“චන්දිමාල් හා දික්වැල්ල නැති එක ගැන පුදුමයි” – හිටපු පුහුණුකරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පසුගිය වසර කිහිපය එතරම් සාර්ථක වූයේ නැහැ. මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන…

ලකුණු 382ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවෝ ඊට හොඳ පිළිතුරක් ලබා දුන් නමුත් එය ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය.

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සෞම්‍ය සර්කාර් ලකුණු 10කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගිය අතර ඉන්පසු තමිම් ඉක්බාල් හා ශකීබ් අල් හසන් ජයග්‍රාහී ඉලක්කය වෙත සිය කණ්ඩායම රැගෙන යෑමට උත්සහ කළහ.

තරගාවලිය පුරා ලකුණු අතර සිටි ශකීබ් මෙම තරගයේදීත් ලකුණු 41ක් ලබා ගත් අතර ඔහු ස්ටොයිනිස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍යම කඩුල්ල අත්කර දෙමිනි.

ඉන්පසු ලකුණු 62ක් ලබා සිටි තමිම් ඉක්බාල් දවා ගැනීමට මිචෙල් ස්ටාක් සමත් වූ අතර ලිටන් ඩාස්, ඇඩම් සැම්පාගේ පන්දුවක් හමුවේ ලකුණු 20කට දැවී ගියේ බංග්ලාදේශයේ ජයග්‍රහණ බලාපොරොත්තු බොඳ කරමිනි.

නමුත් ඒ වන විට පිටියේ රැඳී සිටි මුෂ්ෆිකර් රහීම් හා එක් වූ මහමුදුල්ලා දක්ෂ ලෙස පිතිකරණයේ යෙදෙමින් බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළ දැමීමට වූයේ ඓතිහාසික ජයග්‍රහණයක බලාපොරොත්තු සියල්ලන්ගේම සිත්වල ජනිත කරමිනි.

ජයකිෂන්ගේ ඔලුව පැලූ වෝනර් සමාව ඉල්ලයි

“මට සමාවෙන්න” යැයි පසුගිය වසරේ දී ලෝවැසි ක්‍රිකට් ප්‍රජාවගෙන් ඉල්ලා සිටි ඩේවිඩ් වෝනර් හට යළි සමාව ඉල්ලීමට සිදුව තිබේ.

අවසාන පන්දුවාර පහේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 82ක් අවශ්‍ය වූ අතර 46 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ නේතන් කොල්ටර්-නයිල්, මහමුදුල්ලා ලකුණු 69කට දවා ගත් අතර ඉන්පසු පන්දුවේ දී ශබීර් අහමඩ් ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරය වෙත හරවා යැවූයේ යළි තරගය ඕස්ට්‍රේලියාව වෙත හරවා ගනිමිනි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ මුෂ්ෆිකර් රහීම් සිය 8 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කරමින් පන්දු 97ක දී නොදැවී ලකුණු 102ක් වාර්තා කළ අතර මහමුදුල්ලාගේ දැවී යාමෙන් පසු ඔහුගේ සහයට පිතිකරුවෙකු නොමැති වීම නිසා සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන යාමට ඔහු අපොහොසත් විය.

පන්දු යැවීමේ දී නේතන් කොල්ටර්-නයිල්, ස්ටාක් හා ස්ටොයිනිස් කඩුලු දෙක බැගින් ලබා ගත්හ.

මෙම ජයග්‍රහණයත් සමඟින් ප්‍රසාද ලකුණු 10ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

ලකුණු 166ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයට මූලික වූ ඩේවිඩ් වෝනර් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන 6 වැනි තරගය අද (21) ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමඟින් ලීඩ්ස් හිදී පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Upcoming


Australia
381/5 (50)

Bangladesh
333/7 (50)

Batsmen R B 4s 6s SR
David Warner c Rubel Hossain b Soumya Sarkar 166 147 14 5 112.93
Aaron Finch c Rubel Hossain b Soumya Sarkar 53 52 5 1 101.92
Usman Khawaja c Mushfiqur Rahim b Soumya Sarkar 89 72 10 0 123.61
Usman Khawaja run out () 32 10 2 3 320.00
Marcus Stoinis not out 17 11 2 0 154.55
Steve Smith lbw b Mustafizur Rahman 1 2 0 0 50.00
 Alex Carey not out 11 8 1 0 137.50


Extras 12 (b 1 , lb 5 , nb 1, w 5, pen 0)
Total 381/5 (50 Overs, RR: 7.62)
Fall of Wickets 1-121 (20.5) Aaron Finch, 2-353 (20.5) Usman Khawaja, 3-313 (44.2) David Warner, 4-352 (46.2) Usman Khawaja, 5-354 (47.1) Steve Smith,

Bowling O M R W Econ
Mashrafe Mortaza 8 0 56 0 7.00
Mustafizur Rahman 9 69 0 1 0.00
Shakib Al Hasan (vc) 6 0 50 0 8.33
Rubel Hossain 9 0 83 3 9.22
Mehidy Hasan Miraz 10 0 59 1 5.90
Soumya Sarkar 8 0 58 0 7.25


Batsmen R B 4s 6s SR
Tamim Iqbal b Mitchell Starc 62 74 6 0 83.78
Soumya Sarkar run out () 10 8 2 0 125.00
Shakib Al Hasan (vc) c David Warner b Marcus Stoinis 41 41 4 0 100.00
Mushfiqur Rahim not out 102 97 9 1 105.15
Liton Das lbw b Adam Zampa 20 17 3 0 117.65
Mahmudullah c Pat Cummins b Nathan Coulter-Nile 69 50 5 3 138.00
Sabbir Rahaman b Nathan Coulter-Nile 0 1 0 0 0.00
Mehidy Hasan Miraz c David Warner b Mitchell Starc 6 7 0 0 85.71
Mashrafe Mortaza not out 6 5 1 0 120.00


Extras 17 (b 4 , lb 4 , nb 0, w 9, pen 0)
Total 333/7 (50 Overs, RR: 6.66)
Fall of Wickets 1-23 (3.5) Soumya Sarkar, 2-102 (18.1) Shakib Al Hasan (vc), 3-144 (24.1) Tamim Iqbal, 4-175 (29.2) Liton Das, 5-302 (45.3) Mahmudullah, 6-302 (45.4) Sabbir Rahaman, 7-323 (48.2) Mehidy Hasan Miraz,

Bowling O M R W Econ
Mitchell Starc 10 0 41 2 4.10
Pat Cummins 10 1 65 0 6.50
Glenn Maxwell 3 0 25 0 8.33
Nathan Coulter-Nile 10 0 58 2 5.80
Marcus Stoinis 8 0 54 2 6.75
Adam Zampa 9 0 68 1 7.56