සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර වෝන් – මුරලි  කුසලානය සඳහා පැවැත්වෙන තරගමාලාවේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අද  (28) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී පැවැත්විය. අද දිනයේ දී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් විය.

පසුගිය ලිපි: දෙවන දිනයෙන් ඇරඹූ දෙවන ඉණිම

තරගයේ ‍ තෙවන දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉණිම ආරම්භයේ සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව, ලකුණු 6කට කඩුලු 1ක් ලෙස සටහන් විය. තවද ඒ වන විට ඕස්ට්‍රේලියානු පළමු ඉණිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 80 පිටුපසින් සිටින ලදි.

උදෑසන කාලයේදී පැහැබර අහසක් පල්ලේකැලේ ක්‍රීඩා පිටියට ඉහළින් දිස්විය. දිනය ආරම්භ කිරීම සඳහා පිටියට පැමිණි කෞෂාල් සිල්වා හා දිමුත් කරුණාරත්න දෙවන කඩුල්ලේ සබඳතාවය සඳහා ලකුණු ලබාගැනීමටත් පෙරම දවාලීමට මිචෙල් ස්ටාක් සමත් විය.

අනතුරුව තෙවන කඩුල්ල සඳහා ලකුණු 39ක සබඳතාවයක් ගොඩනැංවීමට කෞෂාල් හා කුසල් මෙන්ඩිස් සමත් විය. ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු  45කට කඩුලු 2ක්  ලෙස දැක්වෙන විට ලකුණු 7ක් ලබාසිටි කෞෂාල් දවාලීමට ස්ටීව් ඔකීෆ් සමත් විය.

අනතුරුව නායක ඇන්ජලෝ මැතිව්ස් හා යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එක්ව සිවුවන කඩුල්ල සඳහා ලකුණු 41ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එම සබඳතාවය බිඳ දමමින් මැතිව්ස් ලකුණු 9ක් ලබා සිටියදී නේතන් ලයන් ගේ පන්දුවකට දැවී යන ලදි. එවිට ලකුණු පුවරුව ලකුණු 86කට කඩුලු 4ක් ලෙස දිස්විය.

පස්වන කඩුල්ල සඳහා උප නායක දිනේෂ් චන්දිමාල් හා මෙන්ඩිස් ඉවසිලිමත්ව හා තාක්ෂණික උපක්‍ර‍ම භාවිතා කරමින්, මෙම තරගයේ දී වාර්තා වූ පළමු ශතක සබඳතාවය ගොඩනංවන ලද අතර එහිදී චන්දිමාල් වර්ණවත් 4 පහර 4ක් වාර්තා කරන ලදි. කලකට පසුව මැදපෙළ තුලින් පස්වන කඩුල්ල සඳහා ලකුණු 117ක විශිෂ්ට සබඳතාවයක් වාර්තා වු අතර එම සබඳතාවයට තිත තබමින් චන්දිමාල් ලකුණු 42කට දැවීයන ලදි. එම සබඳතාවය සඳහා මෙන්ඩිස් ලකුණු 67කින් සහය ලබාදෙන ලදි. එම සබඳතාවය ශ්‍රී ලංකා දෙවන ඉණිමට අඩිතාලමක් විය.

අනතුරුව යොවුන් ක්‍රීඩක මෙන්ඩිස් හා මංගල තරඟය ක්‍රීඩා කරන ධනංජය ද සිල්වා එක්ව තවත් ලකුණු 71ක විශිෂ්ට හා අගනා සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව තව තවත්  සවිමත් කිරීමට සමත් විය. ධනංජය 4 පහරවල් 3ක් සමඟ ලකුණු 36කට දවාලීමට ලයන් සමත් විය. ලකුණු 274කට කඩුලු 6ක් ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වෙද්දී ධනංජය පිටියෙන් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය. කුසල් මෙන්ඩිස් තම ටෙස්ට් දිවියේ පළමු ශතකය, ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අංක 1  ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලබාගෙන ඔහුගේ දක්ෂතා ලොවට පෙන්වීමට සමත් විය. මෙහිදී මෙන්ඩිස් ඕස්ට්‍රේලියානු පන්දුව හොදින් අවබෝධ කරගෙන පන්දුවට පහරදෙන අයුරු මනාව පෙනෙන්නට විය.

අයහපත්  කාලගුණික තත්ත්වය හමුවේ තරඟය නවත්වන විට 7වන කඩුල්ල සඳහා මෙන්ඩිස් හා දිල්රුවන් පෙරේරා රැදී සිටියි. දිනය නිමාවන විට ඉවසිල්ලෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් තම ඉණිම 4 පහරවල් 20කින් හා එක් 6 පහරකින් වර්ණවත් කරමින් නොදැවී පන්දු 243කදී  ලකුණු 169* ක් හා දිල්රුවන් ලකුණු 5*ක් ලබාගෙන  කඩුල්ලේ රැදී සිටියි.

දිනය නිමවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු පළමු ඉණිමට වඩා ලකුණු 196 ක් පෙරමුණේ පසුවෙයි.

හෙට (29) තරගයේ සිව්වන දිනයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට

Batsmen Dismissal Runs Balls
Dimuth Karunarathne LBW b Starc 5 12
Kaushal Silva c Voges b Hazelwood 4 25
Kusal Mendis LBW b Hazelwood 8 7
Dinesh Chandimal  c Nevill b Hazelwood 15 54
AD Mathews  c Smith b O’Keefe 15  24 
Dhananjaya De Silva  c Burns b Lyon  24  38
Kusal Janith Perera  b Lyon  20  15
Dilruwan Perera  LBW b Lyon
Rangana Herath  LBW b Starc  10
Lakshan Sandakan  Not Out  19  15
Nuwan Pradeep c Smith b O’Keefe   0
Extras (1) TOTAL  117 (34.2 overs)

Fall of wickets :1-6 (Karunaratne, 4.1 ov), 2-15 (Mendis, 5.3 ov), 3-18 (Silva, 9.1 ov), 4-43 (Mathews, 14.2 ov), 5-67 (Chandimal, 25.6 ov), 6-87 (de Silva, 28.2 ov), 7-87 (MDK Perera, 28.4 ov), 8-94 (MDKJ Perera, 30.2 ov), 9-100 (Herath, 31.6 ov), 10-117 (Pradeep, 34.2 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc  11 1 51 2
Josh Hazelwood 10 4 21 3
Steve O’Keefe 10.2 3 32 2
 Nathan Lyon   3 12
Batsmen Dismissal Runs Balls
Joe Burns b Herath 3 15
David Warner b Pradeep 0 5
Usman Khawaja LBW b Herath 26 62
Steve Smith st Chandimal b Herath 30 53
Adam Voges ct Mendis b Pradeep 47 115
Mitchell Marsh b Sandakan 31 63
Peter Neville ct Perera b Herath 2 11
Steve O’Keefe ct Mendis b Sandakan 23 80
Mitchell Starc ct Perera b Sandakan 11  29
Nathan Lyon LBW b Sandakan  17 25
Josh Hazelwood Not Out 2 18
Extras (11) TOTAL  203 (79.2 overs)

Fall of wickets: 1-3 (Warner, 2.2 ov), 2-7 (Burns, 3.6 ov), 3-69 (Smith, 21.2 ov), 4-70 (Khawaja, 23.2 ov), 5-130 (Marsh, 45.4 ov), 6-137 (Nevill, 48.3 ov), 7-160 (Voges, 62.1 ov), 8-179 (Starc, 69.5 ov), 9-190 (O’Keefe, 73.6 ov), 10-203 (Lyon, 79.2 ov)

Bowler Overs Maidens Runs Wickets
Nuwan Pradeep 16 6 36 2
Rangana Herath  25 8 49 4
Dilruwan Perera 14 1 43 0
 Lakshan Sandakan  21.2 58 4
 Angelo Mathews  3 1 6
Batsmen Dismissal Runs Balls
Kusal Janith LBW b Starc 4 5
Kaushal Silva LBW b O’Keefe 7 32
Dimuth Karunarathne LBW b Starc 0 3
Kusal Mendis Not Out 169 243
Angelo Mathews c Burns b Lyon 9 31
Dinesh Chandimal LBW b Marsh 42 100
Dhananjaya De Silva c Khawaja b Lyon 36 62
Dilruwan Perera Not Out 5 4
Extras (10) TOTAL 282/6 (80 overs)

Fall of wickets: 1-6 (MDKJ Perera, 2.2 ov), 2-6 (Karunaratne, 2.5 ov), 3-45 (Silva, 12.2 ov), 4-86 (Mathews, 27.1 ov), 5-203 (Chandimal, 58.1 ov), 6-274 (de Silva, 77.3 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc 12 4 44 2
Josh Hazelwood 13 3 41 0
Steve O’Keefe 16.2 3 42 1
Nathan Lyon 26 2 98 2
David Warner 1 0 10 0
Adam Voges 1.4 0 3 0
Mitchell Marsh 9 1 33 1
Steve Smith 1 0 1 0