දකුණු අප්‍රිකානුවන්ට පහසු ජයක්

194

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවර දී අද (04) අවසන් වූ පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

දෙරට අතර තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 152ක් පමණි. එම ඉලක්කය තරගය නිමා වීමට තවත් පන්දු 124ක් ඉතිරිව තිබිය දී සපුරා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

පාකිස්තානුවෝ නවසිලන්තයට යනඑන මං නැති කරයි

පාකිස්තානය සහ නවසිලන්තය අතර පැවැත්වෙන් තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (02) නිමා වූ 2 වැනි තරගයේ දී කඩුලු…

ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 8ක් වෙද්දී ක්‍රීඩාගාරයට නැවත හරවා යැවීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. එය ඔවුන්ට දරා ගත නොහැකි පාඩුවක්ම විය. ඉනිමේ අවසානය දක්වාම එම අඩුව ඔවුන්ට දැනෙන්නට ඇත.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ක්‍රිස් ලියන් (15) සහ ඇලෙක්ස් කේරි එක්ව ලකුණු පුවරුව 36ක් දක්වා රැගෙන ආහ. එහෙත් එතැන් සිට ද ලකුණු පුවරුව ගොඩ නැගුණේ මන්දගාමීව ය. මෙසේ යන ගමනේ දී 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක සබඳතාවක් ගොඩ නැගීමට නේතන් කල්ටර්නිල් සහ මයිකල් ස්ටාර්ක් (12) සමත් වූහ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නේතන් කල්ටර්නිල් ය. ඔහු පන්දු 31ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ඇලෙක්ස් කේරි පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තේ ය.

කඩුලු දවා ගැනීමේ දී ඇන්ඩිල් පෙහෙලුක්වායෝ ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව ඩේල් ස්ටේන්, ලුන්ගි නිගිඩි සහ ඉම්රාන් තාහිර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඩේල් ස්ටේන් තමන් විසින් යැවුණ පන්දු වාර 7 දී ලකුණු 18ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගනිමින් පෑ දක්ෂතාව මත ඔහු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 153ක් ලබා ගත්හ. ඔවුන් ඒ වෙනුවෙන් වැය කළේ පන්දු වාර 29කුත් පන්දු 2ක් පමණි.

මෙවර ප්‍රිමියර් ලීගයට පාසල් කණ්ඩායම් දෙකක්

2018/19 වර්ෂ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොකඩවා දෙවන වතාවටත් සංවිධානය කරනු ලබන “නැගී එන ප්‍රධාන ප්‍රිමියර් ලීග් දෙදින ක්‍රිකට්…

එම ඉනිම ආරම්භ කළ ක්වින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩ්‍රිකස් ලකුණු 94ක සබඳතාවක් ගොඩ නැගූහ. ක්වින්ටන් ඩි කොක් පන්දු 40ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 47කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව අහිමි විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ද ඔහු ය.

රීසා හෙන්ඩ්‍රිකස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 44කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 74කට මුහුණ දුන් අතර හතරේ පහර 4ක් එල්ල කළේය.

ඊට අමතරව ඒඩන්මැක්‍රම් ද පන්දු 32ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 36ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ජයග්‍රහණය ඉක්මන් කළේය.

කඩුලු ලබා ගැනීමේ දී මාකස් ස්ටොයිනිස්  ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තේ ය. අනෙක් කඩුල්ල හිමි වූයේ නේතන් කල්ටර්නිල්ට ය.

ඕස්ට්‍රේලියාව; සියලුම දෙනා දැවී 152 (38.1): ඇලෙක්ස් කේරි 33, නේතන් කල්ටර්නිල් 34, ඩේල් ස්ටේන් 2/18, ලුන්ගි නිගිඩි 2/26, ඇන්ඩිල් පෙහෙලුක්වායෝ 3/33, ඉම්රාන් තාහිර් 2/39

දකුණු අප්‍රිකාව; කඩුලු 4ක් දැවී 153 (29.2): ක්වින්ටන් ඩි කොක් 47,  රීසා හෙන්ඩ්‍රික්ස් 44, ඒඩන් මැක්‍රම් 36, මාකස් ස්ටොයිනිස් 3/16

දෙරට අතර පැවැත්වෙන 2 වැනි එක්දින ජාත්‍යන්තර තරගය මේ මස 9 වැනිදා ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<