ආසියානු අනුශූරයින් සමඟ සටනට ලෝක අනුශූර ඕස්ට්‍රේලියාව මෙරටට

468

ලෝක අනුශූර ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් ලබන වසරේ (2019) ජනවාරි 3 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම යොවුන් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්දින ක්‍රිකට් තරග තුනක් හා තෙදින  ටෙස්ට් ක්‍රිකට් තරගයක් ඇතුළත්ය.

ලක්මාල්, මිලින්ද සහ උදාන ඇතුළු ප්‍රබලයින් රැසක් කණ්ඩායම් මාරු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරගාවලිය අද (30) ආරම්භ වූ අතර එහි දී දිවයිනේ ක්‍රීඩා සමාජ තලයේ සිටින ප්‍රබලතම ක්‍රීඩකයින්…

නිමා වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ දී පිළිවෙළින් බංග්ලාදේශය, හොංකොං, පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය පරාජය කරමින් අපරාජිතව අවසන් මහා තරගයට පැමිණි අතර අවසානයේ දී ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ අවසන් මහා තරගය පරාජයට පත්විය.

ඉන්දීය යොවුන් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පසුගිය ජූලි මස 17 වැනිදා සිට අගෝස්තු මස 10 වැනිදා දක්වා පැවති ක්‍රිකට් තරගාවලියේ දී, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී හා බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙය වූයේ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජය විසිනි.

පොඩි කුසල් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා අවසන් වූ අතර එයින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත…

එම තරගාවලි දෙක තුල දී ම ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළේ පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරමිනි. ඉන්දීය යොවුන් කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ ටෙස්ට් ක්‍රිකට් තරග දෙක ඉන්දීය කණ්ඩායම පහසුවෙන්ම ජයග්‍රහණය කළේය. එක්දින ක්‍රිකට් තරගාවලියේ 3-2ක් ලෙස අවසන් වූ නමුත් ප්‍රබල ඉන්දීය යොවුන් කණ්ඩායමට තියුණු සටනක් ලබා දීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.

ඉන්පසුව පැවැත්වුණු බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී තරුණ ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමවුවත් තරුණ එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් වූයේ ඉතාමත් හොඳ තරගාවලියක් නිමා කරමිනි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති තරුණ ටෙස්ට් ක්‍රිකට් තරග 7න් එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති අතර තවත් තරග 4ක් ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ ජය පරාජයෙන් තොරව අවසන් වූ ටෙස්ට් තරග දෙකට අමතරවයි. ඕස්ට්‍රේලියානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමක් සමඟ අවසන් වරට ටෙස්ට් තරගය ක්‍රීඩා කර ඇත්තේ 2000/01 වර්ෂවල දී ය.

එසේම මේ කණ්ඩායම් දෙක අතර එක්දින ක්‍රිකට් තරග 29ක් මේ දක්වා පවත්වා තිබෙන අතර එහි වැඩි වාසිය හිමිකරගෙන තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ක්‍රිකට් තරග 14ක් ජයග්‍රහණය තිබෙන්නේ තරුණ එක්දින ක්‍රිකට් තරග 12ක් පමණක් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වෙමිනි. එසේම තරග තුනක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

තරග කාලසටහන  

  • පළමු තරුණ එක්දින තරගය – ජනවාරි 3  – කොළඹ පී. සරා ඕවල්
  • දෙවන තරුණ එක්දින තරගය –  ජනවාරි 5 – කොළඹ පී. සරා ඕවල්
  • තෙවන තරුණ එක්දින තරගය –  ජනවාරි 7 – කොළඹ පී. සරා ඕවල්
  • එකම තෙදින ටෙස්ට් තරගය – ජනවාරි 10 -12 – SCC ක්‍රීඩා පිටිය

මේ ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග වාර්තා, සේයා රූ හා එසැණ තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<