ඉන්දියාවට එරෙහිව වන නවසීලන්ත සංචිතය නිකුත් වේ

189
New Zealand's Colin de Grandhomme avoids a bouncer during their Twenty20 cricket match against Australia at the Sydney Cricket Ground in Sydney on February 3, 2018. (Photo by PETER PARKS / AFP) / --IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE--

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ ප්‍රථම තරග 3 සඳහා වූ නවසීලන්ත සංචිතයට කොලින් ග්‍රැන්ඩ් හොම්, ටොම් ලැතම් හා මිචෙල් සැන්ට්නර් කැඳවීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඩැරන් බ්‍රාවෝ යළිත් කොදෙව් ටෙස්ට් සංචිතයට

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හී අංක තුන ස්ථානය අත්පත් කරගෙන සිටින ප්‍රබල එංගලන්ත කණ්ඩායමෙන් තම නිජබිම තුල දී ම එල්ල වන ටෙස්ට් අභියෝගය සඳහා මුහුණ දීමට 13 දෙනෙකුගෙන්…

ශ්‍රී ලංකාව සමඟ පැවති තරගාවලියේ තුන්වැනි තරගයේ දී සිදු වූ ආබාධයක් නිසා ජේම්ස් නීශම්ට මෙම තරග තුන අහිමි වී ඇති අතර ඔහුගේ ස්ථානය කොලින් හට හිමිවී තිබේ. ජේම්ස් නීශම් ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග තුනේ දී ම කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර ඔහු එම තරග තුනේ දී ලකුණු 123ක් ලබා ගත්තේ පන්දු 56කට පමණක් මුහුණ දෙමිනි. ශ්‍රී ලංකා තරගාවලියේ දී ක්‍රීඩා නොකළ ටොම් ලේතම් මෙම සංචිතයට කැඳවා ඇත්තේ ටිම් සයිෆර්ට්ගේ ස්ථානය සදහායි. ටොම් සයිෆර්ට් එම තරගාවලියේ තරග දෙකකට ක්‍රීඩා කර ලකුණු 33ක් පමණක් ලබා ගැනීම නිසා මෙම ඉන්දීය තරගාවලිය අහිමි වී ඇත. ටොම් ලේතම් කඩුලු රකින්නා ලෙස ද ක්‍රීඩා කරනු ඇත.

14 දෙනෙක්ගෙන් යුත් මෙම සංචිතයට කලකට පසු මිචෙල් සැන්ට්නර් කැඳවා ඇති අතර ඔහු අවසන් වරට නවසීලන්තය සඳහා එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2018 වර්ෂයේ මාර්තු මාසයේ දී වීම විශේෂත්වයකි.

මෙම සංචිතය පිළිබඳව අදහස් දක්වමින් නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසා ඇත්තේ ඉන්දියාවට එරෙහිව මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීම හා එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණු වූ බවයි.

ICCයේ ලොකු පුටුවකට අලුත් අයෙක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මනූ ස්වෝනි මහතා පත්කර තිබෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. සිංගප්පූරු ක්‍රීඩා…

ඔහු තවදුරටත් අදහස් දක්වමින්, “ටොම් හා කොලින් කියන්නේ එක්දින තරග සඳහා පලපුරුදු ක්‍රීඩකයන්. මිචෙල් සහ ඩග් පසුගිය සිකුරාදා පැවති විස්සයි විස්ස තරගයේ දී ඔවුන්ට කළ හැකි දේ පෙන්වුවා. නිශම් සහ දණහිසේ  ආබාධයකට ලක්වී සිටින ටොඩ් ඇස්ට්ල් අවසන් තරග දෙක සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් තිබෙනවා. නිශම්ගේ දක්ෂතා ගැන අපි පැහැදීමකින් ඉන්නවා. ටොඩ් ඇස්ට්ල් පසුගිය වසරේ දී දැක්වූ දක්ෂතා ගැන අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. වැදගත් වෙන්නේ ඔවුන්ගේ ආබාධ සුව වුනාට පස්සේ ඔවුන්ව නැවතත් සුපුරුදු රිද්මයට රැගෙන ඒමයි” ලෙස පැවසීය.

14 දෙනෙක්ගෙන් යුත් නවසීලන්ත සංචිතය – කේන් විලියම්සන් (නායක), ට්‍රෙන්ට් බෝල්ට්, ඩග් බ්‍රේස්වෙල්, කොලින් ග්‍රැන්ඩ් හෝම්, ලෝකි ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, මැට් හෙන්රි, ටොම් ලැතම්, කොලින් මුන්රෝ, හෙන්රි නිකොල්ස්, මිචෙල් සැන්ට්නර්, ඉශ් සෝදි, ටිම් සවුතී, රොස් ටේලර්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<