කාසියේ වාසියට සමුදීමට කාලය හරි ද?

910
AFP

නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියේ දී ප්‍රථමයෙන් පිතිකරණයේ/ පන්දුකරණයේ යෙදෙන කණ්ඩායම තීරණය කිරීමට යොදාගනු ලබන සාම්ප්‍රදායික කාසිය වාසිය උරගා බැලීම වෙනුවට පිත්තේ වාසිය උපයෝගි කරගැනීමට එකඟතාවකට පැමිණ ඇත.

ශායි හෝප්ගෙන් බංගලියන්ට එරෙහිව වික්‍රමාන්විත ඉනිමක්

බංග්ලාදේශය සහ බටහිර ඉන්දී කොදෙව්වන් අතර අද (11) මිර්පුර් හි ශේර් බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගය තනිකරම තමන්ගේ සහ බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ තරගයක්…

කාසිය උඩ දැමීමේ දී භාවිත කළ “Heads or Tails” යන නාමයන් වෙනුවට මෙහි දී “Hill or Flat යන පද යුගලය භාවිත වේ.

බීග් බෑෂ් ලීගයේ සංවිධායක  නිලධාරි මහත්වරුන් පවසන අන්දමට කාසිය වෙනුවට පිත්ත භාවිත කිරීමෙන් කණ්ඩායම දෙකටම අසාධාරණයක් නොවන පරිදි සර්ව සාධාරණ ප්‍රතිඵලයක් ලබාගත හැකි බවයි.

බිග් බෑෂ් ලීගය භාරව කටයුතු කරන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩල ප්‍රධානි කිම් මැක්’කොනී මහතා මෙසේ සිය අදහස් පළ කළේය.

පෞද්ගලිකව මම විශ්වාස කරනවා මේක ඉතා අනගි අවස්ථාවක් බීග් බෑෂ් ලීගයේ අනන්‍යතාවය ලෝකයට හඬ ගා කියන්න.”

කාසියේ වාසිය උරගා බැලීම මෑත කාලයේ දී ක්‍රිකට් ලෝකයේ වඩාත් කථා බහට ලක්වූ මාතෘකාවක් වුනු අතර ඇතැම් විචාරක දෘෂ්ටිකෝණයන්ට අනුව ආරාධිත කණ්ඩායමට කාසියේ වාසිය උරගා බැලීමකින් තොරව පන්දුවට පහර දීමේ හෝ පන්දු යැවීමේ අයිතිය ලබා යුතු බවය.

IPL සත්කාරකත්වය පිළිබඳ අර්බුදය උග්‍ර වෙයි

IPL තරගාවලියේ දොළොස්වැනි අදියර ලබන වසරේ මාර්තු මස 29 වැනිදා ඇරඹීමට කටයුතු සූදානම් කරමින් පවතින බව BCCI හෙවත් ඉන්දීය ක්‍රිකට් පාලන මණ්ඩලය පසුගිය දිනක…

කාසියේ වාසිය මගින් සත්කාරක කණ්ඩායමට අමතර රුකුලක් හිමි වීමේ සම්භාවිතාවක් පවතින හෙයින් ටෙස්ට් තරගවලින් මෙම අංගය ඉවත් කර යුතු බවත්, මෙම තීරණය ක්‍රියාවට නැංවීමට තමන් සහය දක්වන බවත් එංගලන්තය සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි.

මෙම පිත්ත යොදාගැනීමේ තීරණය backyard cricket සංකල්පයෙන් වියුත්පන්න වූවක් ලෙස බෙහෝ දෙනෙක් විශ්වාස කරන අතර වැඩිදුර අදහස් දැක්වූ මැක්’කොනී මහතා,

බොහෝ දෙනා වෙනසකට මුල පුරන්න බයක් සහ මැලිකමක් දක්වනවා. මේ වෙලාවේ මෙයට විරුද්ධව කථා කරන පිරිස්වලට මම අභියෝග කරනවා පුළුවන් නම් අවසන් වතාවට තරගයක් ආරම්භ කලින් ඕනෑකමකින්, උනන්දුවකින් කාසිය වාසිය නරඹපු අවස්ථාවක් කියන්න කියලා.” යැයි පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<