6 වන වරට පැවති නීතිඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (20) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහිදී පන්දුවාර 30 කදී ලකුණු 203ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමින් ලෝක කුසලානයේ ජයග්‍රාහකයින් බවට පත්වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

රවී ශාස්ත්‍රිගේ පිහි ඇනුමට ලක්වන ශ්‍රී ලාංකිකයන්ට බෙහෙත්

“ලොව හොඳම පන්දු රකින්නන් අප සතුයි”. මෙසේ කියන්නේ රවී ශාස්ත්‍රී යි. 90 දශකයේදී ඉහත වාක්‍යය සවන වැකුණි නම් සිනහවෙන් …

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී පිළිවෙළින් පාකිස්ථාන සහ ඉන්දීය කණ්ඩායම් හමුවේ පරාජයට පත්වූ නමුත් එම කණ්ඩායම් දෙක තුළ නීතිඥයින් නොවන පුද්ගලයින් ක්‍රීඩා කර තිබූ අතර ඉන් සමහරක් පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් බව ද අනාවරණය විය. ඒ අනුව තරගාවලි කමිටුව පාකිස්ථානය සහ ඉන්දියාව තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 33ක් තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 224ක් ලබා ගැනීමට සමත් විය. එහි දී වමත් පිතිකරු ජොන් වෙලේන්ග් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දු 82ක දී වේගවත් ලකුණු 105ක් රැස්කර ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගපන්දු යවන්නන් වන යොහාන් ජිනසේන සහ අසේල පටබැඳි කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

ලකුණු 225ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට නම් ඉනිමේ පළමු පන්දුවාරයේ සිටම වේගයෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නට සිදු විය. පන්දුවාර 26.5ක දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 174ක් ලබාගෙන සිටි අතර එහි දී වර්ෂාව හේතුවෙන් මද වේලාවක් තරගය නතර කර තිබීමට සිදු විය. පසුව නැවතත් තරගය ආරම්භ කෙරුණු අතර තරගය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ‘ඩක්වත් ලුවිස් (D/L)’ න්‍යායට අනුව පන්දුවාර 30ක දී ලකුණු 203ක ඉලක්කයක් හිමි විය. එහි දී උණුසුම් තරගයකින් අනතුරුව පන්දුවාර 30ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 196ක් පමණි. ඒ අනුව ලකුණු 6කින් තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් නික් ලේඩන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැදගත් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දකුණත් පිතිකරු තුසිත රණතුංග පන්දු 42ක දී වේගවත් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුවත් ඔහුගේ උත්සාහය අසාර්ථක කරමින් තරගය ලකුණු 6කින් ජයග්‍රහණය කරමින් ලෝක කුසලානයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ලකුණු සාරාංශය

ඕස්ට්‍රේලියාව – 224/8 පන්දුවාර 33 කදී – ජොන් වෙලේන්ග් 105, සෙබ් රීඩ් 31, ගැරත් මැක් කැස්කර් 24, අසේල පටබැඳි 3/31, යොහාන් ජිනසේන 3/52

ශ්‍රී ලංකාව – 196/9 පන්දුවාර 30 කදී – තුසිත රණතුංග 52, එර්ශාන් අත්තනායක 29, අසේල පටබැඳි 26, තුසිත් පල්ලෙවත්ත 23*, නික් ලේඩන් 4/41  

ප්‍රතිඵලය – ඕස්ට්‍රේලියාවට ලකුණු 6ක ජයක් (D/ L න්‍යායට අනුව)

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට