“මම යළි කිසිදා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සෙල්ලම් කරන එකක් නැතිවෙයි”- වෝනර්

694
David Warner

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පැවති ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා තෙවන ටෙස්ට් තරගයේ දී පන්දුව පළුදු කිරීමේ සිද්ධියට දඬුවම් ලැබූ ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ හිටපු උපනායක ඩේවිඩ් වෝනර් ඊයේ (30) පළමු වතාවට මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී විය.

ස්මිත් මාධ්‍ය හමුවේ හඬා වැටෙමින් සමාව ඉල්ලයි

“ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ නායකයා විදිහට මම එහි සියලුම වගකීම් බාර ගන්නවා.

සිද්ධිය පිළිබඳව දැඩිව කටයුතු කළ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඩේවිඩ් වෝනර්ට හා ස්ටීවන් ස්මිත් හට වසරක තරග තහනම බැගින් පැනවූ අතර කැමරන් බෑන්ක්‍රොෆ්ට් හට මාස නවයක තරග තහනමක් හිමි විය.

තිස්එක් හැවිරිදි වමත් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සියලු දෙනාගෙන් සමාව අයැද සිටි අතර සිද්ධියේ තමා අතින් සිදු වූ වරදේ වගකීම සම්පුර්ණයෙන් භාර ගන්නා බව ප්‍රකාශ කර සිටියේය.

“මට අවශ්‍ය වුනේ ක්‍රිකට් ක්‍රීඩාව හරහා මගේ රටට ගෞරවය ගෙන දෙන්න පමණයි. මම නැවත වරක් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරන එකක් නැති වෙයි” යැයි හැඟීම්බරව ඔහු ප්‍රකාශ කර සිටියේය.

මධ්‍ය හමුව පුරා කඳුළු සලමින් අදහස් දැක්වූ ඔහු, “සියලුම ඕස්ට්‍රේලියානුවන්ගෙන්  හා සියලුම ක්‍රීඩාලෝලීන්ගෙන් මම සමාව ඉල්ලනවා,මගේ ක්‍රියා කලාපය නිසා රටේ ප්‍රතිරූපයට හානි වීම පිළිබඳ මම සමාව ඉල්ලනවා” යැයි පැවසිය.

”මගේ කණ්ඩයමේ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා පිටියට පිවිසෙන්න බැරි වීම බොහොම වේදනාවක්, මම ආදරය කළ ගෞරව කළ මගේ සගයින්ව මම අපහසුතාවයට පත් කළා”

ඕස්ට්‍රේලියානු පුහුණුකරු ද ධුරයෙන් ඉල්ලා අස්වේ

ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ පුහුණුකරු ඩැරන් ලීමන් එළඹෙන සිකුරාදා

මෙම සිදුවීමට කණ්ඩයමේ වෙනත් ක්‍රීඩකයින් සම්බන්ධයි ද යනුවෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයට ඔහු සෘජු පිළිතුරක් ලබා නොදුන් අතර ඔහුගේ අතින් සිදු වූ වරදට ඔහු වගකීම භාරගන්නා බව නැවතත් පවසා සිටියේය,   

සිය ට්විටර් ගිණුම මගින් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ගන්නා ඕනෑම තීරණයක්, පරීක්ෂණයකට සහය දීමට තමා සූදානම් බවයි.

“මට උදව් කළ මං වෙනුවෙන් ජය ඝෝෂා නැගූ සියලුම ප්‍රේක්ෂකයින්ගෙන් මම සමාව ඉල්ලා සිටිනවා ඔබේ විශ්වාසය කඩ කිරීම පිළිබඳ, අපි අපේ රට අපහසුතාවයට ලක් කරා, අපි නරක තීරණයක් ගත්තා, මම බොහොම කනගාටු වෙනවා තෙවැනි දවසේ සිදු වූ සිදුවීම පිළිබඳ, අපි දන්නවා නරක තීරණයක් ගත්තොත් නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වන බව” වෝනර් පැවසීය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ඩේවිඩ් වෝර්නර් හට වසරක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර කිසිදු අවස්ථාවක ඔහුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමක නායකත්වයට පත් නොකරන අතරම පැය දහසක ස්වේච්ඡා සේවා කාලයක් ද දඬුවම් ලෙස ලබා දී තිබේ.

කෙසේ නමුත් මෙම අපකීර්තිමත් සිදුවීමත් සමඟින් ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන් ද සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. එමෙන්ම මීට පෙරාතුව මාධ්‍ය හමුවකට සහභාගී වූ ස්මිත් ද ඉතාමත් හැඟීම්බරව අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ, තමන් කළ වැරැද්ද පිළිගන්නා බවයි.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නව නායකයා ලෙස ටිම් පේන් තෝරා ගැනීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 46 වැනි ටෙස්ට් නායකයා ලෙස ඉතිහාසගත වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<