ශ්‍රී ලාංකිකයෙකු ජාත්‍යන්තර බොක්සිං තනතුරකට

624

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වර්තමාන උපසභාපති ධූරයේ කටයුතු කරන ඕබ්‍රි පීරිස් මහතා ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරීවරයෙකු ලෙස තේරී පත්ව තිබේ. කාන්තා බොක්සිං ලෝක ශූරතා තරගාවලිය අතරතුර ජාත්‍යන්තර බොක්සිං සංගමය විසින් පවත්වන ලද විභාගයකින් අනතුරුව ඔහු මෙම තනතුරට පත්ව ඇත.

මේරි කොම් හයවැනි වතාවටත් “එක” වෙයි

පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී අවසන් වූ ලෝක කාන්තා බොක්සිං ශූරතාවයේ දී ලෝක ප්‍රකට ක්‍රීඩිකා…..

ඕබ්‍රි පීරිස් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. පාසල් අවධියේ සිටම බොක්සිං ක්‍රීඩා කර ඇති ඔහු එහි දී විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් හිමිකර ගැනීමට සමත්ව තිබේ. පාසල් මට්ටමේ බොක්සිං ක්‍රීඩකයෙකුට හිමිකර ගත හැකි වටිනාම ශූරතාවය වන “ස්ටබ්ස් පළිහ” ශූරතාවය හිමිකර ගැනීමට 1985 වර්ෂයේ දී ඔහු සමත් විය. ඔහු 1984 වසරේ පැවති ටී. බී. ජයා අනුස්මරණ බොක්සිං තරගාවලියේ ශූරතාවය මෙන්ම 1985 වසරේ පැවති ෆ්‍රැන්සිස් ජයවර්ධන අනුස්මරණ කුසලාන බොක්සිං තරගාවලියේ ශූරතාවය ද හිමිකර ගැනීමට සමත්ව තිබේ.  

වර්ෂ 2011 සිට 2015 දක්වා ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ධූරයේ කටයුතු කළ ඕබ්‍රි පීරිස් මහතා ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවට මහඟු සේවයක් කළ පුද්ගලයෙකි. 2011 වසරේ දී පළමු තරු මට්ටමේ විනිසුරුවරයෙකු ලෙස සුදුසුකම් ලැබූ ඔහු එම වසරේ දකුණු කොරියාවේ දී පැවති ආසියානු ශූරතා බොක්සිං තරගාවලියේ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ කළමනාකරු ලෙස ද, 2016 වසරේ ඉන්දියාවේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ කළමනාකරු ලෙස ද කටයුතු කර ඇත.

Photos : 93rd BASL Men & Women National Boxing Championships 2018 | Final Day

ThePapare.com | Romold Newton | 25/11/2018 Editing and re-using images without…..

හිමි වූ නව පත්වීමත් සමඟ ජාත්‍යන්තර බොක්සිං සංගමයේ අනුදැනුම මත පවත්වන ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ බොක්සිං තරගාවලිවල ක්‍රීඩකයන්ගේ තාක්ෂණික මට්ටම විනිශ්චය කිරීමට ඕබ්‍රි පීරිස් මහතා කටයුතු කරනු ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <