ආසියාව ජය ගත් ශූරයින් ඉහළින් පිළිගැනේ

146

ජපානයේ ජිෆු නුවර පැවති 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර ශූරතාවලියේ පස්වැනි ස්ථානය සමඟ නැවත දිවයිනට පැමිණි ඔවුන් පිළිගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන්, ක්‍රීඩාලෝලීන්, ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්, විදුහල්පතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සහය දිවීමේ කණ්ඩායම් ආසියාව හොල්ලයි; සමස්ත පදක්කම් ගණන 9ක්

පසුගිය 7 වැනිදා ජපානයේ ගිෆූ හිදී ආරම්භ වූ කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අවසන් …

සමස්ත ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙතෙක් වාර්තා කළ ඉහළම ස්ථානයට ළඟා වූ ලක් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් සටහනේ පස්වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වූ අතර රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් හතරක් හා ලෝකඩ පදක්කම් දෙකක් සමඟින් මුළු පදක්කම් නවයක් ඔවුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා ගන්නා ලදි.

විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් පිළිගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජය සමරු සිහිවටන ප්‍රදානය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩාව පිළිබඳ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතා එක්විය.

>> ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අදහස් දක්වමින්, “රටවල් 35ක් සමඟින් ක්‍රීඩකයින් 13 දෙනෙක් සමඟ තරග කර පදක්කම් නවයක් දිනා ගැනීම විශිෂ්ට දක්ෂතාවයක්, මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගෙන හොඳ පුහුණුකරුවන් ලබා දී ඔලිම්පික් දක්වා ගෙනියන්න අපි දීර්ඝ කාලීන සැලැස්මක් හදන්න ඕන. අපි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයින් 83ක් යවලා අපිට ලැබුණු ප්‍රතිඵලයත්, ජපානයට කනිෂ්ඨ ක්‍රීඩකයින් 13න් දෙනෙකු යවලා ලැබුණු ප්‍රතිඵලයත් වෙනස්. අපේ අරමුණ දිවයිනේ ඉන්න දක්ෂයෝ හොයලා ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතා අතරට එන්න අවස්ථා නිර්මාණය කරලා දෙන එක.” යැයි පැවසිය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<