චම්පික නිතරගයෙන් සභාපති පුටුවට

173
Association of Sports Journalist

ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ එකමුතුවෙන් ස්ථාපනය කරන ලද “ක්‍රීඩා ජන මාධ්‍යවේදීන්ගේ සංගමය” පසුගිය දා (23) ශ්‍රී ලංකා පදනම්  ආයතනයේ දී නිල වශයෙන් ආරම්භ කළ අතර එහි සභාපති ලෙස “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චම්පික ප්‍රනාන්දු මහතා නිතරගයෙන් තේරී පත් විය.

වෙළඳසේවා දැල්පන්දු කිරුළ හැටන් නැෂනල් බැංකුවට

2017 වෙළඳසේවා දැල්පන්දු ශූරතාවලියේ ‘A’ කාණ්ඩයේ ටොරිංටන් ක්‍රීඩාංගණයේ දී පැවති…

ශ්‍රී ලංකාව තුල ස්ථාපිත සියලුම මාධ්‍ය ආයතනවල සේවයේ නියුතු මාධ්‍යවේදීන්ගේ නියෝජනයෙන් නව නිලධාරීන් මණ්ඩලයක් ද මෙහි දී තෝරාපත් කරගන්නා ලදි.

එහි දී ප්‍රධාන ලේකම් ධූරයට “මව්බිම” පුවත්පතේ ක්‍රීඩා කර්තෘ සිරිනාම රාජපක්ෂ මහතාත්, භාණ්ඩාගාරික ධූරයට “ලංකාදීප” හා “දේශය” ක්‍රීඩා මාධ්‍යවේදී යොහාන් භාසුර මහතාත් තෝරාපත් කර ගත් අතර ජාතික සංවිධායක ධූරය සඳහා “සිලෝන් ටුඩේ” පුවත්පතේ  කේ. රාම් ක්‍රිශ්ණන් මහතාත් තෝරාපත් කරගන්නා ලදි. තව ද මෙහි දී උප සභාපති ධූර හතරක් සඳහා යෝජනා විමසූ අතර එ් සඳහා පැතුම් ශ්‍රී විජේරත්න (අද), පාලිත සෙනරත් යාපා (ජාතික රූපවාහිනිය), නෙවිල් ඇන්තනි (වීරකේසරී), හසිත අකලංක (ස්වාධීන රූපවාහිනිය) යන පුද්ගලයින් නිතරගයෙන්ම තේරී පත්විය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ ආරාධනයෙන් මුලපිරුණු මෙම කටයුත්තේ නිලවරණය මෙහෙයවන ලද්දේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල් එරානන්ද හෙට්ටිආරච්චි, සැලසිනේ ආයතනයේ සභාපති ශාන්ත බණ්ඩාර හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය නිලධාරි ලහිරු සමරසිංහ යන මහත්වරුන් විසිනි.

ගමෙන් උපන් ශක්තියෙන් යොවුන් කාන්තා බොක්සිං ලෝක ශූරතාවයට

නොවැම්බර් 19 සිට 26 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි හිදී පැවැත්වෙන යොවුන් කාන්තා බොක්සිං.

එහි දී සංගමයේ සාමාජිකත්වය ලබා දීම, ව්‍යවස්ථාව සකස් කිරීම, වැනි ඉදිරි කටයුතු මෙම මස 30 වැනිදා පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිතයි.

සම්පුර්ණ නිලධාරී මණ්ඩලය

  • සභාපති – චම්පික ප්‍රනාන්දු (සන්ඩේ ටයිම්ස්)
  • ලේකම් – සිරිනාම රාජපක්ෂ (මව්බිම)
  • උප සභාපතිවරු –  පැතුම් ශ්‍රී විජේරත්න (අද), පාලිත සෙනරත් යාපා (ජාතික රූපවාහිනිය), නෙවිල් ඇන්තනි (වීරකේසරී), හසිත අකලංක (ස්වාධීන රූපවාහිනිය).
  • භාණ්ඩාගාරික – යොහාන් භාසුර (ලංකාදීප)
  • ජාතික සංවිධායක – කේ. රාම් ක්‍රිෂ්ණන් (සිලෝන් ටුඩේ)
  • උප ලේකම් – සුරේෂි ගුණසේකර (ජාතික රූපවාහිනිය)
  • උප භාණ්ඩාගාරික – නුවන් උදාර කරුණාරත්න (ITN FM)
  • කැඳවුම්කරු – ලහිරු සමරසිංහ (ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය නිලධාරි)

කාරක සභිකයින් – රිෂාඩ් මොහොමඩ් (ThePapare), අසේල විතාන (දිවයින), සීවලී එදිරිවීර (රිවිර), චමිල කරවිට (ජනයුගය), මංජුල බස්නායක (ස්වර්ණවාහිනී), සුනිල් අබේගුණවර්ධන (රංගිරි), ප්‍රසාද් සේනාධීර (රිදම්), කමල් සුජීව (ගුවන් විදුලි සංස්ථාව), සුමින්ද ජයසිරි (දෙරණ), කසුන් කැලුම් (නෙත් FM),

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<