ආසියාවේ මුල් දහයට ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමක්

912

ඊයේ (05) දිනයේ දී නිමාවට පත්වූ ආසියානු කාන්තා අන්තර් සමාජ වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම තරගාවලියේ නවවැනි (09) ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ආසියානු ශූරතාවයේ ඉදිරියටම

2019 ආසියානු අන්තර් සමාජ කාන්තා වොලිබෝල් තරගාවලිය මේ දිනවල චීනයේ ……………

පසුගිය 04 වැනිදා පැවති ශ්‍රේණිගත කිරීමේ තරගයක දී තුර්ක්මෙනිස්තානය නියෝජනය කරමින් තරග වැදුණු “බිනාගර්” කාන්තා වොලිබෝල් ක්‍රීඩා සමාජය තරග වට 3-0ක් (13-25, 22-25, 24-26) ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම හමුවේ පරාජයට පත්විය. ඒ අනුව තරගාවලියේ නවවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමට හිමි විය.

චීනයේ Tianjin නුවර පැවති මෙම තරගාවලිය සඳහා රටවල් 10ක් නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩා සමාජ 10ක් තරග වැදුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ දී තරග 5කට සහභාගී වූ අතර ඉන් ජයග්‍රහණය කිරීමට හැකි වූයේ එක් තරගයක් පමණි. එම තරගය ද තුර්ක්මෙනිස්තානය නියෝජනය කළ “බිනාගර්” කාන්තා වොලිබෝල් ක්‍රීඩා සමාජය සමඟ පැවති අතර එය තරග වට 3-0ක් (25-13, 25-22, 25-15) ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය.

මූලික වටයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම ජපානයේ හිසාමිට්සු කණ්ඩායම සමඟ පැවති තරගය තරග වට 3-0ක් (10-25, 07-25, 07-25) ලෙස ද, තායිලන්තයේ ජෙනරල් සුප්‍රිම් කණ්ඩායම සමඟ පැවති තරගය තරග වට 3-0ක් (20-25, 15-25, 17-25) ලෙස ද, උතුරු කොරියානු ඒප්රියල් – 25 කණ්ඩායම සමඟ පැවති තරගය තරග වට 3-0ක් (08-25, 16-25, 18-25) ලෙස සහ වියට්නාමයේ බිනා ඩීන් කණ්ඩායම සමඟ පැවති තරගය තරග වට 3-0ක් (14-25, 09-25, 14-25) ලෙස පරාජයට පත්විය.

ලසිඳු, ජනිත ප්‍රමුඛ වරාය ක්‍රීඩකයින්ගෙන් ඓතිහාසික ජයක්

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා චීනයේ ටියැන්ග්ජින් කණ්ඩායම සහ තායිලන්තයේ ජෙනරල් සුප්රීම් කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර එහි දී තරග වට 3-1ක් (25-18, 35-33, 16-25, 25-19) ලෙස චීනයේ ටියැන්ග්ජින් කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරගාවලියේ තෙවැනි ස්ථානය ජපානයේ හිසාමිට්සු කණ්ඩායමට හිමි විය. ඒ තෙවැනි ස්ථානය සඳහා වන තරගයේ දී කසකස්තානයේ අල්ටේ කණ්ඩායම තරග වට 3-1ක් (28-30, 25-21, 25-19, 25-13) ලෙස පරාජයට පත් කරමිනි.

මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට නම් ඒ ඒ රටවල් හි අන්තර් සමාජ තරගාවලිය ජයග්‍රහණය කළ යුතු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවේ 2018 වසරේ මන්චි ජාතික වොලිබෝල් ශූරතාවය හිමිකර ගනිමිනි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<