ශ්‍රී ලංකාවට 10 වන තැන

308

වයස අවුරුදු 23න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතා තරගාවලියේ ඊයේ (7) පැවැත්වූ තරග වලින් ජයග්‍රහණ ලබා ගැනීමට උස්බෙකිස්තානය, ජපානය, තායිලන්තය, ඉරානය හා චීන තායිපේ යන කණ්ඩායම් සමත් විය. පැවති ශ්‍රී ලංකා උස්බෙකිස්තාන තරගය වට 3-0ක් ලෙස පරාජයට පත්වීම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ 10 වන ස්ථානයයි.

උස්බෙකිස්තානය හමුවේ ලාංකිකයන් ජවය පෙන්වයි

දෙවන ආසියානු 23න් පහළ වොලිබෝල් ශූරතාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා 23න් පහළ කණ්ඩායම අද (04) උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ අතර එහි දී වට 3-2ක් වශයෙන් තියුණු ජයක්….

ශ්‍රී ලංකා – උස්බෙකිස්තාන තරගය

මෙම තරගය 23න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතා තරගාවලියේ 9 හා 10 වැනි ස්ථානයන් තීරණය කිරීම උදෙසා පැවැත්විය.  ශ්‍රී ලංකා කණ්ඩායම විසින්, මෙම තරගාවලියේ දී මීට පෙර පැවැත්වූ කාණ්ඩ ගත කිරීමේ තරගයක දී උස්බෙකිස්තානය වට 3-2ක් ලෙස පරාජයට පත්කරමින් වැඩි වාසියක් අත්පත්කර ගෙන තිබූ අතර, මෙවර ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ දුර්වලතා හා අඩුපාඩු මනාව හඳුනා ගත් උස්බෙකිස්තානය ශ්‍රී ලංකා කණ්ඩායම වට 3-0ක් ලෙස පරාජයට පත්කරන ලදි. තරග තුනම අවසන් වූ පසුව දිස්වූ ලකුණු පුවරුව මෙසේ සටහන් විය. 23-25, 21-25, 21-25

ඒ අනුව එම තරගය ජයග්‍රහණය කළ උස්බෙකිස්තානය මෙම තරගාවලියේ 9 වැනි ස්ථානය දිනා ගන්නා ලදි.

අර්ධ අවසන් පූර්ව තරග

ජපානය හා මැලේසියානු තරගය

බොහෝමයක් දෙනාගේ අවධානයට පත්වූ මෙම තරගය මෙම තරගාවලියේ  පළමු අර්ධ අවසන් පූර්ව තරගය ලෙසින් ඉරානයේ අර්ඩාබිල් හිදී අවසන් වූයේ, වට 3-0ක සුපිරි ජයග්‍රහණයක් ප්‍රබල ජපාන කණ්ඩායම වෙත හිමිකර දෙමිනි. එම තරගය අවසානයේ ලකුණු පුවරුව මෙසේ දිස්විය. 25-18, 25-23, 25-23

තායිලන්තය හා පකිස්තාන තරගය

මෙම  තරගය වට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට තායිලන්තය සමත් විය. එහි ලකුණු පුවරුවේ දත්තයන් 25-22, 25-18, 25-17 .

ඉරානය හා කසකස්තාන තරගය

25-09, 25-17, 25-14 ලෙස ලකුණු පුවරුව සටහන් කරමින් අවසන් වූ තරගය වට 3-0ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉරාන කණ්ඩායම සමත් විය.

චීනය හා චීන තායිපේ තරගය

මෙම අවසන් පූර්ව තරග 4 අතුරෙන් ඉතාමත් උණුසුම්කාරීම හා තියුණු තරගය ලෙස අවිවාදයෙන් පිළිගැනීමට සිදු වන තරගය ලෙසින් චීනය හා චීන තායිපේ අතර තරගය හැදින්වීමට හැකිය. එම තරගය වට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට චීන තායිපේ කණ්ඩායම සමත් වුවත්, ප්‍රබල චීන කණ්ඩායම ද සුපිරි සටනක් ලබා දීමට සමත් විය. එහි ලකුණු පුවරුව 19-25, 27-29, 23-25 ලෙස දිස්විය.

ඒ අනුව, මෙම තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක ඉරානය, තායිලන්තය, ජපානය හා චීන තායිපේ යන කණ්ඩායම් සමත් විය.

5, 6, 7 හා 8 වැනි ස්ථානයන් සඳහා අර්ධ අවසන් පූර්ව තරගවල දී පරාජයට පත්වූ කසකස්තානය, මැලේසියාව, චීනය හා පකිස්තානය එකිනෙකා සමඟින් තරග වදිනු ඇත.

එම තරග අද (8) ඉරානයේ අර්ඩාබිල් හිදී පහත කාලසටහනට අනුව පැවැත්වේ.

  • 5-8 ස්ථාන සඳහා – පකිස්තාන හා කසකස්තානය
  • 5-8 ස්ථාන සඳහා – චීනය හා මැලේසියාව
  • පළමු අවසන් පූර්ව තරගය – ජපානය හා චීන තායිපේ
  • දෙවන අවසන් පූර්ව තරගය – ඉරානය හා තායිලන්තය

බොහෝමයක් වොලිබෝල් විස්තර විචාරකයින් පවසන්නේ, ජපානය හා සත්කාරක ඉරානය ලබන 9 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා බොහෝ දුරට සුදුසුකම් ලබාගනු ඇති බවටයි.

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට