ප්‍රබල ජපානය පරදා ශ්‍රී ලංකාවට ජය

381

තාලියන්තයේ ‘Nakhon Pathom’ හිදී පැවැත්වෙන 2018 වයස අවුරුදු 19න් පහළ වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි කාණ්ඩයේ දී ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් ප්‍රබල ජපාන කණ්ඩායම පරාජයට පත්කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

19න් පහළ ආසියානු බීච් වොලිබෝල් ශූරතාවයට ශ්‍රී ලංකාවත්

දෙවන වරටත් පවත්වන වයස අවුරුදු 19න් පහළ ආසියානු බීච් වොලිබෝල් ශූරතා තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා බාලක හා බාලිකා බීච් වොලිබෝල් ක්‍රීඩකයින්…

දින තුනක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලිය කාන්තා හා පිරිමි අංශ දෙක ඔස්සේම පැවැත්වෙන අතර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් 37න් කණ්ඩායම් 23ක් පිරිමි කණ්ඩායම් වේ. එමෙන්ම මෙම තරගාවලිය හරහා ආජන්ටිනාවේ දී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා සහ චීනයේ දී පැවැත්වෙන FIVB වෙරළ වොලිබෝල් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට කණ්ඩායම් ද තෝරාගනු ලබයි.

තරගාවලිය සඳහා එක්වන පිරිමි කණ්ඩායම ‘F’ කාණ්ඩයෙන් තරග වදින අතර එහි සිටින අනෙක් කණ්ඩායම් වන්නේ ජපානය සහ පිලිපීනය යි. ඒ අනුව මහේල ඉන්දීවර සහ කවිඳු මලින්දගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ප්‍රබල ජපානයට එරෙහිව පැවති අතර එහි පළමු වටය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 20-22ක් ලෙස ජයගන්නට ජපානය සමත් විය.

කෙසේ නමුත් පළමු වටයේ දී සිදු වූ අත්වැරදීම් නිවැරදි කර ගනිමින් දෙවන වටය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම වටය ලකුණු 21-16ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයේ තීරණය තුන්වන වටය දක්වා රැගෙන යන්නට සමත් විය. අනතුරුව තුන්වන වටය ලකුණු 15-6ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය.       

Beach Volleyball tournament on March 31st

The 2018 National Beach Volleyball Tournament will be held on 31st March and 1st April at the Kudapaduwa…

අනෙක් පසින් ‘A’ කාණ්ඩය ඔස්සේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පළමු තරගය පැවතියේ තරගාවලිය සඳහා එක්වන ප්‍රබලතම කණ්ඩායම වන තායිලන්තය සමඟ යි. එහි දී ඔවුන්ට ඉතා හොඳ තරගයක් ලබා දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත් එය ඔවුන් ලකුණු 21-17ක් සහ 21-14ක් වශයෙන් පරාජයට පත්විය.

පළමු දිනයේ ප්‍රතිඵල

   බාලක   

A කොටස: තායිලන්තය සහ මැලේසියාව 2-0 (21-15 21-12), මැලේසියාව සහ මියන්මාරය 2-1 (21-17 15-21 15-5), තායිලන්තය සහ මියන්මාරය 2-0 (21-9 21-15)

B කොටස: කාම්බෝජියාව සහ කටාර් 2-0 (21-14 21-11), පාකිස්තානය සහ කාම්බෝජියාව 2-0 (21-13 21-15), පාකිස්තානය සහ කටාර් 2-0 (21-14 21-12)

C කොටස: ඉන්දුනීසියාව සහ ඉන්දියාව 2-0 (21-14 21-5), ඉන්දියාව සහ නේපාලය 2-0 (21-7 21-8), ඉන්දුනීසියාව සහ නේපාලය 2-0 (21-5 21-13)

D කොටස: ඉරානය සහ චයිනීස් තායිපේ 2-1 (21-14 15-21 15-12), ඉරානය සහ වියට්නාම් 2-0 (21-0 21-0) Forfeit of Team B

E කොටස: කසකස්තානය සහ ලාඕසය 2-0 (21-9 21-2), කසකස්තානය සහ සවුදි අරාබිය 2-0 (21-0 21-0) Forfeit of Team B

F කොටස: ශ්‍රී ලංකාව සහ ජපානය 2-1 (20-22 21-16 15-6), ජපානය සහ පිලිපීනය 2-0 (21-0 21-0) Forfeit of Team B

G කොටස: ඕමාන් සහ මෝල්ඩිව්ස් 2-0 (21-14 21-12)

H කොටස: හොංග් කොංග් 2-0 (21-15 21-16)

   බාලිකා   

A කොටස: තායිලන්තය සහ ශ්‍රී ලංකාව 2-0 (21-17 21-14), තායිලන්තය සහ සිංගප්පූරුව 2-0 (21-8 21-10)

B කොටස: චීනය සහ වියට්නාමය 2-0 (25-23 21-17), චීනය සහ චයිනීස් තායිපේ 2-1 (16-21 21-15 15-10)

C කොටස: ජපානය සහ හොංග් කොංග් 2-0 (21-17 21-8), මෝල්ඩිව්ස් සහ මියන්මාරය (21-16 21-11), ජපානය සහ මියන්මාරය 2-0 (23-21 21-10), හොංග් කොංග් සහ මෝල්ඩිව්ස් 2-0 (21-17 21-14)

D කොටස: ඉන්දුනීසියාව සහ කසකස්තානය 2-0 (21-17 21-16), ඉන්දියාව සහ ලාඕසය 2-0 (21-14 21-15), කසකස්තානය සහ ලාඕසය 2-0 (21-9 21-3), ඉන්දුනීසියාව සහ ඉන්දියාව 2-0 (21-8 21-14)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<