මාලදිවයින පරාජය කළ ශ්‍රී ලංකාවට 13 වන තැන

873

19 වන වරටත් පැවැත්වෙන ආසියානු කාන්තා ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වට 3-0ක් ලෙස මාලදිවයින් කණ්ඩායම පරාජයට පත්කරමින් එම තරගාවලියේ 13 වන ස්ථානය හිමි කර ගැනීමට අද (15) සමත් විය. මෙම තරගාවලියේ පිලිපීනයේ පැවැත්වේ.

ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය වාර්තා කරයි

පිලිපීනයේ දී පැවැත්වෙන 19 වන ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ G කාණ්ඩය යටතේ, තරගාවලියේ 9-12 ස්ථාන තීරණය කිරීම සඳහා පැවැත්වෙන තරග වටයේ දී ශ්‍රී ලංකා…

ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම 115 වන ස්ථානයේ පසුවන අතර, 9 සිට 13 දක්වා වූ ස්ථාන තෝරා ගැනීමට පැවැත්වූ තරගයේ දී ලෝක ශ්‍රේණිගත කිරීමේ 66 වන ස්ථානයේ පසුවන හොංකොං කණ්ඩායම තියුණු තරගයකින් පසුව වට 3-2ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කෙසේ නමුත් එයට පසුව පැවැත්වූ තරගයේ දී නවසීලන්ත කණ්ඩායම හොංකොං කණ්ඩායම හමුවේ වට 3-0 ක් (25-16, 25-20, 25-12) ලෙස පරාජය වූවාය. එයට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ මූලික වටයේ දී නවසීලන්තය හමුවේ වට 3-1ක් (25-20, 23-25, 18-25, 19-25) ලෙස  පරාජය වූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට 13 හා 14 ස්ථානයන් සඳහා පැවැත්වෙන තරගයට සහභාගි වීමට සිදු විය.

Pool G

pool G (1)

මාලදිවයින් කණ්ඩායමට එරෙහිව පැවැත්වූ එම තරගයේ පළමු වටය තුල ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු තරගයක් ලබා දීමට ඔවුන් සමත් විය. කෙසේ නමුත් එම වටය අවසන් වූයේ ලකුණු 25-19ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ජය හිමි කර දෙමිනි.

දෙවන හා තෙවන වටවල දී මාලදිවයින් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකා වොලිබෝල් ලලනාවන් පිළිවෙළින් ලකුණු 25-13ක් ලෙස හා 25-14ක් ලෙස අවසන් තරග වට දෙක ජයග්‍රහණය කරමින් තරගාවලියේ 13 වන ස්ථානය හිමිකර ගන්නා ලදි. මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චතුරිකා රණසිංහ හා වාසනා මදුමාලි කැපී පෙනෙන දස්කම් දැක්වූවාය.

මෙම තරගාවලියේ දී මාලදිවයින් කණ්ඩායමට එකදු තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට අවස්ථාව උදානොවීම ද කැපීපෙනෙන සිදුවීමක් විය.

මෙම තරගාවලිය ලබන 17 වැනිදා අවසන් වීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරග සියල්ලම අවසන් වී ඇත.

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට