ශ්‍රී ලංකා යෞවනයෝ ආසියාවේ දැවැන්තයින් හමුවේ රන් රිදී දිනති

1082

ජපානයේ ගීෆූ නුවර දී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වූ අද (08) දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

එහි දී මීටර් 400 බාලක ඉසව්වේ රන් පදක්කම අරුණ දර්ශනත්, එම ඉසව්වේම රිදී පදක්කම පසිඳු කොඩිකාරත්, මීටර් 400 බාලිකා ඉසව්වේ රිදී පදක්කම ඩිලිෂි කුමාරසිංහත් සහ මීටර 100 බාලිකා ඉසව්වේ රිදී පදක්කම අමාෂා ද සිල්වා විසිනුත් දිනා ගන්නා ලදි.

ශ්‍රී ලංකා කනිෂ්ඨයින් ජපානයේ දී විශිෂ්ට දස්කම් දක්වයි

18 වැනි වරටත් පැවැත්වෙන කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය අද (7) ජපානයේ…

මීටර් 400 බාලක අවසන් මහා තරගය සඳහා තරග කළ අරුණ දර්ශන සහ පසිඳු කොඩිකාර පිළිවෙළින් 7 වන හා 5 වන මංතීරුවෙන් ධාවනය ආරම්භ කළ අතර ආරම්භයේ සිටම අරුණ සුපුරුදු තරග විලාසයෙන් ගිෆූ ධාවන පථයම උඩු යටිකුරු කරමින් තමාගේ පැහැදිලි ඉදිරිය ලබා ගන්නා විට ඔහුගේ සහෘදයා පසිඳු ද තම ජයග්‍රහණ වෙනුවෙන් ඉදිරියට ඇදුණේය.

එහි දී තම හොඳම පෞද්ගලික කාලය ලෙස තත්පර 45.79ක කාලයක් වාර්තා කරමින් මීටර් 400 ඉසව්ව අවසන් කරන අරුණ දර්ශන රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

2006 වසරේ රොහාන් ප්‍රදීප් කුමාරගෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තත්පර 46යේ සීමාව බිඳ හෙළු ප්‍රථම අවස්ථාව මෙය වන අතර නව තරග වාර්තාවක් ද සමඟින් 2018 වසරේ සියලු ධාවකයින් අතර ආසියාවේ සයවැන්නා බවට පත්වන්නට ද අරුණ අද සමත් විය. තවද ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික වාර්තාව ද මේත් සමඟින් බිඳ වැටුණි.

පසිඳු කොඩිකාර ද තත්පර 46.93ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.

ශ්‍රී ලංකාව පිලිපීනයේ දී පදක්කම් තුනක් දිනයි

පිලිපීනයේ ඉලගාන් හි පැවති පිලිපීන ජාතික විවෘත ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ක්‍රීඩකයින්…

ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යහන 12.00ට ඩිලිෂි සහභාගී වූ මීටර් 400 බාලිකා තරග ඉසව්ව ආරම්භ විය. සත්වැනි මං තීරුවෙන් ධාවනය ආරම්භ කළ ඇය පළමු මීටර් 100 දී දැඩි පීඩනයකට ලක්වූයේ ජපන් සහ ඉන්දියානු ක්‍රීඩිකාවන්ගේ ධාවනය නිසාවෙනි.

නමුත් මීටර් 200 නැම්මට ළඟාවෙත්ම ඉන්දියානු ක්‍රීඩිකා ජිස්නා සහ තායිපේ ක්‍රීඩිකා යන්ග් තරගයේ පැහැදිලි ඉදිරියක් ලබා ගන්නා බවක් පෙනුණ ද, ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් වූ ඩිලිෂි අවසන් මීටර් 100 දී තායිපේ ක්‍රීඩිකාව අභිබවා යමින් දෙවැන්නා ලෙස තරගය නිමා කළේ ඉන්දියානු ක්‍රීඩිකා මැතිව්ස් හට ද හොඳ අභියෝගයක් වෙමිනි.

ඩිලිෂි විසින් තත්පර 54.03ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් සිය හොඳම පෞද්ගලික කාලය වාර්තා කිරීමට සමත් විය. මෙහි ප්‍රථම ස්ථානය දිනූ ජිස්නා මැතිව්ස් ද ඇයගේ හොඳම කාලය වාර්තා කරමින් තරගය නිමා කළේ තත්පර 53.26 කාලයක් වාර්තා කරමිනි.

දිනයේ පැවති අවසන් තරගය වන මීටර් 100 බාලිකා ධාවන ඉසව්වේ දී කාගේත් කතාබහට ලක්වුණු චීන ක්‍රීඩිකාවක් වන ෆෙන්ග් ලුලූ සහ අමාෂා එක ළඟ මංතීරු දෙකක දී ධාවනය ආරම්භ කළාය.

සාර්ථක ආරම්භයක් සමඟින් අමාෂා ප්‍රථම මීටර් 10 දී ම ත්වරණය ආරම්භ කළ අතර අනෙක් පසින් ලුලූ ද තම උපරිම වෙර දරමින් අමාෂාට දැඩි පීඩනයක් එල්ල කළාය.

තරගයේ අවසන් මීටර් 10ට එළඹෙත්ම ප්‍රථම ස්ථානය සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර පමණක් දැඩි සටනක් නිර්මාණය වූ අතර අමාෂාට තරගයේ රිදී පදක්කමට හිමිකම් කීමට සිදු වූයේ තත්පර දශම 3කින් ෆෙන්ග් ලුලු තරගය නිමා කළ නිසාවෙනි.

එහි දී අමාෂා රිදි පදක්කම සමඟින් තමාගේ හොඳම කාලය වාර්තා කිරීමට සමත් වූයේ තත්පර 11.71කින් තරගය අවසන් කරමිනි. රන් පදක්කම දිනා ගත් චීන ක්‍රීඩිකා ෆෙන්ග් ලුලූ තත්පර 11.68 ක කාලයක් වාර්තා කළාය.

තරගාවලිය තවත් දින දෙකක් පුරාවට පැවැත්වීමට නියමිත අතර එම තරගවල වාර්තා සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.

9th June 2018
06.15am Aruna Darshana Men’s 200m Heats
06.50am Amasha De Silva Women’s 200m Heats
07.10am Harsha Karunarathne Men’s 800m Heats
07.40am Pasindu Kodikara Men’s 400m Hurdles Heats
11.30am Aruna Darshana Men’s 200m Semi Finals
11.50am Dilishi Kumarasinghe Women’s 800m Final
12.00pm Harsha Karunarathne Men’s 800m Final
12.05pm Ridma Nishadi Women’s Long Jump Final
01.00pm Men’s 4X400m Heats
01.25pm Parami Wasanthi 3000m Steeple chase Final
10th June 2018
10.05am Pasindu Kodikara Men’s 400m Hurdles Final
10.15am Tharindu Dasun Men’s High Jump Final
10.30am Amasha De Silva Women’s 200m Final
10.50am Aruna Darshana Men’s 200m Final
12.55pm Men’s 4X400m Semi Final
12.55pm Women’s 4X400m Final
1.10pm Men’s 4X400m Final

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<