ග්‍රෝන් ප්‍රී ගිය ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන එයි

231
Asian Grand Prix

ආසියානු ග්‍රෝන් ප්‍රී (Asian Grand Prix) තරගාවලියේ දෙවන අදියරේ තරග අද (07) ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 4.00ට ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගකරුවන් 9 දෙනෙකු තරගාවලිය සඳහා සහභාගී විය. තරගාවලියේ පළමු අදියරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය.

ගෝන් ප්‍රී තරගාවලියට ගිය ක්‍රීඩකයන්ගෙන් පදක්කම් 4ක්

ආසියානු ගෝන් ප්‍රී (Asian Grand Prix) තරගාවලියේ පළමු අදියරයේ තරග අද (04) දින ශ්‍රී ලංකා වේලාවෙන්…

දෙවන අදියර ආරම්භ කරමින් පළමු පදක්කමට දිනා ගැනීමට නිමාලි  ලියනආරච්චි සමත් වූයේ මීටර 800 ඉසව්ව නියෝජනය කරමිනි. එම ඉසව්වේ තරග වැදි අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වූ ගයන්තිකා අබේරත්නට දිනා ගැනීමට හැකි වූයේ 5 වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් ක්‍රියාත්මක වූ දක්ෂ කෙටිදුර ධාවන ශූරියක් වන නදීශා රාමනායක විසින් මීටර 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගන්නට සමත් විය. ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 23 වැනි ආසියානු ශූරතාවයට ද සහභාගි වූ දක්ෂ ක්‍රීඩිකාවකි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර තරගාවලි ද්විත්වයකට

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් Asian Grand Prix හා තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලි සඳහා…

අද දිනයේ වාර්තා වූ තෙවන හා අවසන් ශ්‍රී ලාංකීය පදක්කමට හිමිකම් කීමට හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ සුමේධ රණසිංහ සමත් වූ අතර ඔහු විසින් දිනා ගනු ලැබුවේ එම ඉසව්වේ ලෝකඩ පදක්කමයි. සුමේධ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වූ දක්ෂ ක්‍රීඩකයෙකි.

අහම්බෙන් මුණගැසුණු මලල ක්‍රීඩාවෙන් ලෝකයට ගිය සුනිල් ගුණවර්ධන

පුංචි කාලේ නොහික්මුණ, දඟකාරයන් කොපමණ නම් ඇත්ද? ඔවුන්ගේ දඟකාරකම් ගෙදරට මෙන්ම…

මෙවර ආසියානු ගෝන් ප්‍රී තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සහභාගි වූ අතර දෙවන අදියරයේ දී පදක්කම් හිමිකර ගැනීමට සමත් වූයේ තරගකරුවන් තිදෙනෙකුට පමණි. මෙම තරගකරුවන් තිදෙනා ප්‍රථම අදියරයේ දී ද පදක්කම් හිමිකර ගැනීමට සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<