ග්‍රෝන් ප්‍රී තරගාවලියට ගිය ක්‍රීඩකයන්ගෙන් පදක්කම් 4ක්

172

ආසියානු ග්‍රෝන් ප්‍රී (Asian Grand Prix) තරගාවලියේ පළමු අදියරයේ තරග අද (04) දින ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 4.00 ට ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගකරුවන් 9 දෙනෙකු තරගාවලිය සඳහා සහභාගී විය. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවන් පදක්කම් 4ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර තරගාවලි ද්විත්වයකට

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් Asian Grand Prix හා තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලි සඳහා….

ආසියානු ගෝන් ප්‍රී තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර එහි පළමු අදියර ජුනි මස 04 වනදා එනම් අද දින පැවැත්වූ අතර දෙවන අදියර එළඹෙන 07 වනදා පැවැත්වෙනු ඇත.
මෙම තරගාවලිය චීනයේ Chongqing හිදී පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු ඇතුළත් වේ. මෙම වසරේ දෝහා හිදී නිමාවට පත්වූ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 7 දෙනෙකු මෙම ගෝන් ප්‍රී තරගාවලියට සහභාගී කරවීමට තේරීම් කමිටුව තීරණය කර තිබුනි.

අද දින එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් එක් ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවන් තිදෙනෙකු පදක්කම් හිමිකර ගන්නා ලදි.

අහම්බෙන් මුණගැසුණු මලල ක්‍රීඩාවෙන් ලෝකයට ගිය සුනිල් ගුණවර්ධන

පුංචි කාලේ නොහික්මුණ, දඟකාරයන් කොපමණ නම් ඇත්ද? ඔවුන්ගේ දඟකාරකම් ගෙදරට මෙන්ම….


කාන්තා මීටර 800 ධාවන ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන නිමාලි ලියනාරච්චි සහ ගයන්තිකා අබේරත්න පිළිවෙලින් එම ඉසව්වේ දෙවන සහ තෙවන ස්ථාන දෙක හිමිකර ගත්හ. ඔවුන් වාර්තා කළ කාලයන් පිළිවෙලින් මිනිත්තු 2.03.17ක් සහ මිනිත්තු 2.03.57කි. එම ක්‍රීඩිකාවන් දෙදෙනා 23වන ආසියානු මලල ක්‍රීඩා උළෙල සඳහාද සහභාගී වූ ක්‍රීඩිකාවන් දෙපළකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් හිමිකර ගත් සුමේධ රණසිංහ ක්‍රීඩකයා මෙම තරගාවලියේදී හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

කාන්තා මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කළ නදීෂා රාමනායක එම ඉසව්ව තත්පර 53.23 කාලයකින් නිමා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම තමන් සතුකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප මෙවර ආසියානු ගෝන් ප්‍රී තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

               >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<