රිදී පදක්කම් දිනූ ගොල්ෆ් ශූරයෙක් ජීවිත ගමනට සමුදෙයි

86

ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව ඉහළින්ම ඔසවා තැබීමට ඉමහත් සේවයක් ඉටු කළ කේ. නන්දසේන පෙරේරා මහතා වසර 65ක් ආයු වළඳා ජීවිත ගමනින් සමුගන්නා ලදි.

1954 වසරේ ඉපදුණු ඒ මහතා 1983 වසරේ RCGC විවෘත ගොල්ෆ් තරගාවලියේ දී ලකුණු 63කින් නව වාර්තාවක් බිහි කළ අතරම සත් වතාවක් ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් තරගාවලිය ද දිනූ සුපිරි තරුවක්.

Shuttle Time වැඩසටහනෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වලට තල්ලුවක්

මෙරට පළාත් බැඩ්මින්ටන් සම්මේලන වල සහාය ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය විසින් සංවිධානය…

ආධුනික ගොල්ෆ් ක්‍රීඩකයෙකු ලෙස ද ඉහළ දක්ෂතා දක්වා ඇති ඔහු ශ්‍රී ලංකා විවෘත තරගාවලිය සත් වතාවක් දිනා ඇති අතරම ශ්‍රී ලංකා ජාතික ආධුනික ගොල්ෆ් ශූරතාවලිය ද 1988, 1989 හා 1990 වසරවල දී ජයග්‍රහණය කර තිබේ. 1989 වසරේ දී හා 1990 වසරේ දී ඉන්දියානු ආධුනික ගොල්ෆ් තරගාවලිය ද ජය ගත් ඔහු පාකිස්තානය, තායිලන්තය, සිංගප්පූරුව හා මලයාසියාව යන රටවල ද ආධුනික ශූරතා දිනා ගැනීමට සමත් විය. සිය සුපිරි දස්කම් ඉහළටම රැගෙන ගිය ඔහු 1990 වසරේ දී බෙයිජිං ආසියානු ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

ගොල්ෆ් සිය දිවිය බවට පත්කර ගත් නන්දසේන ‘ආසියානු ගොල්ෆ් ටුවර්’ තරගාවලිය සඳහා ක්‍රීඩා කළ අතර පසුව ඔහු ‘ජැපනීස් ගොල්ෆ් ටුවර්’ තරගාවලිය සඳහා ද ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. නමුත් එහි තිබූ සීත කාලගුණය නිසා ඔහුට දරුණු ආතරයිටිස් තත්වයකට ද මුහුණ දීමට සිදු විය. කෙසේ වෙතත් උණුසුම් කාලගුණ තත්ත්වවල සුපුරුදු දක්ෂතා දැක්වූ ඔහු ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම ඔසවා තබන්නට සමත් විය.

හතෙන් හතම දිවගොස් ජය ගත් ගැහැණිය

සුසෑන් ගිල් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. එමෙන්ම දිගු දුර ධාවන ශූරියකි. ඇය ශූරියකැයි අප කීවාට ඇය…

පියාගේ අඩිපාරේ යමින් නන්දසේන පෙරේරාගේ පුතු මිතුන් පෙරේරා මේ වන විට ‘ඉන්දියානු ගොල්ෆ් ටුවර්’ තරගාවලියේ ක්‍රීඩා කරයි.

ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට රැගෙන ගිය ‘නන්දේ’ ඔබේ නාමය ශ්‍රී ලංකා ගොල්ෆ් පිටියේ අමරණීය නාමයක් වනු නොඅනුමානයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <