දකුණු කොරියානුවන් ශ්‍රී ලංකා සිහින විනාශ කරයි

727

ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ලෝකඩ පදක්කම සඳහා වන ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තරගය අද (02) පස්වරුවේ පැවැත්විය. එහි දී ලකුණු 36-14ක් ලෙස ශ්‍රී ලංකාව පරදා පහසු ජයක් ලබන්නට දකුණු කොරියාව  සමත් විය.

ආරම්භයේ සිටම විශාල බලාපොරොත්තු ගොන්නක් හිස මත රඳවා ගනිමින් දෙපිලම පිටියට අවතීර්ණ වනු දක්නට ලැබුණි. කෙසේ නමුත් තරග ආරම්භයෙන් මිනිත්තු දෙකක් ගතවෙත්ම කොරියානු ක්‍රීඩක චන්ග්-යන්ග්-හෙන්ග් පළමු උත්සාහක දිනුම කොරියාව වෙත දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය ලී-ජේ-බැක් සාර්ථක කර ගන්නා ලදි. (07-00)

ඉන්පසු එකා පසු එකා බැගින් කිම් ජෝන්ග්මන්, ජාන්ග්- ජෝන්ග්මන් සොහොයුරෝ  දිවිත්ව උත්සාහක දිනුම වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු සිහිනයක් වන මට්ටමට ගෙනාහ. එම උත්සාහක දිනුම්වලින් එක ප්‍රවර්තනයක් කිම් – නමුක් විසින් සාර්ථක කර ගන්නා ලදි. (19-00)

පළමු අර්ධය: දකුණු කොරියාව 19 – 00 ශ්‍රී ලංකාව

බලාපොරොත්තු සඵල කර ගැනීමේ අදිටනින් දෙවන අර්ධය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සටනට අවතීර්ණ වූ අතර මිනිත්තු කිහිපයකින් තරින්ද රත්වත්තේ කල් යල් බලමින් සාර්ථක ප්‍රවර්තනයක් ද සමඟින් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට විය. (19-07)

ඉන් තවත් මිනිත්තු කිහිපයකට පසු එක්වත්ම කිම් හින්සෝ හා නමුක් සුසංයෝගය තවත් සාර්ථක ප්‍රවර්තනයක් හා උත්සාහක දිනුමක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු තවත් ඈතට ගෙන ගියහ. (26-07)

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩක ජේසන් දිසානායක තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙත යම් පිබිදීමක් ලබා දීමට සමත් විය. එහි ප්‍රවර්තනය තරින්ද විසින් සාර්ථක කර ගත්තේය. (26-14)

තරගයේ අවසන් මිනිත්තු දෙක තුල දකුණු කොරියානු ක්‍රීඩක කිම් – ජින්යෙලේ හා හ්වන්ග්- ඉජෝ තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවෙන් අවසන් පදක්කම් සිහිනයත් බොඳ කිරීමට සමත් විය. (36-14)

අවසන් ලකුණු තත්වය: දකුණු කොරියාව 36 (6T 3C) – 14 (2T 2C) ශ්‍රී ලංකාව

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

ශ්‍රී ලංකාව: තරින්ද රත්වත්තේ (1T 2C ), ජේසන් දිසානායක (1T),    

දකුණු කොරියාව: චන්ග්-යන්ග් (1T), ලී-ජේ (1C), කිම් ජෝන්ග්මන් (1T), ජාන්ග් ජෝන්ග්මන් (1T), කිම් හින්සෝ (1T), කිම්-ජින්ග්යෙල්(1T), හ්වන්ග්-ඉජෝ(1T), කිම් නමුක් (2C)


ආසියානු දැවැන්තයින් වෙත ශ්‍රී ලංකාවෙන් ප්‍රබල සටනක්

2018 ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පදක්කම් බලාපොරොත්තුව වන සත් සාමාජික රග්බි කණ්ඩායම අද (01) ජපානය සමඟින් අවසන් පූර්ව වටයට සහභාගී විය. එහි දී ප්‍රබල ජපානයට දැඩි අභියෝගයක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 12-10ක් ලෙස පරාජය වූයේ තියුණු සටනකට පසුවයි.

කන්ද උඩරට අන්දමන්ද කළ මහනුවර – බහරේන පළමු තරග

බටහිර ආසියානු ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ ප්‍රථම තරගය අද (31) නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී

තරගය ආරම්භයේ සිටම දෙපිළම ඉතා හොඳින් තරගයට අවතීර්ණ විය. ශ්‍රී ලංකා කණ්ඩයමේ කවිඳු පෙරේරා තරගය ආරම්භ වී පළමු මිනිත්තුව අවසන් වෙත්ම  අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (00-05)

ඉන් තවත් මොහොතක් ගතවෙත්ම ජපානයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ල වෙත ආක්‍රමණයක් එල්ල විය. හෂිනෝ කොසුකේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් රිංගා යමින් ජපානය වෙනුවෙන් තම පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය. (05-05)

මොහොතකින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ජේසන් දිසානායක වෙනුවට ක්‍රීඩක දේශනයක් වශයෙන් සුදර්ශන මුතුතන්ත්‍රි පිටියට අවතීර්ණ විය. ඒ සමඟින් ලද අවස්ථාවක් සාර්ථකව උත්සාහක දිනුමකට පරිවර්තනය කර ගන්නට සුදර්ශන මුතුතන්ත්‍රි සමත් වූයේ ප්‍රබල ජපාන ක්‍රීඩකයන් වෙත හිසරදයක් වෙමිනි. එහි ප්‍රවර්තනය ද ශ්‍රීනාත් සූරියබණ්ඩාර හට සාර්ථක කරගන්නට නොහැකි විය. (05-10)

පළමු අර්ධයේ අවසන් මිනිත්තුව වෙත්ම පිටියේ ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අභිබවමින් සකායි කට්සුයෝකි තවත් උත්සාහක දිනුමක් ජපානය වෙත දින දුන්නේ එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගනිමිනි. ඒ සමඟින් මෙතෙක් වේලා ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පසුපසට ඇද දමමින් පළමු අර්ධය නිමා විය.(12-10)

පළමු අර්ධය: ජපානය 12 – ශ්‍රී ලංකාව 10

පදක්කමක් අභිලාෂයෙන් දෙවන අර්ධය වෙනුවෙන් දෙපිලම තරගයට අවතීර්ණ වූ අතර තරගය පුරාවටම ප්‍රබල ජපානය හමුවේ ඉතා හොඳින් තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, දෙවන අර්ධයේ ද ජපාන ක්‍රීඩකයන්ව මෙල්ල කරනු පෙනෙන්නට තිබුණි. ආබාධයකට ලක්වී සිටි ධනුෂ්ක රංජන් ආබාධ පසෙකලා ක්‍රීඩා කරනු දක්නට ලැබීම ද විශේෂත්වයකි.

ක්‍රීඩක ආදේශන කිහිපයක්ම දෙපිලෙන්ම සිදුවුණු අතර අනගි දිනුම් අවස්ථා කිහිපයක්ම දෙපිලෙන්ම වියැකී යනු පෙනෙන්නට තිබුණේ දෙපිලේම ආරක්ෂක බැමි එතරම්ම දැවැන්ත වූ නිසාමය.

දෙවන අර්ධයේ දී කිසිදු ක්‍රීඩකයෙකුට එක ලකුණක් හෝ ලබා ගන්නට අවස්ථාවක් නොලැබුණු නමුත් අවසානයේ දී ආසියාවේ රග්බි පතාකයන් වන  ප්‍රබල ජපාන කණ්ඩායම වෙත හොඳ තරගයක් ලබා දෙමින් ලකුණු දෙකක පරාජයකින් ශ්‍රී ලංකාවට සෑහීමකට පත් වන්නට සිදු විය.

අවසන් ලකුණු තත්වය: ජපානය 12 (2T 1C) – ශ්‍රී ලංකාව 10(2T)

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

ශ්‍රී ලංකාව: කවිඳු පෙරේරා (1T), සුදර්ශන මුතුතන්ත්‍රි (1T)

ජපානය: හෂිනෝ කොසුකේ (1T), සාකයි  කට්සුයෝකි (1T 1C)

තරගාවලියේ ලෝකඩ පදක්කම සඳහා වන අවසන් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අද (01) සවස 6.40ට තරග වැදීමට නියමිතයි. එම තරගයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<