ආසියානු රට හරහා දිවීමේ තරග ප්‍රතිඵල නිකුත් වේ

115
Asian Cross country

චීනයේ දී පැවති 14 වැනි ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුදුසුකම් ලබාගත් නිලානි රත්නායක හා සමන්ත පුෂ්පකුමාර අද (15) තරග බිමට පිවිසි අතර ඒ අතරින් නිලානි කාන්තා අංශයේ 12 වන  ස්ථානය දිනා ගන්නා විට පිරිමි අංශයේ 19 වන ස්ථානය දිනා ගැනීමට සමන්ත සමත් විය.

නිලානි හා සමන්තට ආසියානු තරගාවලියකට වරම්

හෙට (15) චීනයේ දී ආරම්භ වීමට නියමිත 14 වැනි ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට..

කිලෝමීටර 8ක දුර ප්‍රමාණයක් තරග වැදීමට තිබූ මෙහි කාන්තා තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය සත්කාරක චීනයේ ලී දාන් හට හිමි වූ අතර ඇය මෙම ඉසව්ව මිනිත්තු 28:03ක කාලයකින් අවසන් කළාය. එහි දෙවන ස්ථානය ජපානයේ අබේ යුකාරී (මිනිත්තු 28:06) දිනා ගන්නා විට, තෙවන ස්ථානය ඉන්දියාවේ සංජීවනි ජාදේව් (මිනිත්තු 28:19) විසින් දිනා ගත්තාය. ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලානි මිනිත්තු 30:56 කාලයක් වාර්තා කර ගනිමින් එහි 12 වන තැනට පත් විය.

මෙහි පිරිමි අංශයේ පළමු ස්ථානය මිනිත්තු 38.22ක් කාලයකින් තරගය අවසන් කළ චීනයේ පෙන්ග් ජියන්හුවා විසින් එහි දිනා ගත්තේය. එහි දෙවන තැන හා තෙවන තැන පිළිවෙළින් ජපානයේ නිශියමා කශුවා (මිනිත්තු 38:26) හා ඉමන්ෂි සුන්සුකේ (මිනිත්තු 38:28) විසින් දිනා ගන්නා ලදි. කිලෝමීටර 12ක දුරකින් යුක්ත වූ මෙම තරග වටය නියෝජනය කළ සමන්ත මිනිත්තු 41:55ක කාලයකින් සිය තරග ඉසව්ව අවසන් කළේ එහි 19 වන තැන දිනා ගනිමිනි.

නිලානි හා සමන්ත මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ පෙබරවාරි 18 වැනිදා නුවරඑළියේ දී පැවැත්වූ ජාතික රට හරහා දිවීමේ තරගාවලියේ දී දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමිනි. එම තරගාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්‌ථානය සමන්ත පුෂ්පකුමාර (මිනිත්තු 33:22.44) විසින් දිනා ගත් අතර කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය නිලානි රත්නායක (මිනිත්තු 39:33.29) විසින් දිනා ගන්නා ලදි.

ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් වසර දෙකකට වරක් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය 1991 දී ජපානයේ ෆුකුහෝමා හීදී ආරම්භ විය.

සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය එලීම ආරම්භ වේ

සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථ ඇතිරීම අද (5) ඇරඹුණු අතර ක්‍රීඩා..

තරගාවලියේ 7 වැනි අදියර 2003 වර්ෂයේ දී පැවැත්වීමට තිබූ නමුත් යම් යම් හේතූන් මත එය එම වර්ෂයේ දී නොපැවැත්විය. කෙසේ නමුත් 2004 වර්ෂයේ දී තරගාවලිය ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් පවත්වා ඇත.

ආසියානු රට හරහා දිවීමේ තරගාවලියේ ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී ජපාන, චීන හා ඉරාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියේ දී වැඩි දස්කම් දක්වා ඇති අතර 2005 වර්ෂයට පසුව බහරේන් රාජ්‍ය හා කටාර් රාජ්‍යයේ ක්‍රීඩකයින් ද මෙම තරගාවලිය තුළ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව ඇත. මෙම තරගාවලි ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන ඇත්තේ 2001 වර්ෂයේ දී ය. එය මෙම තරගාවලි ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව මෙතෙක් වාර්තා කර ඇති හොඳම දක්ෂතාවයයි.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<