ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු සවි එසවීමේ දී රන් රිදී ලෝකඩ දිනයි

214

ජාත්‍යන්තර සවි එසවීමේ සම්මේලනයේ අනුදැනුම මත ආසියානු සවි එසවීමේ සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබූ “ආසියානු සවි එසවීමේ ශූරතාවය” මෙම මස (දෙසැම්බර්) 5 වැනිදා සිට 8 වැනිදා දක්වා මොංගෝලියාවේ දී පැවැත්විය.

එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් 36කට හිමිකම් කීමට සමත් විය. මෙම තරගාවලියේ දී සිදු වූ සුවිශේෂී කරුණ වන්නේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර සවි එසවීමේ ශූරතාවයක දී පදක්කම් හිමිකර ගැනීමට සමත් වීමයි.

Wrestling ක්‍රීඩාව වෙනුවෙන්ම උපන් ඔහුගේ ඔබ නොදත් කතාව

ඔබත් WWE (World Wrestling Entertainment) රසිකයෙකු නම් “Kurt Angle” නම් ක්‍රීඩකයා ඔබට අමුත්තෙකු නොවෙයි. WWE ශූරතාවය සිව්වරක් ජයග්‍රහණය…

තරගාවලියට සහභාගී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 16ක් සහ ලෝකඩ පදක්කම් 14ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. ශ්‍රී ලාංකික සවි එසවීමේ ඉතිහාසයේ ප්‍රථම වරට පදක්කම් ජයග්‍රහණය කළ ක්‍රීඩිකාවන් එහි දී රන් පදක්කම් දෙකක්, එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

බාලක, කනිෂ්ඨ අංශය (අවු: 15 – 18) නියෝජනය කළ එම්. පබසර එක් රන් පදක්කමක්, නිවේන්ද්‍ර සිල්වා සහ මහේෂ් පටබැඳි එක් රිදී පදක්කම බැගින් ජයග්‍රහණය කිරීමට සමත් විය. බාලිකා, කනිෂ්ඨ අංශය (අවු: 15 – 18) නියෝජනය කළ මිනෝලි කෲස්ටන් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

බාලක, කනිෂ්ඨ අංශය (අවු: 19 – 23) නියෝජනය කළ විකුම් පෙරේරා එහි දී රිදී පදක්කමක් හිමිකර ගැනීමට සමත් විය.

මේරි කොම් හයවැනි වතාවටත් “එක” වෙයි

පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී අවසන් වූ ලෝක කාන්තා බොක්සිං ශූරතාවයේ දී ලෝක ප්‍රකට ක්‍රීඩිකා මේරි කොම් දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාවගේ සම්මානය දිනාගත්තාය.

පිරිමි, විවෘත අංශය නියෝජනය කළ ප්‍රදීප් කුමාර සහ රන්සිළු ජයතිලක රිදී පදක්කම බැගින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර කාන්තා, විවෘත අංශයේ තරග කළ රන්දුනු ගීතිකා සහ මේරියන් ද සොයිසා එක් රන් පදක්කම බැගින් ජයග්‍රහණය කිරීමට සමත් විය. එම අංශයම නියෝජනය කළ කුමාරි දිල්රුක්ෂි එක් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

පිරිමි, ප්‍රවීණ අංශයේ තරග කළ හිරාන් ගාල්ලගේ එක් රිදී පදක්කමක් සහ මෝතිලාල් ජයතිලක එක් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් විය. මෝතිලාල් ජයතිලක තරගාවලියට සහභාගී වූ ජාතික සවි එසවීමේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.

තරගාවලියේ තවත් පුවත් ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානමින් සිටී.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<