නිමාලි, හිමාෂ, ෂෙලින්ඩා, චතුරංග, සුගන්ධි ප්‍රථම ස්ථානවලට

252

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ  දෙවන අදියරේ තරගාවලිය අද (22) සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට වූයේ ජාතික, පාසල් හා ජාත්‍යන්තර මට්ටමේ තරගකරුවන්ගේ සහභාගිත්වයෙනි. මෙම තෝරා ගැනීමේ තරග වට උදෑසන 7.30ට ආරම්භ වූ අතර පස්වරු 4.30 දක්වා පැවැත්විය.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා තෝරා ගැනීමේ තරග ඇරඹේ

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ තරග මාර්තු 22 වැනි…..

මීටර් 800 කාන්තා ඉසව්වේ නිමාලිගෙන් විශිෂ්ට කාලයක්

මීටර් 800 කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඩබ්. කේ. එල්. ඒ. නිමාලිට හැකි විය. තරගය ආරම්භයේ පටන්ම කාලය මැනවින් කළමනාකරණය කර ගනිමින් ඇය තරග වැදුණු අතර අවසාන වටයේ අවසාන මීටර් කිහිපයේ දී තමා ආරක්ෂා කර ගත් ශක්තිය උපරිමයෙන් යොදවමින් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය තමන් සතුකර ගැනීමට ඇය සමත් විය. ඇය විසින් දැක්වූ දක්ෂතාවය 2:02.65කි.

හෙල්ල විසිකිරීම අවසන් තරගයේ දී මීටර 79.65ක දුරක් වාර්තා කරනු ලැබූ ආර්. එම්. එස්. ජේ. රණසිංහ එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් අතර දුර පැනීම පිරිමි අවසන් ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට එස්. ටී. අමරසිංහට හැකි විය. ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 2:15ක්.

තුන් පිම්ම කාන්තා අවසන් තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට එච්. ඩී. විදූෂා ලක්ෂානි සමත්වූ අතර ඇය විසින් දැක්වූ දක්ෂතාවය මීටර 13.26කි.

ශ්‍රී ලංකා යෞවනයෝ රිදී 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනති

3 වැනි වරටත් පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කම් 3ක් සමඟින් තරගාවලිය…..

මීටර් 800 පිරිමි ඉසව්වේ සිය හොඳම පුද්ගලික කාලය වාර්තා කරන්නට චතුරංග සමත් වෙයි

තරගය ආරම්භයේ සිට කල්පනාකාරීව ධාවනයේ නිරත වූ චතුරංග මීටර 600ක් පමණ දුරක් ඒකාකාරීව ධාවනයේ යෙදුණ අතර අවසාන මීටර 200 පමණ දුර තම උපරිම ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් ඉතාමත් හොඳ අවසානයක් සමඟින් ප්‍රථමයා ලෙස ඉසව්ව නිමා කළේ සිය පෞද්ගලික හොඳම කාලය ද වාර්තා කරමිනි. ඔහු විසින් වාර්තා කළ කාලය 1:48.10කි.

පිරිමි රිටි පැනීම අවසන් තරග ඉසව්වේ දී මීටර් 5ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ ප්‍රථමයා වීමට එම්. එච්. අයි. සඳරුවන් සමත් විය.

මීටර 40.52ක දුරක් වාර්තා කළ ඒ. ජී. වී. වී. ලක්මාලි කවපෙත්ත විසිකිරීම කාන්තා අවසන් තරග ඉසව්වේ ප්‍රථමයා බවට පත්විය. ශ්‍රී

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන එස්. එල්. එස්. සිල්වා දුර පැනීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීම වාර්තා කළ දුර ප්‍රමාණය මීටර 6.12කි.

මොහොමඩ් සෆාන්ගේ වේගවත් ආරම්භය

මීටර් 200 පිරිමි ඉසව්ව ආරම්භයේ පටන්ම ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අතර මොහොමඩ් සෆාන්ගේ සාර්ථක ආරම්භය හා අවසානය ඔහුව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

මීටර් 800 පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට චතුරංග සමත් වූයේ තත්පර 21.25ක කාලයක් වාර්තා කරමිනි.

හෙල්ල විසිකිරීම කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මීටර 54.40ක දුරක් වාර්තා කළ එච්. එල්. එන්. ඩී. ලේකම්ගේ ක්‍රීඩිකාවට හැකි විය.

මීටර 100 කඩුලු මතින් දිවීමේ කාන්තා අවසන් තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඩබ්. වී. එල්. සුගන්දිට හැකි වූ අතර එහි දී ඇය විසින් දැක්වූ දක්ෂතාවය තත්පර 14.00කි.

මීටර 100 කඩුලු මතින් දිවීමේ පිරිමි අවසන් තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට 14.40ක කාලයක් වාර්තා කළ ආර්. ආර්. ඩී. රණතුංගට හැකි විය.

මීටර් 200 කාන්තා අවසන් තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශර්මිලා ජෑන් සමත් වූ අතර ඇය විසින් වාර්තා කළ කාලය තත්පර 24.42කි.

රටවල් 7ක් අතරින් නවිෂ්ක රිදි පදක්කම දිනයි

තුන්වැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනය අද (16) ආරම්භ විය. ශ්‍රී ලංකා යොවුන්…

මීටර් 400 කාන්තා අවසන් තරගයේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කිරීමට නදීෂා රාමනායකට හැකි වූ අතර ඇය විසින් දැක්වූ දක්ෂතාවය තත්පර 53.43කි.

මීටර 100 පිරිමි අවසාන තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන හිමාෂ එශාන් සමත් විය. ඔහු වාර්තා කළ කාලය තත්පර 10.24කි.

කාන්තා මීටර 100 අවසන් තරග ඉසව්වේ පළමු තැනට පත්වීමට ශෙලින්ඩා ජැන්සන් සමත් වූයේ තත්පර 11.95 කාලයක් වාර්තා කරමිනි.

දුර පැනීමේ පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ධනුෂ්ක පියරත්නට හැකි වූ අතර ඔහු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<