ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට අරුණ නැත්තේ ඇයි?

469

කටාර් රාජ්‍යයේ දී 23 වැනි වරටත් පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇත.

ඒ සඳහා ක්‍රීඩකයින් 8 දෙනෙක් හා ක්‍රීඩිකාවන් 7 දෙනෙකු ඇතුළත් අතර බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි ක්‍රීඩකයෙකු වූ අරුණ දර්ශන ආබාධ තත්වයක් නිසාවෙන් සංචිතයට තෝරාගෙන නොමැත.

ආසියානු ශූරතාවයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

එළඹෙන අප්‍රේල් මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත “23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය” සඳහා සහභාගී

මීටර 400 වර්තමාන ධාවන ශූරයා වන අරුණ දර්ශන මෙවර තරගාවලිය සඳහා සහභාගී නොවීම ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් බලපානු ලබන්නේ ඔහු නිමා වූ 2018 යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 400 ඉසව්ව තත්පර 45.79කින් නිමා කරමින් නව තරග වාර්තාවක් ද සමඟින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ දක්ෂ ක්‍රීඩකයෙක් වන නිසාවෙනි. එමෙන්ම මීටර 4×400 ඉසව්ව ශක්තිමත් කරන ප්‍රධානතම පුරුක වන්නේ ද අරුණ දර්ශනයි.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා වූ දෙවන වටයේ තෝරාගැනීමේ තරග පසුගිය දා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුන අතර අරුණ එය පැමිණියේ ද ඔහුගේ පාදයේ වළලු කර ආශ්‍රිත ආබාධයකින් පෙළෙමින් සිටින අතරතුරයි.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා තෝරා ගැනීමේ තරග ඇරඹේ

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ තරග මාර්තු 22 වැනි සිකුරාදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට

නමුත් ඔහුගේ දැඩි අධිෂ්ඨානශීලීත්වය නිසාවෙන් පළමු වටයේ තෝරාගැනීමේ තරග සඳහා සහභාගි වූ අතර එහි දී ඔහු තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. නමුත් ඔහුගේ ආබාධ තත්වය හේතුවෙන් ඉදිරි වට සඳහා ඔහු සහභාගී වූයේ නැත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<