ශ්‍රී ලංකා පදක්කම් සිහිනය විදූෂා යථාර්ථයක් කරයි

319

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ තුන්වැනි දිනය ඊයේ (23) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩිකාවක් ලක් මාතාවට ලෝකඩ පදක්කම් උරුමකර දෙමිනි. ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය දෝහා කටාර් හි කලීෆා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ශූරතා තරගාවලියේ අවසන් දිනය අදයි (24).

ශ්‍රී ලංකා සිහින බිඳ වැටුණු දිනයක්

දෝහා කටාර් හී කලීෆා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය …

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තුන් පිම්ම ඉසව්වට සහභාගී වූ විදූෂා ලක්ෂානි ශ්‍රී ලංකා පදක්කම් සිහිනය යථාර්ථයක් කරමින් ලෝකඩ පදක්කම් දිනා ගන්නට සමත් විය.  ඇය විසින් මීටර 13.53 දක්ෂතාවයක් ඒ වෙනුවෙන් දක්වන ලදි.

තවමත් 23 වැනි වියේ පසුවන විදූෂා විසින් ලබා ගත් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ අනාගතයට සුබ ලකුණක් වන අතර ඇය මෙම තරගාවලියේ  ලද අත්දැකීම් ද ඇයගේ ක්‍රීඩාවේ අනාගතයට විශාල පිටුබලයක් වනු ඇත.

විදූෂා සහභාගී වූ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තායිලන්ත ක්‍රීඩිකාවක් (මීටර 13.72) සමත් වූ අතර දෙවන ස්ථානය මීටර 13.65ක දුරක් වාර්තා කළ චීන ක්‍රීඩිකාවට හිමි විය.

මීටර 3000 බාධක දිවීමේ ඉසව්වට සහභාගී වූ නිලානි රත්නායක තවත් ශ්‍රී ලංකා පදක්කම් අපේක්ෂාවක් වූ ක්‍රීඩිකාවකි. ඉසව්වට සාර්ථක ආරම්භයක් ලබා ගත් නිලානි අනෙක් ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වෙමින් ජයග්‍රාහීව ඉදිරියට ඇදුනත් තරගයේ අවසන් මොහොතේ දී කුමන හෝ අවාසනාවක් හේතුවෙන් තරග අවසානයට මීටර් 30ක් පමණ දුරක් ඉතිරිව තිබිය දී බාධකයක වැදී බිම ඇද වැටුණේ පදක්කම් සිහිනය ශ්‍රී ලංකාවෙන් උදුරා ගනිමිනි.

මෙම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බහරේන් ක්‍රීඩිකාවක් සමත් වූ අතර ඇය වාර්තා කළ කාලය වන්නේ මිනිත්තු 9.46.18කි. දෙවැනි ස්ථානය චීන ක්‍රීඩිකාවක් විසින් දිනා ගත් අතර තෙවැනි ස්ථානය දිනා ගත්තේ බහරේන් ක්‍රීඩිකාවක් විසිනි.

කළු පටියක් පැලඳ හිමාෂ තරග බිමට

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අද (21) දෝහා කටාර් හී කලීෆා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර…

මීටර 1500 පළමු වටයේ තරගයකට සහභාගී වූ දමිත් හේමන්ත එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගෙන ඉදිරි වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි. ඔහු මෙම ඉසව්ව නිමා කිරීම සඳහා මිනිත්තු 3.56.69ක කාලයක් වැය කළ අතර එම ඉසව්වේ ප්‍රථම ස්ථානයට හිමිකම් කීමට බහරේන් ක්‍රීඩකයෙකු සමත් විය. ඔහු වාර්තා කළ කාලය මිනිත්තු 3.55.61කි. එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට ඉරාන ක්‍රීඩකයෙකු (මිනිත්තු 3.55.93) සමත් වූ අතර තෙවැනි ස්ථානය දිනා ගනු ලැබුවේ ජපන් ක්‍රීඩකයෙකු (මිනිත්තු 3.55.95) විසිනි.   

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි දුර පැනීමේ සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩකයින් දෙදෙනෙක් සහභාගී විය. ඔවුන් දෙදෙනා අතරින් A කාණ්ඩයෙන් තරග කළ ප්‍රසාද් විමලසිරි මීටර 7.57 දක්ෂතාවයක් දක්වමින් සිව්වැනි ස්ථානය දිනා ගනු ලැබීය. B කාණ්ඩයෙන් ක්‍රීඩා කළ අනෙක් ක්‍රීඩකයා වන ධනුෂ්ක පියරතන 6 වැනි ස්ථානය දිනා ගනු ලැබුවේ මීටර 7.53ක දුරක් වාර්තා කරමිනි. ඔවුන් දෙදෙනාම දැක්වූ දක්ෂතා ඔවුන් ඉදිරිය වටයන් රැගෙන යෑමට ප්‍රමාණවත් විය.

aaa

ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වන අද (24) දිනයේත් සියලු තරග ප්‍රතිඵල මෙන්ම, ඡායාරූප, වීඩියෝ දසුන් එසැණින් ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ThePapare.com වෙබ් අඩවියේ  #AAC19 සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<