හොංකොං රාජ්‍යයට සත්කාරක වාසිය අහිමි වේ

303
Janindu Dilshan

ආසියානු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය එළඹෙන අගෝස්තු මාසයේ අවසාන සතියේ දී පැවැත්වීමට නියමිතයි. 

ලාඕසයේ චාවෝ අනූ වොං ක්‍රීඩාංගණයේ දී මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිත අතර කිසිදු කණ්ඩායමකට අසාධාරණයක් නොවන පරිදි මෙවර තරගාවලිය අපක්ෂපාති ක්‍රීඩාංගණයක දී පැවැත්වීමට නියමිත බැවින් වත්මන් ශූරයින් වන හොංකොං රාජ්‍යයට සත්කාර රාජ්‍යයේ වාසිය අහිමිව ගොස් ඇත. 

Video- උසාවිය නිසා එකක් ඉතුරු වුණු සතියක්

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි අවසන් මහා තරග වලදී මොකද වුනේ?…

පසුගිය වසර තුනක කාලය තුළ මෙම තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම් දෙස හැරී බලන විට බොහෝ අංශවලින් පැහැදිලි පසුබැසීමක් දැකිය හැක. 

2016 දී කෙවින් ඩික්සන් යටතේ ශ්‍රී ලංකාව පළමු වරට ආසියානු 20න් පහළ සත් සාමාජික ශූරතාවක් ජය ගන්නේ ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ගෙන එමිනි. 2017 වර්ෂයේ දී නවීන් හේනකන්කානම්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම අනුශූරයන් ලෙස තරගාවලිය අවසන් කරන්නට සමත් විය. 

නමුත් පසුගිය වසරේ දී ඉහළ බලාපොරොත්තු සමඟින් පරිපූර්ණ කණ්ඩායමක් තරගාවලියට සහභාගී වූ නමුත් ඔවුන් තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වුණේ ක්‍රීඩාලෝලීන්ගේ සියලු බලාපොරොත්තු බිඳ දමමිනි.

කෙසේ වෙතත් මේ වසරේ දී තරගාවලියට සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින්ට මෙවර තරගාවලිය නව අභියෝගයක් වනු ඇති අතර පාසල් වාරය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය මේ වන විට 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට කටයුතු කරමින් සිටී.

ඒ අනුව හිටපු රාජකීය ක්‍රීඩක ජනිදු දිල්ශාන්, හිටපු සාන්ත ජෝසප් ක්‍රීඩක ගැමුණු චේතිය සහ කේෂාන් කාවින්ද වැනි ක්‍රීඩකයින්ටත් සුදුසුකම් ලැබීමේ තරග වටයට සහභාගී වීමට අවස්ථාව හිමි වී ඇත. 

එසේම මේ වසරේ රාජකීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ තුලෙයිබ් හසන්ට ද මෙවර සංචිතයේ සුදුසුකම් ලැබීමේ තරග වටයට සහභාගී වීමට අවස්ථාව හිමි වී ඇත.

ඩින්කා රග්බිවලට සමුදෙයි!

රග්බි තරග 800කට වැඩි ප්‍රමාණයකට විනිසුරුකරණයෙන් දායකත්වය දැක්වූ ශ්‍රී ලංකාවේ…

ඉහත සඳහන් ක්‍රීඩකයින්ට අමතරව හිටපු සාන්ත පීතර ක්‍රීඩකයින් වන ජේසන් කරුණාරත්න, රුක්ෂාන් මදුශංක සහ හිටපු ත්‍රිත්ව විදුහල් ක්‍රීඩක විශ්ව රණරාජා මෙන්ම මෙවර ලීග් තරගාවලියේ විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් වන සාන්ත පීතර ක්‍රීඩක රවීන් ප්‍රනාන්දු, වෙස්ලි ක්‍රීඩක කාවින්දන පෙරේරා සහ ත්‍රිත්ව ක්‍රීඩක ගීෂප කුලතුංගට ද තේරීම් කමිටුවේ අවධානය දිනා ගෙන ඇත.

එසේම වසර 5කට ආසන්න කාලයක් ඉසිපතන විදුහලේ පළමු පෙළ කණ්ඩායමේ ක්‍රීඩා කළ අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වන මනිල්ක රුබේරුට සහ වෙස්ලි ක්‍රීඩක මුර්ෂිඩ් සුබෙයිර්ට ද මෙම කණ්ඩායමට උචිත වනු ඇත.

තේරීම් කමිටුවට ද මෙවර සංචිතය තේරීම සඳහා විකල්ප විශාල ප්‍රමාණයක් ඇති නමුත් ඒ සියල්ලටම වඩා මෙම ක්‍රීඩකයන් සුදුසුකම් ලබා ගැනීමේ තරගවල දී දක්වන දක්ෂතා සහ ශාරීරික යෝග්‍යතා මට්ටම ගැන ද සලකා බැලිය යුතු වේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<