හොංකොං අභියෝගයට යෞවනයින් සූදානම්

614
Sri Lanka u19 Rugby Team 2017

පසුගිය වසරේ අඳුරු මතක මකා දමමින්,ලෝක ශූරතා කුසලානයට වරම් ලැබීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ රග්බි සංචිතය, ආසියානු ශූරතා වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාවලියට ඉතා හොඳ සුදානමකින් පසුවේ.

19න් පහළ සංචිතයට සාන්ත ජෝසප් විද්‍යාලයෙන් පස් දෙනෙක්

වයස අවුරුදු 19න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට ක්‍රීඩා කරනු ලබන..

කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සාන්ත තෝමස් විද්‍යාලයේ නවීන් හේනකන්කානම්ගේ හට හිමි වී ඇති අතර ශූරතාවලියේ පළමු අදියර ශ්‍රී ලංකාව හා හොං කොං දේශය අතර දෙසැම්බර් 10 වන දා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය ජයගන්නා කණ්ඩායම ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමට වරම් ලබනු ඇත. මෙවර කණ්ඩායම පුහුණු කිරීම පළපුරුදු පුහුණුකරුවන් දෙපලක් වන  ඉසිපතන විදුහලේ පුහුණුකරු ලසින්ත ද කොස්තා හා රජිව් පෙරේරා හට භාර වී තිබේ.

නව තරග ආකෘතියක්

පසුගිය වසරේ මෙන් නොව මෙවර නව තරග ආකෘතියක් හඳුන්වා දීමට ආසියානු රග්බි සම්මේලනය තීරණය කර තිබේ. පසුගිය වසරේ දී ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාවලියේ පළමු කාණ්ඩයට ශ්‍රී ලංකාව, හොංකොං හා මලයාසියාව තරග කළ නමුත් මෙවර මලයාසියාව පළමු කාණ්ඩයට තරග නොකිරීම නිසා අදියර දෙකකින් යුතුව තරගාවලිය පැවැත්වීමට ආසියානු රග්බි සම්මේලනය තීරණය කර තිබේ. එහි පළමු අදියර ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරමින් දෙසැම්බර් 10 වනදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිත අතර දෙවැනි අදියර හොංකොං දේශය සත්කාරකත්වය දරමින් ලබන 16 වනදා හොංකොං හිදී පැවැත්වීමට නියමිතයි.

අත්දැකීම් බහුල නායකයෙක්

‘Wing’ ස්ථානයේ ක්‍රීඩා කරන, ඉතා වේගවත් ධාවකයෙක් වන නවීන් හේනකන්කානම්ගේ මෙවර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මෙහෙයවීමේ වරම් හිමි කරගෙන ඇත. අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි කණ්ඩායමේ ද නායකත්වය දැරීය. ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික සංචිතයේ ද ස්ථිර ක්‍රීඩකයෙකු වන ඔහු මෙවර ශූරතාවලිය ජයග්‍රහණයට ප්‍රබල සාධකයක් වනු ඇත.

මෙවරත් සංචිතයේ

පසුගිය වසරේ ද ආසියානු ශූරතා වයස අවුරුදු 19න් පහළ රග්බි ශුරතාවලිය නියෝජනය කළ ‘Prop’ ක්‍රීඩක මහනුවර ත්‍රිත්ව විදුහලේ අවීශ ප්‍රියංකර, නායක නවීන් හේනකන්කානම්ගේ හා ඉසිපතන විදුහලේ ‘Half-Back’ ක්‍රීඩක හරිත් බණ්ඩාර  මෙවර ද කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් හිමිකරගෙන තිබේ. ගියවර අත්දැකීම තුලින් නවකයින් ද එක් කර ගනිමින් කණ්ඩායමේ ජය තහවුරු කිරීම ඔවුන්ගේ වගකීම වනු ඇත. තවද පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ ක්‍රීඩා උළෙල නියෝජනය කළ සාන්ත අන්තෝනි විදුහලේ මොහොමඩ් ශබීර්, සාන්ත ජෝසප් විදුහලේ ගැමුණු චේතිය මෙන්ම වෙස්ලි විදුහලේ D. සාබර් ද මෙම කණ්ඩායමට ඇතුලත්ව තිබේ. මොවුන් සියලු දෙනාම පාහේ සිය පාසල් නියෝජනය කරමින් ඉහළ දක්ෂතා පෙන්නුම් කර තිබීම මෙවර ශූරතා බලාපොරොත්තු ඉහළ නැංවීමට හේතුවක් වී තිබේ.

පෙරළිකාර හැව්ලොක් හමුවේ යුද හමුදාව පසු බසී

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ යුද හමුදා ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්..

කැපීපෙනෙන ක්‍රීඩකයෝ

අත්දැකීම් බහුල ක්‍රීඩකයින් මෙන්ම කණ්ඩායමට එක්වූ නවක මුහුණු ද මෙවර ජයග්‍රහණයේ ලා ප්‍රබල කෘත්‍යයක් ඉටු කරනු ඇත. ගියවර අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනූ මරදාන සාන්ත ජෝසප් විදුහලේ ප්‍රබල ක්‍රීඩකයෙක් වූ ‘Fly-Half’ ක්‍රීඩක චතුර සෙනවිරත්න මෙවර කණ්ඩායමට ප්‍රබල සවියක් වනු ඇත. ඔහුට අනගි සහයක් වෙමින් ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන දිනුක් අමරසිංහ මෙවර කණ්ඩායම සමතුලිත කරනු ඇත. වසර පහක අත්දැකීම් වලින් මහනුවර සාන්ත අන්තෝනි විදුහල සවිමත් කළ ඔහුගේ සේවය මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<