ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර ලබන සතියේ

251
Asia Sevens Colombo

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර මේ මස 14 සහ 15 යන දෙදින කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන අතර, සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් 5 වැනි ස්ථානයේ

දකුණු කොරියාවේ දී පැවති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ දී ශූරතා කුසලානය සඳහා..

දැනට ප්‍රසාද ලකුණු පුවරුවේ පස්වැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මුළු ලකුණු 10ක් ලබාගෙන සිටින අතර, පෙර අදියර දෙකට වඩා යම් සාර්ථකත්වයකට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වෙන්සිටී. ඒ මෙවර අදියර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිසාවෙනි. එසේම මෙවර තරගාවලියේ නිමා වූ අදියර ද්විත්වය තුළම පළඟ කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මෙවර අදියර තුළ තරග වදිනු ලබන කණ්ඩායම් පහත පරිදි කාණ්ඩගත කර ඇත.

A කාණ්ඩය B කාණ්ඩය
දකුණු කොරියාව ජපානය
චීනය හොංකොං
ශ්‍රී ලංකාව මැලේසියාව
චීන තායිපේ පිලිපීනය


ශ්‍රී ලංකාව ආසියානු රග්බි දැවැන්තයන් වන ජපානය සමඟින් මූලික වටයේ දී තරග නොවැදුනත්, මෙවර තරගාවලියේ දෙවන අදියරේ ශූරතාවය ජයග්‍රහණය කළ දකුණු කොරියානු කණ්ඩායම සමඟින් තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත

තරග කාලසටහන – පිරිමි

ඔක්තෝබර් 14

  • උදෑසන 11.14 – ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව
  • දහවල් 2.32 – ශ්‍රී ලංකාව හා චීනය
  • සවස 5.28 – ශ්‍රී ලංකාව හා චීන තායිපේ

(සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් සටහන් කර ඇත.)

දෙවන අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම චීනය හමුවේ ලකුණු 26-26ක් ලෙස අවසන් කිරීමට සමත් විය. එය ඉතාමත් හොඳ තත්වයකි. මන්ද තරගාවලියේ ප්‍රථම අදියරේ දී ශ්‍රී ලංකාව චීනය හමුවේ ලකුණු 36 -12ක් ලෙස පරාජය විය.

ශ්‍රී ලංකා කණ්ඩායම් නායක සුදර්ශන මුතුතන්ත්‍රි කණ්ඩායම තුළ යම් යම් වෙනස්කම් කිහිපයක් වෙනු ඇතැයි බලාපොරොත්තු වනනේ, කවිඳු පෙරේ ආබාධයකට ලක්ව සංචිතයෙන් ඉවත්ව සිටින නිසාවෙනි.

ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රගර් කණ්ඩායම

අදියර දෙකකින් සමන්විත කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ නිමා වූ පළමු අදියර තුළ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු පුවරුවේ 5වන ස්ථානය ජයග්‍රහණය කළාය. මෙවර දෙවන අදියර තුළ මූලික වටයේ දී එහි ශූරතාවය ජයග්‍රහණය කළ ජපාන කණ්ඩායම සමඟින් ද තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. අමතරව එම කාණ්ඩය තුළ හොංකොං හා දකුණු කොරියාව යන කණ්ඩායම් ද සිටියි.

C කාණ්ඩය D කාණ්ඩය
ජපානය චීනය
හොංකොං කසකස්තානය
ශ්‍රී ලංකාව තායිලන්තය
දකුණු කොරියාව සිංගප්පූරුව


තරග කාලසටහන – කාන්තා

ඔක්තෝබර් 14

  • උදෑසන 11.58 – ශ්‍රී ලංකාව හා ජපානය
  • සවස 3.16 – ශ්‍රී ලංකාව හා හොංකොං
  • සවස 5.56 – ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව

(සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් සටහන් කර ඇත.)

පසුගිය වර්ෂයේ දී ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම තරගාවලිය අවසානයේ හිමිකර ගත්තේ 6 වන ස්ථානයයි. කාන්තා කණ්ඩායමේ පුහුණුකරු සුදත් සම්පත් මහතා පසුගිය තරගාවලිවලට සාපේක්ෂව මෙවර තරගාවලිය තුළ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම ඉදිරියට එනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව තුළ නිල විකාශනය ThePapare.com විසින් සිදුකරනු ලබන අතර, ඩයලොග් TV නාලිකා අංක 1 හා My TV මගින් ද ඔබට තරගාවලියේ සජීවී විකාශනය නැරඹීමට හැකිය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<