ආසියාව දිනන්නට සැරසෙන රග්බි ඇතුන් අද තරග බිමට

179

2018 ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ පළමු අදියර අද (14) හොංකොං හීදී ආරම්භ වීමට නියමිතයි. එහි ප්‍රථම තරගය ලෙස ශ්‍රී ලංකාව හා චීනය උරෙනුඋර ගැටීමට නියමිත අතර එම දිනයේ දී ම ජපානය සමඟ ද තරග වැදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇත. එමෙන්ම හෙට දිනයේ දී ඔවුන්ට චීන තායිපේ කණ්ඩායම හමුවේ තරග වැදීමට ද නියමිතව ඇත.

සත් සාමාජික රග්බි කණ්ඩායමට නව නායකයෙක්

ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි සංචිතයේ නව නායකයා ලෙස ශ්‍රීනාත් සූරියබණ්ඩාර පත්කර තිබේ..

  • පසුගිය මතකයන්

පසුගිය වසරේ පැවති ආසියානු සත් සාමාජික ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සුබදායක වූයේ නැත. හොංකොං හි පැවති පළමු අදියරේ දී ඔවුන් පස්වැනි ස්ථානය දිනා ගත් අතර තරගාවලියේ අදියර දෙක අවසානයේ සමස්ත ශූරතාවලියේ ඔවුන්ට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි.

දින කිහිපයකට පෙර නිමා වූ ආසියානු ක්‍රීඩා උළෙලේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම සිතූ ලෙස සාර්ථක නොවුනද, ජපානය සමඟ පැවැත් වූ අවසන් පූර්ව වටයේ තරගය ඔවුන් පරාජය වූයේ ලකුණු 10-12ක් ලෙස ඉතා තියුණු සටනක් ලබා දී වීම ද විශේෂත්වයකි. ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයේ දී කොරියාව හමුවේ පරාජය වුවත්, තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ඉහළ දක්ෂතා පෙන්වූයේ මෙම තරගාවලියට හොඳ පෙර පුහුණුවක් ලබා ගනිමිනි.

දකුණු කොරියානුවන් ශ්‍රී ලංකා සිහින විනාශ කරයි

ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ලෝකඩ පදක්කම සඳහා වන ශ්‍රී ලංකාව..

  • නව නායකයෙක්

“අපි ආසියාවේ අංක දෙකේ කණ්ඩායම වෙලා තියෙනවා. නමුත් ඒක නෙවේ අපේ උත්සාහය. අපි තව පියවරක් ඉදිරියට ගිහින් ආසියාවේ අංක එක බවට පත්වෙන්න ඕනේ.”

ශ්‍රී ලංකා නිත්‍ය සත් සාමාජික රග්බි නායක සුදර්ශන මුතුතන්ත්‍රි ආබාධයකට ලක්වීම නිසා මෙවර තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තවත් පරිණත සුපිරි ක්‍රීඩකයෙකු වන ශ්‍රීනාත් සූරියබණ්ඩාර හට පැවරී තිබේ.

“පෙර තරගාවලියේ ජපානය සමග තරග කළ ආකාරය බලන විට ඒක විශාල දෙයක් නෙවෙයි. පළමු අරමුණ වෙන්නේ ආසියාවේ අංක එක වෙන එක.” යැයි නායක ‘සූරී’ Thepapare.com වෙත ප්‍රකාශ කළේය.

“අපිට වැරදි තියනවා හදාගන්න. අපි හොඳ දේවල් කරන ගමන් වැරදි ටිකත් හදාගත්තොත් අපිට ආසියාවේ එක වෙන එක ලොකු දෙයක් නොවේ. අපි කොහොම හරි හොඳ තරගයක් දෙනවා මේ පාර එක වෙන්න”

ආසියාව දිනන්නට කාන්තා රග්බිත් සූදානම්

එළඹෙන සැප්තැම්බර් 14 වැනිදා හොංකොං හිදී ආරම්භ වීමට නියමිත ආසියානු සත් සාමාජික..

  • කණ්ඩායමට වෙනස්කම් හතරක්

ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නව මුහුණු හතරක් ඇතුලත්ව තිබේ.

හිටපු සාන්ත තෝමස් නායකයෙකු හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායකයෙකු වන නවීන් හේනකන්කානම්ගේ, අදිශ වීරතුංග හා කෙවින් ඩික්සන් කණ්ඩායමට කැඳවා ඇති අතර පළමු අදියරේ දී හිටපු සාන්ත අන්තෝනි ක්‍රීඩක දිනුක් අමරසිංහ සිය මංගල ජාතික සත් සාමාජික තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත.

  • තරු රැසක් තවදුරටත් සටනේ

අත්දැකීම් බහුල සුපිරි ක්‍රීඩක කවිඳු පෙරේරා තවදුරටත් කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර නිමා වූ ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද ඔහුගේ දක්ෂතා කැපී පෙනෙන මට්ටමක පැවතියා.

සුපිරි ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් ද ආබාධයක් හේතුවෙන් කණ්ඩායමට ඇතුළත් නොවීම නිසා රීසා රෆයිඩීන් හා බුද්ධිම පියරත්න හට කණ්ඩායමේ විශාල වගකීමක් හිමි වනු ඇත.

  • පළමු අදියරට එක්වන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රීනාත් සූරියබණ්ඩාර (නායක), ගයාන් වීරරත්න, කවිඳු පෙරේරා, ධනුෂ් දයාන්, කවිඳු පෙරේරා, සුදම් සූරියආරච්චි, රිසා රෆයිඩීන්, කෙවින් ඩික්සන්, බුද්ධිම පියරත්න, රෙහාන් සිල්වා, නවීන් හේනකන්කානම්ගේ, අදිශ වීරතුංග, දිනුක් අමරසිංහ.

අද උදෑසන 11.28 ට පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව හා චීනය එකිනෙකා හා ගැටීමට නියමිත වන අතර ThePapare.com අප තරගාවලියේ සියලු තොරතුරු ලද සැණින් ගෙන ඒමට සූදානම්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<