2020 ආසියාවේ දී ශ්‍රී ලංකාවට අභියෝගයක්!

80

ශ්‍රී ලංකාවට 2019 වසර ආසියානු මට්ටමේ තරගාවලිවල දී එතරම් සුබදායී වසරක් නොවුනත් ප්‍රීතිමත් නව වසරකට මංපෙත් විවර වෙමින් 2020 වර්ෂයේ ආසියානු තරග කාලසටහන ආසියානු රග්බි සම්මේලනය විසින් එළිදක්වා ඇත.

අසාර්ථක ප්‍රවර්තන මැදින් පොලිස් වැටලීම සාර්ථකයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි ……..

ශ්‍රී ලංකාව ආසියා රග්බි පළමු කාණ්ඩයේ ශූරතාවලියට නැවත පිවිසීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික සංචිත වැඩසටහන නැවත ක්‍රියාත්මක කළේය. තරුණ සහ ප්‍රබල පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටියට පිවිසි නමුත් එම තරගාවලිය ශ්‍රී ලංකාවට එතරම් සුබදායී වූයේ නැත. එබැවින් ශ්‍රී ලංකා ජාතික සංචිතය මේ වසරේ මැයි මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු I කාණ්ඩයේ තරගාවලියටම ක්‍රීඩා කරනු ඇත.

ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ පළමු කාණ්ඩය වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කනිෂ්ඨ සංචිතය එම තරගාවලිය ජයග්‍රහණය කරමින් පළමු කාණ්ඩයෙන් ශූරතා කාණ්ඩයට උසස් වීමක් ලබා ගත් අතර එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ කුසලාන කාණ්ඩයේ දී චීනය, හොංකොං සහ කොරියාව වැනි ප්‍රබල කණ්ඩායම්වලට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

එසේම ආසියානු සත් සාමාජික තරගාවලියේ කොළඹ දී පැවැත්වෙන අදියර සැප්තැම්බර් මස 26 සහ 27 පැවැත්වීමට නියමිතයි.

ආසියානු රග්බි සම්මේලනයෙන් එළි දක්වා ඇති ආසියානු රග්බි දින දර්ශනය පහතින්.

දිනය තරගාවලිය ස්ථානය
මැයි 16- ජුනි 27 ආසියානු පිරිමි රග්බි ශූරතාවලිය ක්‍රීඩාංගන කිහිපයක දී
ජුනි 1 – ජුනි 15 ආසියානු පළමු කාණ්ඩයේ තරගාවලිය TBC
අගෝස්තු 29-30  ආසියානු පිරිමි 20න් පහල සත්සාමජික රග්බි ශූරතාවලිය ජෝහොර් බහ්රු ක්‍රීඩාංගනය
අගෝස්තු 29-30 ආසියානු කාන්තා 20න් පහල සත්සාමජික රග්බි ශූරතාවලිය ජෝහොර් බහ්රු ක්‍රීඩාංගනය
අගෝස්තු 29-30 ආසියානු සත්සාමජික රග්බි ශූරතාවලිය පළමු අදියර ඉන්චියෝන් නුවර
අගෝස්තු 29-30 ආසියානු සත්සාමජික රග්බි ශූරතාවලිය පළමු අදියර ඉන්චියෝන් නුවර

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<