සනත්ට මුරලිට තවමත් එක හිමි ආසියානු කුසලානයේ වාර්තා

512

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (15) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සොයා යන ThePapare.com අප එකී තරගාවලියේ පෙරළිකාර වාර්තා සන්නද්ධ කිරීමට අප තීරණය කළා. මේ ඒ සියලු තරග තොරතුරු අනුව සැකසූවකි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අතීතය

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය…

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ නායකයන්ගේ දක්ෂතා.

Player Span mat Won Lost Tied NR
අර්ජුන රණතුංග 1988- 1997 13 9 4 0 0
මහේල ජයවර්ධන 2004 -2012 10 6 4 0 0
මාවන් අතපත්තු 2004 5 4 1 0 0
ඇන්ජලෝ මැතිව්ස් 2014 5 5 0 0 0
දුලිප් මෙන්ඩිස් 1984 – 1986 5 3 2 0 0
සනත් ජයසූරිය 2000 4 2 2 0 0
කුමාර් සංගක්කාර 2010 4 3 1 0 0
රංජන් මඩුගල්ලේ 1988 1 1 0 0 0
රවී රත්නායක 1995 1 1 0 0 0
1984 – 2014 48 39 14 0 0

එක් එක් තරගාවලියේ අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා

Year Player of the Final Team Player of the Series Team
1984 සුරින්ද්‍රන් ඛන්නා ඉන්දියාව සුරින්ද්‍රන් ඛන්නා ඉන්දියාව
1986 ජාවේඩ් මියැන්ඩෑඩ් පාකිස්තානය අර්ජුන රණතුංග ශ්‍රී ලංකාව
1988 නවිජොට් සිං සිදු ඉන්දියාව නව්ජොට් සිං සිදු ඉන්දියාව
1990 මොහොමඩ් අසරුඩීන් ඉන්දියාව
1995 මොහොමඩ් අසරුඩීන් ඉන්දියාව නව්ජොට් සිං සිදු ඉන්දියාව
1997 මාවන් අතපත්තු ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග ශ්‍රී ලංකාව
2000 මොයින් ඛාන් පාකිස්තානය මොහොමඩ් යුසුෆ් පාකිස්තානය
2004 මාවන් අතපත්තු ශ්‍රී ලංකාව සනත් ජයසූරිය ශ්‍රී ලංකාව
2008 අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව
2010 දිනේෂ් කාර්තික් ඉන්දියාව ෂාහිඩ් අෆ්රිඩී පාකිස්තානය
2012 ෂාහිඩ් අෆ්රිඩි පාකිස්තානය සකිබ් අල් හසන් පාකිස්තානය
2014 ලසිත් මාලිංග ශ්‍රී ලංකාව ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකාව

එක් එක් කණ්ඩායම විසින් ඉනිමක දී රැස් කරන ලද වැඩිම ලකුණු

Team Score Overs Inns Opposition Ground Year
පාකිස්තානය 385/7 50.0 1 බංග්ලාදේශය දඹුල්ල 2010
ඉන්දියාව 374/4 50.0 1 හොංකොං කරච්චි 2008
ශ්‍රී ලංකාව 357/9 50.0 1 බංග්ලාදේශය ලාහෝර් 2008
බංග්ලාදේශය 326/3 50.0 1 පාකිස්තානය ඩකා 2012
ඇෆ්ගනිස්තානය 254/6 50.0 1 බංග්ලාදේශය ෆටුල්ලා 2014
එක්සත් අරාබි එමීර් 204 45.4 2 බංග්ලාදේශය ලාහෝර් 2008
හොංකොං 165 44.1 2 පාකිස්තානය එස්. එස්. සී 2004

එක් එක් තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවෝ

Player Team Mat Inns NO Runs HS 50 100 Year
සුරීන්ද්‍රන් ඛන්නා ඉන්දියාව 2 2 1 107 56 2 0 1984
අර්ජුන රණතුංග ශ්‍රී ලංකාව 3 3 1 105 57 1 0 1986
ඉජාස් අහමඩ් පාකිස්තානය 3 3 1 192 124* 1 1 1988
අර්ජුන රණතුංග ශ්‍රී ලංකාව 3 3 1 166 64* 2 0 1990
සචින් තෙන්ඩුල්කාර් ඉන්දියාව 4 4 1 205 112* 1 0 1995
අර්ජුන රණතුංග ශ්‍රී ලංකාව 4 4 2 272 131* 1 2 1997
යුසුෆ් යොහානා පාකිස්තානය 4 4 2 295 100* 1 2 2000
සොයිබ් මලික් පාකිස්තානය 5 5 0 316 143 2 0 2004
සනත් ජයසූරිය ශ්‍රී ලංකාව 5 5 0 378 130 2 1 2008
සහීඩ් අෆ්රිඩී පාකිස්තානය 3 3 0 265 124 2 0 2010
විරාට් කෝලි ඉන්දියාව 3 3 0 357 183 2 1 2012
ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකාව 5 5 0 279 102 2 0 2014

එක් එක් තරගාවලියේ හොඳම ඉනිම වාර්තා කළ පිතිකරුවෝ

Player Runs Balls 4s 6s Team Opposition Ground Year
රෝයි ඩයස් 57* 95 1 0 ශ්‍රී ලංකාව පාකිස්තානය සාජා 1984
ජාවේඩ් මියැන්ඩෑඩ් 67 100 4 0 පාකිස්තානය ශ්‍රී ලංකාව එස්. එස්. සී 1986
ඉජාස් අහමඩ් 124* 87 9 4 පාකිස්තානය බංග්ලාදේශය චිතගොං 1988
නව්ජොට් සිං සිදු 104* 109 10 3 ඉන්දියාව බංග්ලාදේශය චන්දිගාර් 1990
සචින් තෙන්ඩුල්කාර් 112* 107 15 1 ඉන්දියාව ශ්‍රී ලංකාව සාජා 1995
අර්ජුන රණතුංග 131* 152 17 0 ශ්‍රී ලංකාව ඉන්දියාව   ආර්. ප්‍රේමදාස 1997
සව්රන් ගංගුලි 135* 124 6 7 ඉන්දියාව බංග්ලාදේශය ඩකා 2000
යුසුෆ් යොහානා 144 122 8 3 පාකිස්තානය හොංකොං එස්. එස්. සී. 2004
සනත් ජයසූරිය 130 88 16 6 ශ්‍රී ලංකාව බංග්ලාදේශය කරච්චි 2008
සහීඩ් අෆ්රිඩී 124 60 17 4 පාකිස්තානය බංග්ලාදේශය දඹුල්ල 2010
විරාට් කෝලි 183 148 22 1 ඉන්දියාව පාකිස්තානය ඩකා 2012
විරාට් කෝලි 136 122 16 2 ඉන්දියාව බංග්ලාදේශය ෆටුල්ලා 2014

එක් එක් තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නෝ

Player Team Mat Inns Overs Mdns Runs Wkts Best 4w 5w Year
රවි ශාස්ත්‍රී ඉන්දියාව 2 2 17.0 1 53 4 3/40 0 0 1984
අබ්දුල් කාදර් පාකිස්තානය 3 3 24.2 2 71 9 3/15 0 0 1986
අර්ෂාඩ් අයුබ් ඉන්දියාව 4 4 36.0. 2 120 9 5/21 0 1 1988
කපිල් දේව් ඉන්දියාව 3 3 26.2 2 96 9 4/31 1 0 1990
අනිල් කුම්බ්ලේ ඉන්දියාව 4 4 36.0 1 139 7 2/23 0 0 1995
වෙන්කටේෂ් ප්‍රසාද් ඉන්දියාව 4 4 24.0 2 119 7 4/17 1 0 1997
අබ්දුල් රසාක් පාකිස්තානය 3 3 19.2 1 74 8 4/29 1 0 2000
ඉර්ෆාන් පතන් ඉන්දියාව 6 6 52.1 0 228 14 3/28 0 0 2004
අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව 5 5 42.0 3 145 17 6/13 1 2 2008
ලසිත් මාලිංග ශ්‍රී ලංකාව 3 3 28.2 0 126 9 5/34 0 1 2010
උමාර් ගුල් පාකිස්තානය 4 4 36.0 3 208 9 3/58 0 0 2012
ලසිත් මාලිංග ශ්‍රී ලංකාව 4 4 34.5 0 189 11 5/52 0 2 2014

එක් එක් තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම

Batsman Team O M Runs Wkts Opposition Ground Year
මදන් ලාල් ඉන්දියාව 8.0 2 11 3 ශ්‍රී ලංකාව සාජා 1984
වසීම් අක්‍රම් පාකිස්තානය 9.0 2 19 4 බංග්ලාදේශය මොරටුව 1986
අර්ෂාඩ් අයුබ් ඉන්දියාව 9.0 0 21 5 පාකිස්තානය ඩකා 1988
කපිල් දේව් ඉන්දියාව 9.0 0 31 4 ශ්‍රී ලංකාව කල්කටා 1990
අකීබ් ජාවේඩ් පාකිස්තානය 9.0 1 19 5 ඉන්දියාව සාජා 1995
සක්ලේන් මුෂ්ටාක් පාකිස්තානය 9.3 1 38 5 බංග්ලාදේශය ආර්. ප්‍රේමදාස 1997
අබ්දුල් රසාක් පාකිස්තානය 8.0 0 29 4 ඉන්දියාව ඩකා 2000
සොයිබ් මලික් පාකිස්තානය 9.1 1 19 4 හොංකොං එස්. එස්. සී. 2004
අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව 8.0 1 13 6 ඉන්දියාව කරච්චි 2008
ලසිත් මාලිංග ශ්‍රී ලංකාව 10.0 0 34 5 පාකිස්තානය දඹුල්ල 2010
ඉර්ෆාන් පතන් ඉන්දියාව 8.1 1 32 4 ශ්‍රී ලංකාව ඩකා 2012
ලසිත් මාලිංග ශ්‍රී ලංකාව 9.5 0 52 5 පාකිස්තානය ෆටුල්ලා 2014

තරගමාලාවේ මෙතෙක් වාර්තා වී ඇති එක් එක් කඩුල්ල වෙනුවෙන් වූ හොඳම ලකුණු සබඳතාවන්

W Runs Partners Team Opposition Ground Year
1 224 මොහොමඩ් හෆීස් -නසීර් ජම්ශේඩ්   පාකිස්තානය ඉන්දියාව ඩකා 2010
2 205 ගෞතම් ගාම්බීර්. විරාට් කෝලි ඉන්දියාව ශ්‍රී ලංකාව ඩකා 2010
3 223 සොයිබ් මලික් – යුනිස් ඛාන් පාකිස්තානය හොංකොං එස්.එස්. සී. 2004
4 166 මහේන්ද්‍ර සිං දෝනි – සුරේෂ් රයිනා ඉන්දියාව හොංකොං කරච්චි 2008
5 137 උමාර් අක්මාල් – ෂහිඩ් අෆ්රිඩි පාකිස්තානය බංග්ලාදෙශය දඹුල්ල 2010
6 164 අස්ගාර් අෆ්ගාන් – සමිඋල්ලා ෂෙන්වාරි ඇෆ්ගනිස්තානය බංග්ලාදේශය ෆටුල්ලා 2014
7 71 හෂාන් තිලකරත්න – කුමාර් ධර්මසේන ශ්‍රී ලංකාව ඉන්දියාව සාජා 1995
8 100 ෆවාඩ් අලාම් – සොහයිල් තන්වීර්   පාකිස්තානය හොංකොං කරච්චි 2008
9 46 හර්බජාන් සිං – සහීර් ඛාන් ඉන්දියාව ශ්‍රී ලංකාව RPICS 2004
10 30* සෆ්රාෆ් අහමඩ්, අයිසාස් චීමා පාකිස්තානය බංග්ලාදේශය ඩකා 2010

තරගමාලාවේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන්

Player Team Mat Inn Runs Av HS 100 50 4 6
1 සනත් ජයසූරිය ශ්‍රී ලංකාව 25 24 1220 53.04 130 6 3 139 23
2 කුමාර සංගක්කාර ශ්‍රී ලංකාව 24 23 1075 48.86 121 4 8 107 7
3 සචින් තෙන්ඩුල්කාර් ඉන්දියාව 23 21 971 51.10 114 2 7 108 8
4 අර්ජුන රණතුංග ශ්‍රී ලංකාව 19 19 741 57.00 131* 1 6 49 7
5 මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව 28 26 674 29.30 78 0 4 70 6

තරගමාලාවේ වැඩිම කඩලුලාභී පන්දු යවන්නන්

Player Team Mat Overs Mdns Runs Wkts Best 4 5
1 මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව 24 230.2 13 865 30 5/31 1 1
2 අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව 8 68.0 5 271 26 6/13 2 2
3 සයීඩ් අජ්මාල් පාකිස්තානය 12 115.0 6 485 25 3/26 0 0
4 ලසිත් මාලිංග ශ්‍රී ලංකාව 12 108.1 4 507 24 5/34 0 3
5 චමින්ද වාස් ශ්‍රී ලංකාව 19 152.2 20 639 23 3/30 0 0

සනත් ජයසූරිය

තරගාවලියේ වැඩිම ලකුණු ලබා සිටින පිතිකරුට අමතරව වැඩිම ශතකලාභී පිතිකරුවා වන්නේ ද සනත් ජයසූරිය යි. ඔහු ලබා සිටින ශතක ප්‍රමාණය 6ක්. 1997 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව වාර්තා කරන ලද ශතකය (108) ඔහුගේ මංගල ශතකයයි. ඊට පසුව ඔහු ඉන්දියාවට (105-2000/ 130/2004/ 125-2008) බංග්ලාදේශයට (107*-2004) සහ නැවත බංග්ලාදේශය (130-2008) එරෙහිව ශතක වාර්තා කර ඇත.

තරගාවලියක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතුරින් ද ජයසූරිය සිටින්නේ පළමු ස්ථානයේ ය. ඔහු 2008 වසරේ දී තරග 5කට සහභාගී වෙමින් ලකුණු 378ක් රැස් කරමින් එකී වාර්තාව හිමිකර ගෙන සිටී.

තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙසින් ද සිටින ජයසූරිය එල්ල කරන ලද හතරේ පහර සංඛ්‍යාව 139ක්. වැඩිම හයේ පහර එල්ල කර ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ජයසූරියට හිමිව ඇත්තේ දෙවැනි තැනයි. ඔහු එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 23කි. එහි පළමු ස්ථානය හයේ පහර 26ක් එල්ල කර සිටින පාකිස්තානයේ ෂහීඩ් අෆ්රිඩී සතු වේ

විරාත් කෝලි

තරගයක දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතරින් පළමු ස්ථානයේ පසු වීමට විරාත් කෝලි සමත්ව සිටි. ඔහු පාකිස්තානයට එරෙහිව 2012 වසරේ ඩකා නුවර දී පාකිස්තානයට එරෙහිව පැවති තරගයේ දී ලකුණු 183ක් ලබා ගනිමින් එම ස්ථානය දිනා ඇත.

අජන්ත මෙන්ඩිස්

තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව සතු කරගෙන සිටින්නේ අජන්ත මෙන්ඩිස් ය. ඔහු 2008 වසරේ කරච්චි නුවර දී ඉන්දීය කණ්ඩායමට එරෙහි ව ලකුණු 13කට කඩුලු 6ක් ලබා ගත්තේ ය. එම වසරේ දී මෙන්ඩිස් තරග 5කට සහභාගී වෙමින් ලබා ගන්නා ලද කඩුලු 17 තරගාවලියක දී පන්දු යවන්නෙක් විසින් දක්වන ඉහළම දක්ෂතාව ලෙසින් වාර්තා වේ.

ලසිත් මාලිංග

තරගාවලියේ තරගයක දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබාගත් පන්දු යවන්නන් අතුරින් ලසිත් මාලිංග පෙරමුණේ පසුවේ. ඔහු අවස්ථා තුනක දී එම දක්ෂතාව සිදු කර ඇති අතර ඒ සැම අවස්ථාවක්ම පාකිස්තානයට එරෙහිව වාර්තා කර ඇත.

තරගාවලියේ කඩුලු 5කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 11ක් වාර්තා වී ඇති අතර ඉන් අවස්ථා 7ක් ම හිමිකර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ය. මාලිංගගේ අවස්ථා 3ට අමතරව අජන්ත මෙන්ඩිස් (02), මුත්තයියා මුරලිදරන් (01) සහ ෆර්විස් මහරූෆ් (01) එම අවස්ථාවන් ලබාගෙන ඇත.

අර්ජුන රණතුංග

තරගාවලියේ වැඩිම තරග ප්‍රමාණයකට නායකත්වය දුන් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ සමතැන් ගැනීමට අර්ජුන රණතුංග සමත්ව සිටී. ඔහු සහ ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දැක්වූ තරග සංඛ්‍යාව 13ක්. ඔවුන් දෙදෙනාම තරග 9ක් බැගින් ජයග්‍රහණය කරමින් තරග 4ක් බැගින් පරාජය වෙමින් සෑම අංගයකින්ම සමාන වී සිටී.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක වැඩිම ලකුණු ලබාගත් පිතිකරු වෙන්නේ අර්ජුන රණතුංග යි. ඔහු 1997 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 131 කළේ ය.

කුමාර සංගක්කාර

තරගමාලාවට සහභාගී වූ කඩුලු රකින්නන් අතුරින් ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා වෙන්නේ කුමාර් සංගක්කාර ය. ඔහු තරග 24කට සහභාගී වී දවා ගැනීම් 36කට දායකත්වය දක්වා ඇත. ඊට උඩ පන්දු 27ක් සහ ස්ටම්ප් කිරීම් 9ක් අඩංගු වේ.

මහේල ජයවර්ධන

තරගමාලාවේ තරග 28කට සහභාගී වෙමින් වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගී වූ ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොතට එක් වී සිටින්නේ මහේල ජයවර්ධන ය. එම ලැයිස්තුවේ සනත් ජයසූරිය (25), අරවින්ද ද සිල්වා (24), මුත්තයියා මුරලිදරන් (24) සහ කුමාර සංගක්කාර (24) පළමු 5 දෙනා අතර සිටීම විශේෂිත වේ.  

රෝයි ඩයස්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතකලාභියා සේ ම පළමු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රීඩකයා වෙන්නේ රෝයි ඩයස් ය. ඔහු තරගාවලිය ආරම්භ කරමින් පැවති මංගල තරගයේ දී නොදැවී ලකුණු 57ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් දැනුවත් වීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<