හොංකොං ක්‍රීඩකයන්ට ගෞරවාන්විත පරාජයක්

255

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (18) පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් හොංකොං ක්‍රීඩකයන් පරාජය කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

අද තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 285ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි හොංකොං ක්‍රීඩකයෝ ලබා ගත්තේ කඩුලු 8ක් දැවී ලකුණු 259ක් පමණි. මෙම ලකුණු ප්‍රමාණය හොංකොං ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය දී හොංකොං කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය.

ශ්‍රී ලංකාව ඇෆ්ගන් ක්‍රීඩකයන් ඉදිරියේ දනින් වැටෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන්ට ද යමක් කළ හැකි බැව් ඔප්පු කළ …

කාසියේ වාසිය දිනූ හොංකොං නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 45ක් රැස් කිරීමට නායක රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් සමත් වූහ. ශර්මා පන්දු 22ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටිය දී දැවී ගියේය. ඉන් අනතුරුව ලකුණු 116ක සබඳතාවක් ගොඩ නැගීමට ශිකර් ධවාන් සහ අම්බටි රයිදු සමත් වීම කැපී පෙණුනි.

රයිදු තම එක්දින 7 වැනි අර්ධ ශතකය රැස් කිරීමට සමත් විය. ඔහු දැවී යන විට පන්දු 70කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 60කි.

තෙවැනි කඩුල්ල ලෙසින් ශිකර් ධවාන් දැවී යන විට පන්දු 120කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 127ක් ලබා සිටියේය. ඔහු ඊයේ වාර්තා කළේ තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 14 වැනි ශතකයයි. ඔහු තෙවැනි කඩුල්ල වෙනුවෙන් ද දිනේෂ් කාර්තික් සමඟ එක්වෙමින් ලකුණු 79ක සබඳතාවක් එක් කිරීමට ද සමත් විය.  

ඉනිමේ අවසන් පන්දුවාර 10 දී ඉන්දීය පිතිකරුවෝ 5 දෙනෙක්ම දවා ගැනීමට හොංකොං ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අතරතුර ඉන්දීය පිතිකරුවෝ ලබා සිටියේ ලකුණු 45ක් පමණි. මේ අතුරින් මහේන්ද්‍ර සිං දෝනි (00) සහ බුවනේෂ්වර් කුමාර් (09) සහ ශර්දුල් ඨාකූර් (00) අඩු ලකුණුවලට සීමා කිරීමට හොංකොං පන්දු යවන්නෝ සමත් වූහ.

Red Bull ශූරතාවයට සියල්ල සූදානම්

6 වැනි වරටත් පැවැත්වෙන Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලිය මේ …

දිනේෂ් කාර්තික් පන්දු 38කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා ගනිද්දී, කිදර් ජධාව් පන්දු 27කට මුහුණ දී හයේ පහරක් සමඟින් නොදැවුණ ලකුණු 28ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී හොංකොං නායකයා පන්දු යවන්නෝ 7 දෙනෙක් උපයෝගී කර ගත් අතර ඒ අතුරින් වැඩියෙන්ම සාර්ථක වූයේ 22 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යැවූ කින්චිට් ෂා ය. ඔහු ලකුණු 39කට කඩුලු 3ක් දවා ගන්නේ ය. ඊට අමතරව එශන් ඛාන් ලකුණු 65කට කඩුලු 2ක් ද දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි හොංකොං ක්‍රීඩකයෝ වඩාත් පරිස්සම් වෙමින් එහෙත් ඉන්දීය ඉනිමේ ආරම්භයට සාපේක්ෂව ලකුණු ලබා ගනිමින් සිටිය හ. ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි නිසාකාට් ෂා සහ නායක අනුෂ්මාන් රාත් තම යුතුකම හඹා යන ඉනිමේ පන්දුවාරය 35ක් දක්වාම පවත්වා ගෙන ගියහ.  

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 174ක්. මෙම ලකුණු සංඛ්‍යාව හොංකොං එක්දින තරග ඉතිහාසයේ පළමු කඩුල්ලට වාර්තා වූ හොඳම ලකුණු සබඳතාව ලෙසින් සටහන් වන්නේ ය. එය හොංකොං හී ඕනෑම කඩුල්ලක් සඳහා වන වාර්තාවක් ද වෙති.

ඉන්දීය ක්‍රීඩකයන්ට හීන්දාඩිය දමමින් තිබූ එම කඩුල්ල නිමා වූයේ නායක අන්ෂුමාන් රාත් කුල්ඩීප් යාදව්ගේ පන්දුවකට රෝහිත් ශර්මා අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වෙද්දී රාත් පන්දු 97කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 73ක් ලබා සිටියේ ය. එය ඔහුගේ එක්දින තරග ඉතිහාසයේ  7 වැනි අර්ධ ශතකයයි.

රාත්ගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ 9 වැනි පන්දුවේ දී නිසාකාට් ඛාන් ද තම ඉනිම නිමා කර ගත්තේ ය. කලීල් අහමඩ්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ ඛාන් පන්දු 115කට මුහුණ දී හයේ පහර 12ක් හයේ පහරක් සමඟින් ලකුණු 92ක් ලබා සිටියා. එම ඉනිම ඔහුගේ එක්දින තරග දිවියේ හොඳම ඉනිම් අතර දෙවැනි තැන ගත් ඉනිම විය.

වමතින් මද වේගපන්දු යැවූ 20 හැවිරිදි කාලීඩ් අහමඩ්ට එම කඩුල්ල හිමි වූ අතර එය ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර කඩුල්ල ද විය. ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් අනතුරුව තරගයේ පාලනය ටිකෙන් ටික හොංකොං ක්‍රීඩකයන් වෙතින් ගිලිහුණි.

ඒ අනුව පන්දුවාර 40ක් අවසානයේ දී හොංකොං ඉනිම කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 198ක් ලෙසිනි. ඉනිමේ දැවී ගිය අවසන් කඩුලු 4 ලකුණු  61කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

පසුපෙළින් යම් තරමකින් හෝ සහයෝගයක් ලැබුණේ ඒසාන් ඛාන්ගෙන් පමණි. ඔහු කාලීඩ් අහමඩ්ගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් ලබා දී දැවී යන විට පන්දු 25කට මුහුණ දී ලකුණු 22ක් ලබා සිටියේය.  

පන්දු යැවීමේ දී කාලීඩ් අහමඩ් සහ යුස්වේන්ද්‍ර චාහල් කඩුලු 3 බැගින් දවාගෙන සිටි අතර කුල්දීප් යාදව් කඩුලු 2ක් දවාගෙන සිටියේ ය.

ඉන්දියාව; කඩුලු 7ක් දැවී 285 (50.0): රෝහිත් ශර්මා 23, ශිකර් ධවාන් 127, අම්බටි රයිදු 60, දිනේෂි කාර්තික් 33, කීදර් ජාධාව් නොදැවී 28, ඒසන් නවාසි 2/65, කින්චිට් ෂා 3/39

හොංකොං; කඩුලු 7ක් දැවී 259 (50.0):  නිසාකාට් ඛාන් 92, අන්ෂුමාන් රාත් 73, එසාන් ඛාන් 22, කාලීඩ් අහමඩ් 3/48, යුස්වේන්ද්‍ර චාහල් 3/46, කුල්දීප් යාදව් 2/42

තරගාවලියේ 5 වැනි තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (19) පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් යාවත්කාලීන වීමට රැඳී සිටින්න ThePapare.Com  සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<