බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී

156
Bangladesh Cricket

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය අවසන් කරමින් ඊයේ (26) අබුඩාබි ශෙයික් ෂායෙඩ් ක්‍රීඩාංගණයේ දී පැවති පාකිස්තානය සහ බංග්ලාදේශ අතර තරගයෙන් පාකිස්තානය ලකුණු 37කින් පරාජය කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ 2018 ආසියානු කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය සඳහා සහභාගී වීමට සුදුසුකම් සපුරා ගත්හ.

ඇෆ්ගන්වරුන් ඉන්දියාවට ද අනතුරු හඟවයි

ආසියානු ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාර තරග නිමාවක් සනිටුහන් කළ ඉන්දිය සහ ඇෆ්ගනිස්තාන.

බංග්ලාදේශය මෙම තරගමාලාවේ අවසන් තරගයකට සුදුසුකම් ලබා ගත් දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර ඔවුන් 2012 වසරේ පැවති අවසාන මහා තරගය සඳහා පාකිස්තානය සමඟින් සුදුසුකම් ලබා ගත් අතර එහි දී අනුශූරතාව දිනා ගත්තේ ය.   

නිමා වූ තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 239ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 202ක් පමණි.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගත්ත ද ඔවුන්ගේ ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැත. ඉනිමේ 5 වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී ඔවුන්ගේ ඉනිම කියැවුණේ කඩුලු 3කට ලකුණු 12ක් ලෙසිනි.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ මුශ්ෆිකර් රහීම් සහ මොහොමඩ් මිතුම් එක්ව බංග්ලාදේශ ලකුණු පුෂ්ටිමත් කළේ ලකුණු 144ක සබඳතාවක් ගොඩ නගමිනි. එම සබඳතාව නිමා කරමින් මිතුම් පන්දු 84කට සහභාගී වෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 60ක් ලබා දැවී ගියේය. මිතුම් ඊයේ රැස් කළේ තම එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවැනි අර්ධ ශතකයයි.

මුශ්ෆිකර් රහීම් තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 30 වැනි අර්ධ ශතකය මෙම තරගයේ දී වාර්තා කිරීමට සමත් විය. ලකුණු 99කින් නිමා වූ ඔහුගේ ඉනිමට පන්දු 116ක් වැය ව තිබූ අතර හතරේ පහර 9ක් ඊට එක් කර තිබුණි.

ඊට අමතරව මහමුදුල්ලා රියාද් පන්දු 31ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී ජුනයිඩ් ඛාන් ලකුණු 19කට කඩුලු 4ක් දවා ගත්තේය. ඊට අමතරව ශහීන් ශා අෆ්රිඩි සහ හසන් අලි කඩුලු 2 බැගින් දවා ගත්හ.  

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ තරගයට අවතීර්ණ වන්නේ ද අවාසනාව කරපින්නාගෙන ය. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය සිව්වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී විවේක ගැන්වීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

ඒ අතරේ විශ්වසනීය පිතිකරණයක යෙදෙමින් තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සමත් විය. ඔහු පාකිස්තාන ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 105කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 83ක් ලබා සිටියේ ය.

තරගාවලිය ආරම්භයේම කැන්රිච් ෆිනෑන්ස්ට තියුණු ජයක්

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ සීමිත පන්දුවාර තරගාවලියේ 2018 අදියර…

ඔහුගේ මෙම ඉනිම තුළ ෂොයිබ් මලික් සමඟ සිව්වැනි කඩුල්ලට එක් කළ ලකුණු 67ත් අසීෆ් අලි එක්ව 6 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 69ත් විය.

ෂොයිබ් මලික් පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගනිද්දී අසීෆ් අලි පන්දු 47ක දී හතරේ පහර 3ක් සමඟ ලකුණු 31ක් ලබා ගත්තේ ය. ඔවුන්ගේ දැවී යෑම් සමඟින් ඉමාම්ගේ ඉනිම ද නිමා වූ අතර එතැන් සිට පාකිස්තාන ඉනිම ගොඩ ගැනීමට කිසිවෙකුටත් පෙරමුණ ගැනීමට නොහැකි විය.

පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන මුස්ටෆිෂුර් රාහමාන් ලකුණු 43කට කඩුලු 4ක් දවා ගනිමින් පාකිස්තානයේ ප්‍රධාන ප්‍රතිවාදියා විය. ඔහු යැවූ පන්දු වාර 10 තුළ නොයිඳුල් පන්දු වාර 2ක් ද විය. ඊට අමතරව මෙහෙදි හසන් මිරාෂ් තමන්ගේ පන්දු වාර 10 ලකුණු 28කට සීමා කර ගනිමින් කඩුලු 2ක් ද දවා ගන්නේ ය. රුබෙල් හොසේන්, මහමුදුල්ලා රියාද් සහ සෞම්‍ය සාකර් අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.

තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ එක් ලකුණකින් ශතකය අහිමි කර ගත් මුශ්ෆිකර් රහීම් ය.

බංග්ලාදේශය; සියලුම දෙනා දැවී 239 (48.5): මුශ්ෆිකුර් රහීම් 99, මොහොමඩ් මිතුන් 60, මහමුදුල්ලා රියාද් 25, ජුනයිඩ් ඛාන් 4/19, ශහීන් අෆ්රිඩි 2/47, හසන් අලි 2/60

පාකිස්තානය; කඩුලු 9ක් දැවී 202 (50.0): ඉමාම් උල් හක් 83, ෂොයිබ් මලික් 30, අසිෆ් අලි 31, මෙහෙදි හසන් 2/38,  මුස්ටෆිෂුර් රහමන් 4/43

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් මහා තරගය හෙට (28) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත අතර එම තරගයේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<