කමිඳු මෙන්ඩිස් කර මතින් ලංකාව අවසන් සටනට

1580

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක නැගී එන කණ්ඩායම් අතර වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (13) සමත් වූහ.

බංගලි අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා නැගී එන පිළ සූදානම් ද?

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කළාපයට අයත් රටවල් 8 ක නැගී එන කණ්ඩායම් වල සහභාගිත්වයෙන් මේ වන විට පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටය…

ඒ අනුව ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිත අදාළ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අසල්වැසි ඉන්දීය නැගී එන කණ්ඩායම සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී තරග වදිනු ඇත.

පන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් පන්දුවාර 49.1ක දී සීමා වෙමින් බංග්ලාදේශ කණ්ඩායම ලබා දුන් ලකුණු 238ක ඉලක්කය හඹා ගිය කමිඳු මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවෝ 49 වැBanනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ජයග්‍රහණය සපුරා ගන්නා විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ දැවී ගොස් තිබුණේ කඩුලු 6ක් පමණි.

Photos : India vs Pakistan | ACC Emerging Asia Cup 2018 | Semi Final

ෂොරිෆුල් ස්ලාම්ගේ පන්දුවකට චාමික කරුණාරත්න‍ විසින් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වෙද්දී එම ජයග්‍රහණයේ වැඩි ගෞරවයක් හිමි විය යුතු පිතිකරුවා බවට පත්වූ කමිඳු මෙන්ඩිස් පන්දු 88ක දී ලකුණු 91ක් ද, චාමිකගේ පන්දු 13ක දී ලකුණු 09ක් ද ලබා ගෙන සිටියහ.

ලකුණු 87කට කඩුලු 4ක් දැවී යමින් හඹා යෑම අවදානම් තත්ත්වයක පසුවද්දී පිටියට පැමිණි කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ වගකීම භාර ගනිමින් පන්දු තෝරා බේරා පහර එල්ල කිරීම කැපී පෙනුණි. තම ශතකයට වඩා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දුන් කමිඳුගේ ප්‍රවේගකාරී ඉනිමට හතරේ පහර 9ක් පමණක් ඇතුළත් විය. අපරික්ෂාකාරී පහරක් එල්ල කිරීමට ගොස් කොයි මොහොතක හෝ තමා දැවී ගියහොත් ඉන් සිදුවන හානිය පිළිබඳව පූර්ණ අවබෝධයකින් පහර දුන් කමිඳුගේ ක්‍රීඩා විලාශය පරිණත භාවයක් පෙන්නුම් කිරීම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට වූ සුබ පෙර නිමිත්තක් ලෙසින් සඳහන් කළ හැක.

ඉසිපතනයේ රවිඳු රත්නායක මංගල ශතකය රැස් කරයි

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර පැවැත්වෙන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට්…

ප්‍රථමයෙන්ම ෂෙහාන් ජයසූරියට එක්වූ කමිඳු, 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කරමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම එක් දැමුවේය. සීමා ඉරෙන් ඉදිරියටවිත් එල්ල කරන ලද පහර වැරදී යෑම නිසා එය ෂෙහාන්ව පසු කර කඩුල්ල වෙත ඇදී යෑමේ දී කඩුලු රකින ක්‍රීඩක නුරුල් හසන් විසින් එය රැගෙන කඩුල්ල බිඳීමට සැරසිණ. එහෙත් ඊට පෙර පා පහරක් එල්ල කරමින් පන්දුව යන දිශාව වෙනතකට යැවීමට ෂෙහාන් ගත් උත්සාහයේ දී බංග්ලාදේශ පන්දු රකින්නන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ විනිසුරුවෝ එය දැවී යෑමක් වශයෙන් සංඥා කළහ. ඒ අනුව පන්දු රකින්නන්ට බාධා කිරීම යටතේ වූ දැවී යෑමෙන් ජයසූරියගේ ඉනිම ලකුණු 39ක දී නිමා විය.

32 වැනි පන්දුවාරයේ දී ෂෙහාන් දැවී යන විට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 85ක් අවශ්‍ය වූ අතර එහි දී කමිඳුට එක්වූ අසේල ගුණරත්න 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77ක දී ලකුණු 64ක් රැස්කොට නැගී එන කණ්ඩායම ජයග්‍රහණයේ ආසන්නයට රැගෙන ආහ. එහි දී අසේලගේ දායකත්වය පන්දු 28ක දී ලකුණු 24ක් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අදාළ හඹා යෑමේ දී හසිත බෝයගොඩගේ කඩුල්ල දවා ගත් ශයිෆුල් ඉස්ලාම් ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 03කට සීමා කළේය. තම සගයා දැවී ගිය ද සිය ප්‍රහාරාත්මක පිතිකරණය එලෙසින්ම පවත්වා ගෙන ගිය සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ඉනිමේ එල්ල වුණු එකම හයේ පහර සහ තවත් හතරේ පහර 6කට හිමිකම් කියමින් පන්දු 37ක දී වේගවත් ලකුණු 47ක් රැස් කළේය. එහෙත් අවිශ්ක ප්‍රනාන්දු සහ සඳුන් වීරක්කොඩි ලකුණු 13ක් ඇතුළත දැවී යෑම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක් විය. බලාපොරොත්තුවක් තැබිය හැකි පිතිකරුවෙකු ලෙස නමක් දිනා සිටින නායක සම්මු අශාන් ද ලකුණු 18කට දැවී යෑම හඹා යෑම අවදානම් සහගත තත්ත්වයට පත්කරවීය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 41ක දී බිඳ වැටෙද්දී, ඉන් කඩුලු 2ක් චාමික කරුණාරත්නගේ ද, එක් කඩුල්ලක් ෂෙහාන් ජයසූරියගේ නම ඉදිරියෙන් සටහන් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුත් වෙනස් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස ජොනතන් (ජෝන්) ලුවිස් පත් කිරීමට වත්මන් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය…

අනෙක් අන්තයෙන් එකා පිට එකා දැවී යද්දී සිය අන්තය ආරක්ෂා කර ගත් ආරම්භක පිතිකරු මිෂානුර් රහ්මන් පන්දු 95ක දී ලකුණු 72ක් රැස් කළේය. මෙහි දී රහ්මාන් සහ මොසඩෙක් හොසේන් (39) අතර වූ පන්දු 94ක දී ගොඩනැංවුණු සිව්වැනි කඩුල්ලේ ලකුණු 65ක සම්බන්ධතාව සහ රහ්මාන් සහ යසීර් අලී අතර පන්දු 67ක දී ගොඩනැංවුණු පස්වැනි කඩුල්ලේ ලකුණු 52ක සම්බන්ධතාව බංග්ලාදේශ කණ්ඩායමට ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවකට ඔසවා තැබූහ. මෙහි දී රහ්මනට පසු පිතිකරණයෙන් කැපී පෙනුණු යසීර් අලී පන්දු 72ක දී ලකුණු 66ක් රැස් කළේය.

Photos : Sri Lanka vs Bangladesh – ACC Emerging Asia Cup 2018

පන්දු යැවීමෙන් කැපී පෙනුණු චාමික කරුණාරත්න ලකුණු 31කට කඩුලු 4ක් ලබා ගනිද්දී අසිත ප්‍රනාන්දු ලකුණු 50කට කඩුලු දෙකක් බිඳ හෙළීය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් පන්දුවාර 10 සම්පූර්ණ කරන ලද එකම පන්දු යවන්නා බවට පත්වූ වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙනියට කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වුවද ඔහුගේ පන්දු හමුවේ ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණේ ලකුණු 28ක් පමණි. අසිත ප්‍රනාන්දු සිය 10 වැනි පන්දුවාරය යැවීමට පැමිණිය ද සිව්වැනි පන්දුව යොමු කිරීමත් සමඟ ඔහු ආබාධයකට ගොදුරු විය. ඒ අනුව ඉතිරි පන්දු 2 නායක සම්මු අශාන් විසින් යවනු ලැබීය.  

බංග්ලාදේශය පන්දුවාර 50ක දී සියලු දෙනා දැවී ලකුණු 237යි – මිෂානුර් රහ්මාන් 72, මොසඩික් හොසේන් 39, යසීර් අලී 66, නුරුල් හසන් 14, හොසේන් ශන්ටො 10, චාමික කරුණාරත්න 31/4, අසිත ප්‍රනාන්දු 50/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 48.2ක දී කඩුලු 6ට ලකුණු 241යි – කමිඳු මෙන්ඩිස් (නොදැවී) 91, ෂෙහාන් ජයසූරිය 39, සඳුන් වීරක්කොඩි 47, අසේල ගුණරත්න 24, ශම්මු අශාන් 18, ශරිෆුල් ඉස්ලාම් 50/2)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<