මාෂ් – ස්ටාර්ක් සුසංයෝගයෙන් ඕස්ට්‍රේලියාව පෙරමුණට

227
England's batsman Jonny Bairstow (R) walks off after Australia defeated England on the final day of the second Ashes cricket Test match in Adelaide in December 6, 2017. / AFP PHOTO / William WEST / IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE

ඇඩිලේඩි ඕවල් පිටියේ අද (6) අවසන් වූ දෙවන අළු බඳුන ක්‍රිකට් තරගය ලකුණු 120කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. එහි දී මාෂ් හා ස්ටාර්ක් දෙපළගේ දස්කම් කැපී පෙණින.

ස්මිත්ගේ නායකත්වයේ ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියාව පෙරමුණ ගනී

1882 වර්ෂයේ පටන් ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පවත්වනු ලබන ලෝක පූජිත ක්‍රිකට් තරගාවලියක් වන “බඳු අළු බඳුන ක්‍රිකට්…

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම් නායක ජෝ රූට් පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර පළමුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන් ඇඩිලේඩි තණතීරුව මත පළමුව සිය ඉනිම ගොඩනංවන ලදි. එහි දී ඔවුන්ගේ ඉනිමෙන් කිසිදු ශතක සබඳතාවයක් ගොඩනැගුනේ නැතත් ලකුණු 442ක් වැනි හොඳ ලකුණු මට්ටමකට යාමට ඔවුන්ට හැකියාව ලැබුණි.

තවද එම ඉනිම තුළ වාර්තා වූ හොඳම සබඳතාවය වාර්තා වූයේ ෂෝන් මාෂ් හා පැට් කමින්ග්ස් අතරේ වන අතර එහි ඇති සුවිශේෂිත්වය වන්නේ එම සබඳතාවය ගොඩනැංවූයේ 9 වන කඩුල්ල සඳහා වීම නිසාවෙනි. මෙහි දී සිය කණ්ඩායමේ ඉනිම අවසන් වන තෙක් පිටියේ රැඳී සිටි වමතින් පිත්ත හසුරුවන මාෂ්, සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5 වන ශතකය ලබා ගන්නා ලදි. මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් හා උස්මාන් කවාජා අර්ධ ශතක ලබා ගත්තේය.

අවසානයේ ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 442ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටුවන ලදි. පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක ක්‍රෙයිග් ඕවර්ටන් ලකුණු 105ක් තුල කඩුලු 3ක් දවා ගන්නා ලදි.

අසේල හා කුසල් ජනිත් එක්දින සංචිතයට

ලබන 10 වැනිදා ධර්මසාලා හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා එක්දින…

අනතුරුව පිටියට අවතීර්ණ වූ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කඩුලු 3ක් දවාලු ඕවර්ටන් පිත්තෙන් ද දස්කම් අතරට පිවිසියේ එංගලන්ත මුල් පෙළ පිතිකරුවන්ට හොඳ  ආදර්ශයක් ලබා දෙමිනි. එහි දී ඕවර්ටන් 4 පහර 5ක් එල්ල කරමින් නොදැවී ලකුණු 41*ක් ලබාගන්නා ලදි. ඔහුට අමතරව ඇලස්ටයාර් කුක් ලකුණු 37ක් හා මැද පෙළ පිතිකරුවෙක් වන ක්‍රිස් වෝක්ස් ලකුණු 36ක් ලබාගෙන එංගලන්තයට යම් සහනයක් ගෙන එන ලදි. එංගලන්තය ලකුණු 227කට සීමා කළ නේතන් ලයන් කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. අමතරව මිචෙල් ස්ටාර්ක් කඩුලු 3යි.

ලකුණු 215ක වාසියක් ඇතිව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගල වන කැමරන් බෑන්ක්‍රොෆ්ට් හා ඩේවිඩ් වෝනර් යන දෙදෙනාම ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 41ක් වන විට ක්‍රීඩාගාරයේ පිටියේ අසුන් ගෙන සිටියහ. ඒ ජේම්ස් ඇන්ඩර්සන් හා ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. එහි දී උස්මාන් කවාජා 4 පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබාගත් අතර පසුපෙළ ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ද ලකුණු 20ක් රැස් කර ගන්නා ලදි.

එම ඉනිම තුල සවිමත් පදනමකට අවශ්‍ය සාර්ථක සබඳතාවයක් ගොඩනගා ගැනීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසමත් විය. අවසානයේ ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 138කට සීමා වූයේ ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු තරමක් දුරට සුනු විසුනු කරමිනි. පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් කඩුලු 5ක් දවා ගැනීමට දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත් විය.

ලකුණු 354ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි එංගලන්ත නායක ජෝ රූට් හට හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට අර්ධ ශතකයක් වෙත යාමට ස්ටාර්ක් ඇතුළු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. රූට් එංගලන්ත දෙවන ඉනිම වෙනුවෙන් මනරම් 4 පහර 9ක් එල්ල කරන ලදි. නමුත් ජෝෂ් හේසල්වුඩ්ගේ පන්දුවකට රූට් දැවී ගිය පසුව එංගලන්තයට තරගයේ පාලනය යළිත් සිය අණසකට ගැනීමට නොහැකි වූයේ ඕස්ට්‍රේලියානුවන් දක්ෂ ලෙස පන්දු යැවීම හා පන්දු රැකීම සිදු කළ නිසාවෙනි.

යුවරාජ් සිං ගෙන් නව යෞවනයින්ට පාඩමක්

ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං සහ නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක…

තවද මාක් ස්ටෝන්මන් හා  ජොනී බෙයර්ස්ටෝ ලකුණු 36 බැගින් රැස් කර ගත්තේය. බෙයර්ස්ටෝ හා මාලන් පන්දුව හඳුනා ගැනීමට වෑයම් කළත් කමින්ග්ස් හා ස්ටාර්ක් එවූ පන්දු හමුවේ ඔවුන් අසරණ විය. අවසානයේ ඔවුන්ට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 233ක් පමණි. එම නිසා ඕස්ට්‍රේලියානුවන් හට ලකුණු 120ක පහසු ජයක් ලබා ගැනීමට හැකි විය.

ඒ අනුව තරග 5කින් සමන්විත මෙම ඉතිහාස ගත ක්‍රිකට් තරගාවලියේ තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියාව සමත්ව ඇත.

තරගයේ විරයා – ෂෝන් මාෂ් (ඕස්ට්‍රේලියාව)

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – 442-8 dec (149): ෂෝන් මාෂ් 126*, ටිම් පේන් 57, උස්මාන් කවාජා 53, ඩේවිඩ් වෝනර් 47, පැට් කමින්ග්ස්  44, ක්‍රෙයිග් ඕවර්ටන් 3/105.

එංගලන්තය පළමු ඉනිම – 227-10 (76.1): ක්‍රෙයිග් ඕවර්ටන් 41*, ඇලස්ටයාර් කුක් 37, ක්‍රිස් වෝක්ස් 36, නේතන් ලයන් 4/60, මිචෙල් ස්ටාර්ක් 3/49.

ඕස්ට්‍රේලියාව දෙවන ඉනිම – 138-10 (58): මිචෙල් ස්ටාර්ක් 20, උස්මාන් කවාජා 20, ජේම්ස් ඇන්ඩර්සන් 5/43, ක්‍රිස් වෝක්ස් 4/36.

එංගලන්තය දෙවන ඉනිම – 233/10 (84.2): ජෝ රූට් 67, ජොනී බෙයර්ස්ටෝ 36, මාක් ස්ටෝන්මන් 36, ඩේවිඩ් මාලන් 29, මිචෙල් ස්ටාර්ක් 5/88.

මෙම තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය ලබන 14 සිට 18 දක්වා පර්ත් නුවර දී පැවැත්වෙන  අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10.30ට ආරම්භ වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<