බංග්ලාදේශයේ පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසේල ගුණරත්න හට අවස්ථාව උදා වන බව දැන ගන්නට ලැබේ.

අසේල ගුණරත්න පසුගිය දා නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ද, එහි දී ඔහුට එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා නොවීය.

ග්‍රැහැම් ෆෝඩ් සහ සංගක්කාර අහක දැමුණේ කෙසේ ද?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය දැරූ ජෙෆ් මාර්ෂ් මහතා 2012 වසරේ දී සිය ධූරයෙන් පහ කිරීමෙන් අනතුරුව ක්‍රිකට් ලොවේ ….

Crick Tracker වෙබ් අඩවියේ සඳහන් වන පරිදි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ පරිපාලක මණ්ඩලය විසින් මෙය තීරණය කළ ඇති නමුත් එම තීරණය තවමත් ස්ථිර වී නොමැත.

තුන් ඉරියව් අංශයේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වන අසේල ගුණරත්න ඉතාමත් කෙටි කාලයක් තුල මසේ පැවැත්වෙන විවිධ ප්‍රිමියර් ලීග් තරගාවලි පරිපාලකයින්ගේ ඇස ගැටුණු සුපිරි ක්‍රිකට් තරුවකි. නිමා වූ දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර තරගාවලියේ හා ඕස්ට්‍රේලියානු තරගාවලිය තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට අසේල සමත් වී ඇත.

මීට සති කිහිපයකට ඉහත දී නිමා වූ ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වුන තීරණාත්මක තරගයේ දී නායක මැතිව්ස් හා එක්ව අසේල ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කරමින් අගනා කර්තව්‍යයක් ඉටු කළේය. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතයට ඉතා විශිෂ්ට හා වැදගත් ක්‍රීඩකයෙකි.

එසේම තුන් ඉරියව් ක්‍රීඩක ශාහීඩ් අෆ්රිඩි, වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර්, ශේන් වොට්සන්, දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නාරයින් හා ලෝක පූජිත ක්‍රිකට් තරුවක් වන කුමාර සංගක්කාර යන ක්‍රීඩකයින් වෙත ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ අවධානය වැඩිපුර ලැබී ඇති බව එම වෙබ් අඩවියේ සඳහන් වේ.

අසේල ගුණරත්න විසින් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දැක්වූ දස්කම් මෙසේ සනිටුහන් වී ඇත.

           bbb

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට