අසේල සහ කුසල් ජනිත් පැමිණීම ගැන නව නායකයා සතුටින්

1688

ආබාධවලට ලක්ව සිට නැවත කණ්ඩායම සමඟ එක්වූ කුසල් ජනිත් පෙරේරා සහ අසේල ගුණරත්න ගේ ආගමනය, ඉන්දියාව සමඟ ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු විශාල සහයක් ලෙස තමන් විශ්වාස කරන බව නව එක්දින නායක තිසර පෙරේරා විශ්වාස කරයි.

චන්දිමාල් ප්‍රථම දස දෙනා දක්වා උසස් වේ

ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අවසානයේ ලකුණු 366ක් ලබාගත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් ස්ථාන 8ක් පෙරමුණට පැමිණ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 9 වන තැන දිනාගෙන ඇත.

ආබාධ හේතුවෙන් පසුගිය මස 6කට ආසන්න කාලයක් තුල මේ ක්‍රීඩකයන් දෙදෙනාට සැලකිය යුතු තරග ප්‍රමාණයක් අහිමි විය. කුසල් ජනිත් ජුනි මාසයේ එංගලන්තයේ පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී පාදයේ මස්පිඩු ආශ්‍රිත ආබාධයකට ලක් වූ අතර අසේලට ක්‍රිකට් පිටියෙන් ඈත් වීමට සිදු වුණේ ජූලි මාසයේ ඉන්දියාව සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ස්ලිප් කලාපයේ සිට උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ඇඟිල්ලක සිදු වූ අස්ථි බිඳීමක් හේතුවෙනුයි.

”අපි ඉතා ප්‍රශස්ත මට්ටමෙන් ක්‍රීඩා කළ කාලය දෙස නැවත හැරී බැලුවහොත් ඔබට මතක ඇති මෙම ක්‍රීඩකයන් දෙදෙනා එම කණ්ඩායම්වල ඉතා වැදගත් කොටසක්ව සිටි බව. අපිට පසුගිය මස 6 ඇතුළත ඔවුන්ගේ එම සේවය අහිමි වීම හොඳින්ම දැනුණා. ඔවුන්ගේ නැවත පැමිණීම තුලින් කණ්ඩායමට හොඳ ක්‍රීඩක සංකලනයක් ලැබී තිබෙනවා. මම සතුටු වෙනවා ඔවුන් කණ්ඩායමට පැමිණීම පිළිබඳව.” තිසර පෙරේරා මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

ඉන්දු – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය ලබන ඉරිදා (10) පැවැත්වෙන්නේ හිමාල  කඳු වැටිය ආශ්‍රිත දර්ශනීය නගරයක් වන ධරම්ශාලා හී හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දීයි. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගී වූ එක්දින තරග 12ම පරාජය වී ඇති අතර එම පරාජයේ රැල්ල නවතා දැමීමට තම කණ්ඩායමට හැකිවනු ඇති බව නායක තිසර පෙරේරාගේ විශ්වාසයයි.

”ඕනෑම කණ්ඩායමකට මෙවන් අවාසනාවන්ත කාල පරිච්ඡේද හමු විය හැකියි. එය චක්‍රයක් වැනියි. ඔබ හොඳින් ක්‍රීඩා කරන කාල තිබෙනවා, ඒ වගේම දුර්වල ලෙස ක්‍රීඩා කරන කාල තිබෙනවා. අපිට අපේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා නොකරන අවස්ථාවල දී පිට රටවල්වලින් ක්‍රීඩකයන් ගේන්න බැහැ. අපිට කරන්න තිබෙන්නේ ඉන්න ක්‍රීඩකයන් සමඟ ජයග්‍රාහී මාවත සොයා ගැනීමයි. මේ වෙලාවේ අපේ කණ්ඩායමේ විශ්වාසය දුර්වල මට්ටමක තිබෙන්නේ. අපිට එක් තරගයක් ජය ගැනීමට හැකි වුනොත් සියල්ල යථා තත්ත්වයට පත් වේවි.”

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ දකුණු අප්‍රිකාවට පමණක් පහළින් දෙවන ස්ථානයේ පසු වන ඉන්දීය කණ්ඩායම මෙම එක්දින තරගාවලියේ වැඩි වාසි හිමි කණ්ඩායමයි. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ පසුවන්නේ 8 වන ස්ථානයේයි.

”අපි කළ යුත්තේ ක්‍රීඩාවේ මූලිකාංග නිවැරදිව ක්‍රියාත්මක කිරීමයි. අමතක කරන්න එපා අපේ කණ්ඩායම මීට වැඩි කාලයකට පෙර ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ දෙවන හෝ තෙවන ස්ථානයේ පසු වුනා. එම නිසා අපිට හැකි විය යුතුයි අපේ දක්ෂතා සමඟින්ම වර්ගීකරණයේ ස්ථානයත් වර්ධනය කර ගැනීමට.” තිසර වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව මෙම වසර තුළ එක්දින තරගාවලි තුනක දී තරග 5-0ක් ලෙස පූර්ණ පරාජයන්ට මුහුණ දී තිබෙන අතර එම ලැජ්ජා සහගත පරාජයන් තුනෙන් එකක ජයග්‍රාහී ප්‍රතිවාදීන් වන්නේ ඉන්දියාවයි.

ශ්‍රී ලංකාවේ දස්කම්වලින් ‘Social Media’ කැලඹෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයේ ටෙස්ට් තරගාවලියේ, නවදිල්ලි නුවර පැවති 3 වන හා අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල…

”අපේ කණ්ඩායමේ විශ්වාසය දුර්වලයි. ඔබ ඇවිත් බැලුවොත් මේ ක්‍රීඩකයන් පුහුණුවීම්වල දී කරන දේවල් ඔබ පුදුම වෙයි. පුහුණුවීම්වල දී කරන දේ පිටිය මැදදීත් ක්‍රියාත්මක කරන්න හැකි වුනොත් මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙයි. මගේ පෞද්ගලික විශ්වාසය වන්නේ තරග පරාජය වන විට බිඳී යන විශ්වාසය නැවත ගොඩ නගා ගැනීම තමයි අපි දියුණු කර ගත යුතු එක් ප්‍රධාන ගුණාංගයක් වන්නේ.” තිසර පවසයි.

ඉන්දියාව මෙම එක්දින තරගාවලියට ක්‍රීඩා කරන්නේ නිත්‍ය නායක විරාත් කෝලි නොමැතිවයි. කෝලි හට විවේකයක් ලබා දීමට තීරණය කර ඇති එරට ක්‍රිකට් බලධාරීන් එක්දින නායකත්වයේ වගකීම රෝහිත් ශර්මා වෙත පවරා තිබේ. ”ඔහු තමයි ඉන්දීය කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරුවා. කෝලි නැති වුවත් ඊට දෙවැනි නොවන පිතිකරුවන් රැසක් ඉන්දීය කණ්ඩායම සතුයි. නමුත් අපි ඒ පිළිබඳව හිතන්නේ නැහැ. අපිට හිතන්න තිබෙන්නේ අපේ දක්ෂතා උපරිමයෙන් ක්‍රියාවට නැංවීම පිළිබඳවයි. ඉතින් අපේ අරමුණ එයයි.” තිසර අවසන් වශයෙන් පැවසීය.

මේ අතර, පාදයේ මස්පිඩු ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදු වූ, දිල්ලි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරු, ධනංජය ද සිල්වා මේ වන විට කණ්ඩායමේ භෞත චිකිත්සක වරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පළමු එක්දින තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය පළමු එක්දින තරගයට පෙර දින පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයකින් අනතුරුව තීරණය කෙරෙනු ඇති.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<