අසංක හා යාපා පොදුරදමඩුලු බීච් වොලිබෝල් සඳහා සූදානමින්

195

ඊයේ (4) අතිඋත්සවශ්‍රීයෙන් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ දී ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි බීච් වොලිබෝල් තරග ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (6) ආරම්භ වන අතර අසංක ප්‍රදීප් කුමාර හා මලින්ත යාපා එහි දී ශ්‍රී ලංකා පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරනු ඇත.

රන් පදක්කම් 275ක් සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සටන ඇරඹේ

එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ එම ආර්යාව ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගි වන …

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් තරග හෙට (6) සිට ලබන 12 වැනිදා දක්වා  ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් වෙරළ තිරයේ පැවැත්වෙන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී බීච් වොලිබෝල් තරග පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. කණ්ඩායම් 12ක් කාණ්ඩ 3ක් යටතේ තරග වදින අතර සෑම කාණ්ඩයකම පළමු කණ්ඩායම් දෙක හා තවත් එක් කණ්ඩායමක් පිළිමළුන්ගේ තරග වටයට ඇතුළත් වනු ඇත. නිමා වූ ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේ දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය.

ප්‍රබල ජපානය පරදා ශ්‍රී ලංකාවට ජය

තාලියන්තයේ ‘Nakhon Pathom’ හිදී පැවැත්වෙන 2018 වයස අවුරුදු 19න් පහළ වෙරළ වොලිබෝල් …

ශ්‍රී ලංකා පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායම B කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩය යටතේ සියෙරා ලියොන්, කැනඩාව, ස්කොට්ලන්තය යන රටවල් තරග වදිනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිත්වය දරනු ලබන්නේ මහේෂ් පෙරේරා මහතා විසිනි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<