අරුණ, රන්දී, අමිල සහ නදීෂා සම්මාන දිනයි

246

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ලද ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ 30 වන අදියර ඔක්තෝබර් 26 සිට දින තුනක් පුරා මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර තරගාවලිය සාර්ථක ලෙස ඊයේ (28) නිමාවට පත්විය.

>>පළමු දිනයේම අරුණ දර්ශන වාර්තාවක් බිඳ හෙළයි<<

ගම්පහ දිස්ත්‍රික්කය නැවත වරක් සමස්ත ශූරතාවය දිනා ගත් අතර මේ ඔවුන් අඛණ්ඩව ශූරතාව දිනා ගත් සිව්වැනි වසරයි. සචිනි උදේශිකා, නදීශානි හෙන්ඩර්සන් වැනි ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගම්පහ දිස්ත්‍රික්කය පළමු ස්ථානයට ඔසවා තබද්දී දෙවන ස්ථානය දිනා ගැනීමට පුත්තලමත්, තෙවැනි ස්ථානය දිනා ගැනීමට කොළඹ දිස්ත්‍රික්කයත් සමත් විය.

වයස අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා අරුණ දර්ශන

ශ්‍රී ලංකාවේ දක්ෂතම මීටර 400 ධාවකයා වන අරුණ දර්ශණ මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වයස අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය. තරගාවලියේ ආරම්භක දිනයේ දී මීටර 200 ඉසව්ව තත්පර 21.33කින් නිමා කරමින් එම ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වූ අතර දිවයිනේ වේගවත්ම මීටර 400 ධාවකයා වුවත් ඔහු මෙම තරගාවලියේ දී මීටර 400 ඉසව්වට සහභාගී වූයේ නැත. වයස අවුරුදු 20න් පහළ මීටර 400 ඉසව්ව ජය ගැනීමට පසිඳු කොඩිකාර සමත් විය.

>>මලල ක්‍රීඩා පිටියේ අනාගත පාරමිතාව “පාරමී”<<

අමිල ජයසිරි වයස අවුරුදු 20න් ඉහළ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනයි

වයස අවුරුදු 20න් පහළ කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් මීටර 11.95ක දුරක් වාර්තා කළ රන්දී කුරේ වයස අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදි.  

ශ්‍රී ලංකාවේ මීටර 8 සීමාව ඉක්මවා ගිය දුර පනින ක්‍රීඩකයෙකු වන අමිල ජයසිරි වයස අවුරුදු 20න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ වයස අවුරුදු 20න් ඉහළ දුර පැනීමේ ඉසව්වෙන් මීටර 7.23ක දුරක් වාර්තා කරමිනි.  

නදීෂා වයස අවුරුදු 20න් ඉහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබයි

නදීෂා වයස අවුරුදු 20න් ඉහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැගී එන මීටර 400 ක්‍රීඩිකාවක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ නදීෂා රාමනායක මීටර 400 ඉසව්ව තත්පර 54.52කින් නිමා කරමින් වයස අවුරුදු 20න් ඉහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

තුන්වන දිනයේ ප්‍රතිඵල සටහන

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<