නායකත්වයේ වගකීම් අරුණට

615

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වන 83 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට මීටර 400 ධාවන ශූරයෙකු වන අරුණ දර්ශන පත් කර තිබේ. දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය එළඹෙන මැයි 5 හා 6 යන දිනවල දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

දකුණු ආසියානු තරගාවලියට යන පොඩ්ඩෝ නම් කෙරේ

එළඹෙන මැයි 5 වැනිදා හා 6 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ …

අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මහා විද්‍යාලයේ ඉගනුම ලබන අරුණ දර්ශන නිමා වූ ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලියේ දී නව තරගාවලි වාර්තා දෙකක් සමඟින් මීටර 400 ඉසව්ව (තත්පර 46.59) හා මීටර 200 ඉසව්ව සිය ග්‍රහණයට නතු කරගැනීමට සමත් විය. දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ඔහු මීටර 200, 400 මෙන්ම 4X400 සහය දිවීමේ ඉසව්වෙන් ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.

මාරිස් ස්ටෙල්ලා විදුහලේ වේගවත් ධාවක සහ වයස අවුරුදු 20න් පහළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස තත්පර 10.84කින් මීටර 100ඉසව්ව නිමා කරමින් අභිෂේක ලැබූ චානුක සංදීප හට කණ්ඩයමේ නියෝජ්‍ය නායකත්වය හිමි වී තිබේ. මීටර 100 ඉසව්වට අමතර 100X4 සහය දිවීමේ ඉසව්වෙන් ද ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.

කන්ද උඩරටින් ධාවන පථයට එක්වන අමාෂා ද සිල්වා හට කණ්ඩයමේ උප නායකත්වය හිමිව තිබේ. මීටර 100, මීටර 200 ඉසව් ජය ගනිමින් ද, මීටර 400 ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගනිමින් ද නිමා වූ ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලියේ සිය නාමය සනිටුහන් කළ ඇය දකුණු ආසියානු ශූරතා තරගාවලියේ මීටර 100, මීටර 200 කේවල ඉසව් ද, 4X100, 4X400 සහය දිවීමේ ඉසව් ද නියෝජනය කරනු ඇත.

ශ්‍රී ලංකාවට පසු වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී වන්නේ ඉන්දියාවෙන් වන අතර එම ගණන 68කි. ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන ඉන්දීය සංචිතය අද (3) ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතයි.  

තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමට පැවති මධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දස්කම් සලකා බැලූ විට අවම වශයෙන් රන් පදක්කම් 10ක් හෝ බලාපොරොත්තු විය හැකි බවයි.

වේගවත්ම ක්‍රීඩකයා හිමාෂ; ක්‍රීඩිකාව සුගන්ධි

2018 වර්ෂය සඳහා වන ජාතික තේරීම් තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (28) සාර්ථකව …

2013 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන මෙම දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දක්වන දස්කම් අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කනිෂ්ඨ ආසියානු ශූරතා තරගාවලිය මෙන්ම ලෝක කනිෂ්ඨ ශූරතා තරගාවලියට ද සුදුසුකම් ලැබීමේ වරම් හිමිවනු ඇත.

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය මැයි 5 වැනිදා හා 6 වැනිදා සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<