ශ්‍රී ලාංකිකයෙක් අතින් පයින් වැඩ පෙන්වයි

2014

එංගලන්තයේ වුස්ටර්ෂයර් ප්‍රාන්තයේ දී පැවති ලෝක එක්සත් මිශ්‍ර සටන් කලා ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ඒමට අර්ෂාන් උවයිස් සමත් විය. ඒ පළමු වතාවට K1 ශූරතාවයක් ශ්‍රී ලංකාවට දිනා දෙමිනි.

මේ සඳහා රටවල් 45ක ක්‍රීඩකයන් සහභාගී වූ අතර එහි දී ශ්‍රී ලංකාවේ අර්ෂාන් උවයිස් ශූරයා බවට පත්විය. තරගාවලිය සංවිධානය කළේ ලෝක එක්සත් මිශ්‍ර සටන් කලා සම්මේලනය (WUMA) විසිනි.

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන අර්ෂාන්, රග්බි ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කොට ඇතිවූ ආබාධයකින් පසුව කික් බොක්සිං ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වී ඇත.

මාරාන්තික සටන් කලාවන්

ඇතැම් විට හදිසි සටනක් මධ්‍යයේදී සටන්කරුවන්ගේ ජීවිතය තොරවීමෙන්..

මිශ්‍ර සටන් කලා” (MMA) අද ලොව පුරා ජනප්‍රිය සටන් තරගාවලි වලට පදනම සපයා ඇති අතර K1 යනු ලොව පුරා කික් බොක්සිං සටන්කරුවන්ට ජාත්‍යන්තරය කරා යාමට ලැබෙන අවස්ථාවකි. K1 ගෝන් ප්‍රී තරගාවලිය ජපානය තුළ ඇරඹී ලොව පුරා ජනප්‍රිය වූ ජාත්‍යන්තර කික් බොක්සිං තරගාවලියක් වන අතර ලෝක ප්‍රසිද්ධ සටන්කරුවන් වන ඇලිස්ටෙයාර් ඕවරීම් වැනි ක්‍රීඩකයන් එම තරගාවලියෙන් UFC දක්වා යාමට වාසනාවන්ත වූ ක්‍රීඩකයන් වේ. UFC යනු ලොව ප්‍රමුඛතම මිශ්‍ර සටන් කලා ප්‍රවර්ධකයායි.

Alistair Overeem
cdn.vox-cdn.com – ඇලිස්ටෙයාර් ඕවරීම්

අර්ෂාන් ජය ගත් තරගාවලියෙන් පසුව ඔහුට K1 ගෝන් ප්‍රී තරගාවලිය දක්වා යාමට තවත් පියවර කිහිපයක් ඇති අතර ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ ලද ජයග්‍රහණයට සුබ පතමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<