දෙවන අර්ධයේ දී නිව් යංග්ස් වැනසූ යුධ හමුදා ප්‍රහාරය

354
Army thump New Youngs in a second half rampage translated

අද (13) කැලණිය ක්‍රීඩාංගණයේ දී පැවති ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තරගයක දී ගෝල 5-0ක් වශයෙන් නිව් යංග්ස් ක්‍රීඩා සමාජයට යන එන මං අහිමි කළ යුධ හමුදා ක්‍රීඩා සමාජය, තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.

ජයග්‍රහණය දැඩි සටනකින් පසු බ්ලූ ස්ටාර් කණ්ඩායමට

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ පස්වැනි සතිය වෙනුවෙන් බ්ලූ ස්ටාර් කණ්ඩායම සහ සොලිඩ් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේ දී ගෝල 2-0ක් ලෙස ජය ගත් බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින්, ලකුණු 3ක් …

ආරම්භයේ දී සුපිරි දස්කම් කණ්ඩායම් ද්විත්වයෙන්ම ප්‍රදර්ශණය නොවුණත් ෆොස්ටර් අමාඩිගෙන් ලැබුණු අගනා පන්දු යොමුවක් වෙත එල්ල කිරීමට නිව් යංග්ස් පිලේ මොහොමඩ් ෆව්සාන් උත්සුක විය. එනමුත් යුධ හමුදා කණ්ඩායමේ ආදේශක ගෝල රකින්නා වූ මොහොමඩ් අජ්මාල්ගේ පියා සැරීම් හමුවේ පන්දුව ගෝලය ආසන්නයේ දී නැවතුණි.

ඉන්පසුව පීඩනය වැඩි කරමින් ඉදිරියට ආ යුධ හමුදා ක්‍රීඩකයන් වෙනුවෙන් සංක ධනුෂ්ක අලංකාර ගෝලයක් වාර්තා කළේ ගෝලයට යාර 25ක් පමණ ඈතින් සිටයි. පසුව යළි ක්‍රියාත්මක වූ මොහොමඩ් ඉසඩීන් එල්ල කළ පහරක් ගෝලය ආසන්නයේ දීම නවතාලන්නට නිව් යංග්ස් හි මධුශංක කරුණාරත්න සමත් විය.

සජිත් කුමාර ද ප්‍රථම අර්ධයේ අවසන් භාගයේ දී ගුවනේ පාවෙමින් කළ උත්සාහයක් වැළකී ගියේ පන්දුව ගෝලයට ඉහළින් පියා සැරීම හේතුවෙනි.

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 1-0 නිව් යංග්ස් ක්‍රීඩා සමාජය.

දෙවන අර්ධයේ දී වේගවත් රටාවකට අවතීර්ණ වූ යුධ හමුදා කණ්ඩායමේ සජිත් කුමාර, මිනිත්තු දෙකක් ඉක්මයන්නටත් මත්තෙන් ගෝලයක් රැස් කළේය. පසුව සිය නායකයාගෙන් ලද හරස් පහරක් ගෝලය තුළට හරවා යවන්නටද ඔහුට හැකිවිය.

අනතුරුව තිවංක චන්ද්‍රසේකරත්, මොහොමඩ් රිම්සාන් නුත් ගෝල දෙකක් රැස්කරමින් යුධ හමුදා පරතරය ගෝල 5ක් දක්වා ඉහල නැංවූයේය. තරග බිමේ ඉහළටත් පහළටත් විඩා නොමැතිව දිව ගිය සංක ධනුෂ්කගේ දස්කම් යුධ හමුදා මැදපෙළ වෙනුවෙන් තරගය පුරාම  කැපීපෙනිණි.

සම්පුර්ණ කාලය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 5-0 නිව් යංග්ස් ක්‍රීඩා සමාජය.

ThePapare.com තරගයේ වීරයා: සංක ධනුෂ්ක (යුධ හමුදාව)

යුධ හමුදා පුහුණුකරු මොහොමඩ් ෆවුමි තරගයෙන් අනතුරුව සතුටින් කියා සිටියේ,

“අවසන් ලකුණු තත්වය ගැන මා සතුටුවෙන්නේ ලබා ගත් ගෝල සංඛ්‍යාව ගැන නොවෙයි, අපට පහසුවෙන්ම තවත් ගෝල කිහිපයක්ම ලබා ගන්නට ඉඩ තිබුණු බව මට විශ්වාස නිසා. මට දිගටම වුවමනා වුණේ අප ප්‍රතිවාදීන්ගේ (නිව් යංග්ස්) වේගයට වඩා වේගයෙන් ක්‍රීඩා කිරීමයි.” යනුවෙනි.

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින් –

යුධ හමුදාව – සංක ධනුෂ්ක 27′, සජිත් කුමාර 47′, 51′, තිවංක චන්ද්‍රසේකර 71′, මොහොමඩ් රිම්සාන් 89′.

කහ කාඩ්පත්

සජිත් කුමාර 35′ (යුධ හමුදාව), මොහොමඩ් ෆව්සාන් 48′ (නිව් යංග්ස්).

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට