වරාය, ගුවන් හමුදාව, කැෂුවල්ලයින් හා යුද හමුදාව අර්ධ අවසන් වටයට

351

MAS කැෂුවල්ලයින්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා යුද හමුදා ක්‍රීඩා සමාජය, 10 වන වරට පැවැත්වෙන 2017 මන්චී වොලිබෝල් ශූරතා තරගාවලියේ කාන්තා සුපර් ලීග් (එළිමහන්) තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට තේරී පත්වීමට සමත් විය.

විදුලිබල, වරාය, ගුවන් හමුදාව හා යුද හමුදාව අවසන් 4ට

10 වන වරටත් පැවැත්වෙන 2017 මන්චී වොලිබෝල් ශූරතා තරගාවලියේ පිරිමි සුපර් ලීග්…

මෙහි මූලික තරග එළිමහන් වොලිබෝල් පිටි කිහිපයක් වන පුත්තලම (කොස්වාඩිය, නාත්තන්ඩිය හා ආනමඩුව), ගම්පහ (රදාවාන), සීදුව (රද්දොළුව), රත්නපුර (කහවත්ත), කෑගල්ල (ගලිගමුව) යන ස්ථානවල දී පැවැත්විය.

A කාණ්ඩය

A කාණ්ඩයේ පැවැත්වූ උණුසුම් තරගයක් වන ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගයේ, පළමු වට දෙක ලකුණු 28-30ක් හා 26-28ක් ලෙස වරාය අධිකාරි කණ්ඩායම ජයග්‍රහණය කළත්, ජාතික මට්ටමේ වොලිබෝල් ක්‍රීඩිකාවන් සිටින ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අවසන් වට තුන තුල සිය ප්‍රහාරය දැඩි කරමින් එම තරගය වට 3/2ක් ලෙස ජයග්‍රහණය කරන ලදි.

වරාය අධිකාරිය හා නාවික හමුදාව අතර පැවැත්වූ තරගය ද ඉතාමත් තියුණු තරගයක් විය. එය ද වට 3/2ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වූයේ, අවසන් හා පස්වන වටය ලකුණු 15-12ක් ලෙස අවසන් කරමිනි. ගුවන් හමුදාව හා නාවික හමුදාව අතර පැවැත්වූ මූලික කාණ්ඩයේ අවසන් තරගය වට 3ක් තුල නිමා කිරීමට ප්‍රබල ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

A කාණ්ඩයේ තරග ප්‍රතිඵල (එළිමහන් තරග)

  • ගුවන් හමුදාව 28-30, 26-28, 25-10, 25-15, 15-10 ශ්‍රී ලංකා වරාය අධිකාරිය
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය  16-25, 23-25, 25-15, 25-18, 15-12 නාවික හමුදා ක්‍රීඩා සමාජය
  • ගුවන් හමුදාව 29-27, 25-15, 25-21  නාවික හමුදා ක්‍රීඩා සමාජය

A කාණ්ඩයේ ලකුණු පුවරුව

Matches Pts Sets Points
Rank Team Won Lost Won Lost Ratio Won Lost Ratio
1 Air Force 4 0 10 12 4 3.000 381 288 1.323
2 SLPA 2 2 7 10 8 1.250 357 372 0.960
3 Navy SC 0 3 0 2 12 0.167 255 333 0.766

යුද හා ගුවන් සෙබළියන් ආධිපත්‍ය පතුරවයි

වොලිබෝල් ක්‍රීඩාවට කවදත් අතහිත දෙන මන්චි ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව පවත්වනු ලබන..

B කාණ්ඩය

ලකුණු පුවරුව ඉතාමත් කාර්‍යබහුල වූ යුද හමුදාව හා MAS කැෂුවල්ලයින් තරගය වට 3/0ක් ලෙස ජය ගැනීමට ප්‍රබල යුද හමුදා ක්‍රීඩිකාවන් සමත් වුවත්, ඔවුන්ට දැඩි අභියෝගයක් ලබා දීමට MAS කැෂුවල්ලයින් ක්‍රීඩිකාවන් සමත් විය.

ජාතික තරුණ සේවා සභාව හා MAS කැෂුවල්ලයින් තරගයේ ලකුණු පුවරුව 25-08ක්, 25-16ක්, 25-14ක් ලෙස දැක්වූයේ MAS කැෂුවල්ලයින් පිලට වට 3/0ක ජයක් හිමිකර දෙමිනි.

B කාණ්ඩයේ තරග ප්‍රතිඵල (එළිමහන් තරග)

  • යුද හමුදාව  33-31, 25-20, 25-22 MAS කැෂුවල්ලයින්
  • යුද හමුදාව  25-13, 25-12, 25-13 ජාතික තරුණ සේවා සභාව
  • MAS කැෂුවල්ලයින්  25-8, 25-16, 25-14 ජාතික තරුණ සේවා සභාව

B කාණ්ඩයේ ලකුණු පුවරුව

Matches Pts Sets Points
Rank Team Won Lost Won Lost Ratio Won Lost Ratio
1 Army SC 4 0 12 12 0 MAX 308 199 1.548
2 MASCL 2 2 6 6 7 0.857 301 251 1.199
3 NYSC 0 4 0 1 12 0.083 162 321 0.505

>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<