“IPL යනකොට බෝම්බයක් ගියත් ඒවා මේ ක්‍රීඩකයින්ට පේන්නේ නැහැ” – අර්ජුනගෙන් සංගාට පිළිතුරු

1660

2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි කුමාර් සංගක්කාර විසින් නගා තිබූ චෝදනාව ගැන මෙන්ම 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ගැනද පර්යේෂණයක් පැවැත්වීම තමන් අනුමත කරන බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා නිල නිවේදනයක් මඟින් පවසා සිටියි.

තවදුරටත් අර්ජුන කියාතිබෙන්නේ සුදුපිරුවට හැඳ සිටින ක්‍රීඩකයන්ගේ අභ්‍යන්තරය තමන් හොඳින් හඳුනන බවයි.

“දැන් ඔය සංගක්කාර මහත්තයා කියනවනම් පරීක්ෂණයක් පවත්වන්න කියලා, මමත් කියන්නේ පරීක්ෂණයක් පවත්වන්න.” අර්ජුන සුපුරුදු කෙලින් කතාව ඇරඹුවේ එලෙසිනි. අද (13) උදේ පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී ඔහු පවසා ඇත්තේ 2009 වසරේ ලාහෝර් ප්‍රහාරය සිදුවන විට ඒ සම්බන්ධ නිසිබලධාරියා වූයේ එවකට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් එස්. ලියනගම මහතා බවයි.

වසර ගණනාවක් පුරාවට සැඟව තිබූ රහස් එළිදුටුවේ ඉන් පසුවයි.

“ඊට මාස කිහිපයකට පෙර මම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති. අපි ආසියානු තරගාවලිය පාකිස්ථානයේ පැවැත්වුවේ. එය ඉතාමත් හොඳට තිබුණා. ඊට පස්සේ අයි. පී. එල්. තරගාවලියට යන්න ඕන කියලා චාලි ඔස්ටින්ගේ කණ්ඩායම ඇවිත් මට කිව්වා. එතැනදී මම කිව්වේ රට පාවලා දීලා එයට මට අත්සන් කරන්න බැහැ කියලා.  ඊට පස්සේ ගාමිණී ලොකුගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා මාව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අයින් කළා.”

තමන් සෑමවිටම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලෙන් කටයුතු කළ බව අර්ජුන කීවේය.

“ඊට පස්සේ තමයි පකිස්ථාන සංචාරය තිබ්බේ. එහිදී තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරට පත් වුනේ. මං හිතන්නේ ඒ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. නමුත් අමතක කරන්න එපා, ඔය පාකිස්ථානයට ගිය ක්‍රීඩකයෝ ඊට පෙර ඒ රටේ පැවති ආසියානු කුසලානයට ගියා. ඒ ගොල්ලෝ දැක්කා මම ඉන්න කාලේ කොච්චර ආරක්ෂාවක් තිබුණද කියලා.”

“ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය ගැන පරීක්ෂණයක් නැත්තේ ඇයි?” – සංගක්කාර ප්‍රශ්න කරයි

ක්‍රීඩා කණ්ඩායම් සහ ගෝලීය දේශපාලනය අතර ඇති සම්බන්ධය ඉතාමත් කිට්ටු එකක් බව පැහැදිලි වන සිදුවීම් කිහිපයක්ම ඉතිහාසයෙන් හඳුනාගත හැක. අප මේ කතා කරන්නේ…

“මම කියන්නේ 2011 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට මොකද වුනේ කියලා පරීක්ෂණයක් කරන්න. ඔය කථා කරන ක්‍රීඩකයින්ටත් දැන් හරි කාලේ ඇවිල්ලා තියෙනවා, මොනවා හරි වෙලා තියෙනවා නම් මෙන්න වෙච්ච දේ කියලා ඇවිල්ලා කියන්න.” අර්ජුන මින් ඉඟිකරන්නේ එහිදී තරග පාවාදීමක් සිදුවී ඇති වග නම්, අප කළ යුත්තේ ඉක්මන් පරීක්ෂණයක් පැවැත්වීමයි. එහෙත් ඊට සාක්ෂි ඉදිරිපත් කෙරෙන්නේ කෙසේ දැයි සැලකිල්ලට ගත යුතු වේ.

එහෙත් අර්ජුන කියන ආකාරයට තවමත් ඔහු සතුව සාක්ෂි නැතිවගක් පෙනේ.

“මට දැන්ම කියන්න බැහැ ඒවා මොකද්ද කියන එක. මම කරුණුත් එක්ක කවදක හරි දවසක ඒවා කියනවා.”

“ඉන්දියාවේදි තමයි එල්. ටී. ටී. ඊ තර්ජනය අපිට වැඩියෙන්ම තිබුණේ. නමුත් ඔය එකම ක්‍රීඩකයෙක්වත් ඉන්දියාවට යන්න බැහැ කිව්වේ නැහැ. මොකද ඒ ගොල්ලෝ දන්නවා බැහැයි කිව්වොත් අයි. පී. එල්. තරගාවලිය ලැබෙන්නේ නැහැයි කියලා. අයි. පී. එල්. තරගාවලියට යනකොට බෝම්බයක් ගියත් ඒවා මේ ක්‍රීඩකයින්ට පේන්නේ නැහැ.” තවදුරටත් කරුණු පැහැදිලි කරමින් අර්ජුන පවසන්නේ එලෙසයි.

අද අප හැමදෙනාම පිළිගන්නා පරිදි ක්‍රිකට් ක්‍රීඩාවේ ගැටලු කිහිපයක් ඇත. ඒ සෑම ගැටලුවකින්ම ක්‍රිකට් ක්‍රීඩාව පහළට ගොස් ඇතැයි අර්ජුන රණතුංග මෙහිදී පැවසුවේය.

“අද රටේ ක්‍රිකට් වැටිලා. ඒ ගැන ඔය ක්‍රීඩකයෝ කතා කරන්නේ නැහැ. නමුත් රට ඉඳන් තමන්ගේ මැනේජර් බේර ගන්න කථා කරනවා. මම නම් කියන්නේ ඒජන්තවරුන් සම්බන්ධයෙන් වන නීති පැනවිය යුතුයි.”

බංගලාදේශය සමඟ නැගිටිමු!

ශ්‍රී ලාංකික ජනයාට තිබුණේ ක්‍රිකට් පිස්සුවෙන් යුත් 90 දශකයකි. තරග ඇති දිනවල රාජකාරියේ යෙදෙන අතරතුර “පොකට් රේඩියෝව” (2000න් පෙර දරුවන් දනියි) කනට කිට්ටුවෙන් තබාගෙන…

මේ වන විට ලැව්ගින්නක් සේ පැතිර යන කළමනාකරුවන්ගේ ගැටලුව පිළිබඳ අදහස් දක්වමින්,

“මම දන්න විදියට එක කණ්ඩායමකට ඔය චාලි ඔස්ටින් කියන තැනැත්තගේ ක්‍රීඩකයෝ පහ, හය, හත ගහලා තියෙනවා. අනිත් එක මේ පුද්ගලයා පිටරටින් ආපු පුද්ගලයෙක්. ඔහු මේ රටෙන් උපයන මුදලට බදු ගෙවලා තියෙනවද ? ඒව ගැන සොයන්න. මම කිසිම ක්‍රීඩකයෙක් පහත් කරලා කතා කරන්නේ නැහැ. නමුත් සුදු පිරුවටින් වහන් ඉන්න අයගේ ඇතුළේ මොනවද තියෙන්නේ කියලා මම දන්නවා” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

හිටපු ක්‍රීඩකයන් එකිනෙකා සමඟ වාදකිරීම අපි අගය නොකරමු. එහෙත් මින් සිදුවූ සතුටුදායක දෙය නම් ශ්‍රී ලංකා ක්‍රිකට් පද්ධතියට දේශපාලනයේ අතපෙවීම පිළිබඳව කවුරුන් හෝ ප්‍රසිද්ධියේ කතාකිරීමට පෙළඹීමයි. දේශපාලනයේ තිරය ඉවත්වීමත් සමඟින් දැන් ගැටලු එකින් එක පැහැදිලි වේ. ක්‍රිකට් බලධාරීන් මේ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම්ද? ThePapare.com තුළින් බලාපොරොත්තු වන්න.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට