රොබෙන් ඉස්සර වුනා වැඩි ද?

159
©performgroup.com

ජර්මනියේ බයර්න් මියුනික් සහ එංගලන්තයේ චෙල්සී පාපන්දු කණ්ඩායම් වල ප්‍රබල පුරුකක් වූ නෙදර්ලන්ත ජාතික ආර්යන් රොබෙන්, පාපන්දු ක්‍රීඩාවට සමුදීමට තීරණය කොට තිබෙනවා.

කණ්ඩායමේ ඉදිරි දෙකෙළවර ඕනෑම ස්ථානයක ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙකු වූ රොබෙන්ගේ බයර්න් මියුනික් කොන්ත්‍රාත්තුව අවසන් වුනේ පසුගිය ජුනි මාසයේ දීයි. එම තරගවාරයේ දී ආබාධ රැසකට ලක්වීමට ඔහුට සිදු වුනා. ග්රොනින්ගන් නම් නෙදර්ලන්ත පාපන්දු සමාජය සමඟින් මීට වසර 19කට පෙරාතුව තම වෘත්තීය පාපන්දු දිවිය ඇරඹූ ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නා විට වයස අවුරුදු 35ක ක්‍රීඩකයෙක්.

Video – ජම්බෝල ගෙඩියෙන් පාපන්දු උගත් ලොව විශිෂ්ටතමයා – Pele

“පේලේ” යන නාමයෙන් හැඳින්වුණු එඩිසන් ……..

නෙදර්ලන්තය වෙනුවෙන් සහභාගී වූ තරග 96ක දී ගෝල 37ක් රැස්කිරීමට ඔහු සමත්ව තිබෙනවා. පන්දුව සමඟ වේගයෙන් ඉදිරියට ධාවනය කළ හැකි ක්‍රීඩකයෙකු ලෙස ඔහු ප්‍රකටයි. බයර්න් මියුනික් කණ්ඩායම සමඟින් බුන්ඩස්ලීගා තරගාවලි 8ක ශූරතාවය දිනා ඇති ඔහු චෙල්සී කණ්ඩායම සමඟින් 2005 සහ 2006 ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනා ගත්තා. 2013 දී ශූරයන්ගේ කුසලාන තරගාවලිය ජය ගැනීමට ඔහු සමත් වුනේ බයර්න් මියුනික් කණ්ඩායම සමඟින්.

තමන් ක්‍රීඩා කළ සෑම ක්‍රීඩා සමාජයක් සමඟින්ම ශූරතා දිනා ඇති රොබෙන්, රියාල් මැඩ්රිඩ් සහ නෙදර්ලන්තයේ PSV  කණ්ඩායම් සමඟින් ද ක්‍රීඩා කොට තිබෙනවා. ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන් නම් ඔහු තවත් වසරක් දෙකක් ක්‍රීඩා කරනු නරඹන්නට කැමති බව නොරහසක්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<