අනූෂා තවත් දඩයමකට සැරසෙයි

129

ජාත්‍යන්තර බොක්සිං සංගමය සංවිධානය කරන ලෝක ශූරතා කාන්තා බොක්සිං තරගාවලියේ තරග කිරීමට ශ්‍රී ලංකා කාන්තා බොක්සිං ශූරිය වන අනූෂා කොඩිතුවක්කු පසුගිය 13 වැනිදා දිවයිනෙන් පිටත් විය.

තරගාවලිය මෙම මස (නොවැම්බර්) 15 වැනිදා සිට 25 වැනිදා දක්වා ඉන්දියාවේ නව දිල්ලි නුවර දී පැවැත්වෙන අතර තරගාවලියේ කි. ග්‍රෑ. 51 බර පන්තිය නියෝජනය කරමින් අනූෂා තරග වැදීමට නියමිතයි.

වායු දූෂණයට එරෙහිව බොක්සිං ගහන ක්‍රීඩිකාවෝ

ලෝක කාන්තා බොක්සිං ශූරතා තරගාවලියට පෙර ‘දිල්ලියේ වායු දූෂණ මාතෘකාව’ …

මෙවර තරගාවලිය සඳහා රටවල් 73ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 333ක් සුදුසුකම් ලබා ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින එකම ක්‍රීඩිකාව වන්නේ ද අනූෂා කොඩිතුවක්කු යි. මේ වසරේ පැවති Clifford කුසලාන බොක්සිං තරගාවලියේ දැක්වූ දක්ෂතා මත ඇය මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත. ඇය මේ වන විට ලෝක ශූරතා කාන්තා බොක්සිං තරගාවලි සඳහා 6 වරක් සහභාගී වී ඇති අතර මෙම වසරේ සහභාගී වන්නේ 7 වන වරටයි. 2010 වසරේ දී 7 වන ස්ථානය හිමිකර ගනිමින් ඇය ලෝක ශූරතා කාන්තා බොක්සිං තරගාවලියක ලබා ඇති හොඳම දක්ෂතාව පෙන්නුම් කිරීමට සමත් විය.

අනූෂා කොඩිතුවක්කු මෙම වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පද

අනූෂා කොඩිතුවක්කු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ ජයග්‍රහණය කළ ලෝකඩ පදක්කම අතැතිව

ක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර බොක්සිං ක්‍රීඩාවෙන් එවැනි දස්කමක් දැක්වීමට සමත් වූ එකම ලාංකික ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි. තවද මෙම වසරේ දී මොංගෝලියාවේ දී පැවති Ulaanbaatar කුසලාන කාන්තා බොක්සිං තරගාවලියේ තෙවැනි ස්ථානය ගැනීමට සමත් විය.

මෙවර ලෝක ශූරතා කාන්තා බොක්සිං තරගාවලියේ අනූෂා කොඩිතුවක්කු සහභාගී වන ප්‍රථම තරගය එළඹෙන 17 වැනිදා පැවැත්වෙන අතර එහි දී ඇයගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව ලෙස ස්වීඩනයේ ජාතික ශූරිය වන Lise Sandebjer තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා බොක්සිං ශූරිය වන අනූෂා කොඩිතුවක්කුට මෙවර ලෝක ශූරතා කාන්තා බොක්සිං තරගාවලියේ දී තම දක්ෂතා උපරිමයෙන් පෙන්නුම් කර ශූරතාවය හිමිකර ගැනීමට හැකි වේවායි යන්න ThePapare.com අපගේ ප්‍රාර්ථනයයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<