වැටුණු ප්‍රතිවාදියා යලි නැගිටුවන්නට සාන්ත අන්තෝනි විදුහල එක් වෙයි

1988

තම විද්‍යාල කණ්ඩායම සමඟ පැවති රග්බි තරගයක් අතරතුර ආබාධයකට ලක්වූ ගල්කිස්ස විද්‍යා විද්‍යාල ක්‍රීඩකයා වෙනුවෙන් කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල් ආදී ශිෂ්‍ය සංගමය විසින් එකතු කරන ලද මූල්‍යාධාර  දෙමාපියන් වෙත භාර දීම පසුගිය 5 වැනිදා විද්‍යා විද්‍යාලයේ දී සිදු කෙරුණි.

සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ක්‍රීඩාවේ ජීව ගුණය ගැන පාඩමක්

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවය සඳහා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයත්..

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට අදාලව මෙම විදුහල් දෙක අතර පැවති තරගයේ දී විද්‍යා විද්‍යාල ක්‍රීඩක සන්තුෂ් අයුෂ්මන්ත  ක්‍රීඩකයෙකු සමඟ ඇතිවූ ගැටීමක් හේතුවෙන් අනතුරට ලක් විය. අනතුරුව ඔහුව රෝහල් ගත කිරීමට සිදු වූ අතර හිසට සිදු වූ ඝට්ටනය පදනම් කර ගනිමින් දැඩි පරීක්ෂාව යටතේ ඔහුව රඳවා ගැනීමට වෛද්‍යවරු කටයුතු කරන ලදී.

මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන මෙම ක්‍රීඩකයා වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන්නට ඉදිරිපත් වුනේ ප්‍රතිවාදී සාන්ත අන්තෝනි විද්‍යාලයයි. ඔවුන් වහාම 17 හැවිරිදි සන්තුෂ් අයුෂ්මන්තගේ සහ ඔහුගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් ඉදිරිපත් වන ලදි. දිනපතා රෝහලට පැමිණෙන ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ ප්‍රාර්ථනාවලින් ද සවිමත් වූ ඔහු, මේ වන විට ඉතා ඉක්මනින් සුව අතට පත් වෙමින් සිටියි.

සාන්ත අන්තෝනි විදුහලේ වත්මන් සිසුන් මෙන්ම ආදී ශිෂ්‍යයන් ද විද්‍යා විද්‍යාල ක්‍රීඩකයා වෙත දිගු කළ සහෝදරත්වයේ දෑත් මූල්‍යමය වශයෙන් ද ශක්තිමත් කරමින් දින තුනක් වැනි  කෙටි කාලයක් තුල රුපියල් ලක්ෂ 6 කට වඩා වැඩි මුදලක් එකතු කර ගැනීමට සමත් විය. මේ සඳහා මෙරට මෙන්ම විදේශ ගතව පසුවන සාන්ත අන්තෝනි ආදී සිසුන්ගේ දායකත්වය ද නොමදව ලැබුණි.

එතැනින් ද නොනැවතුණු සාන්ත අන්තෝනි විදුහල් සමාජය පොරොන්දු වුනේ සන්තුෂ්ගේ පාසල් දිවිය හමාර වන තෙක් ඔහුගේ සුබසාධනය වෙනුවෙන් උපකාර කරන බවයි. මේ අතර ඔහු වෙනුවෙන් එකතු කරන ලද මූල්‍යාධාර සඳහා වන චෙක් පත සන්තුෂ් අයුෂ්මන්තගේ මව වෙත පිරිනැමීම සිදු කෙරුණේ ගල්කිස්ස විද්‍යා විද්‍යාල විදුහල්පති සුසන්ත මෙන්ඩිස් මහතා ඉදිරියේයි.

ThePapare.com වෙත අදහස් දක්වමින් විද්‍යා විද්‍යාල විදුහල්පතිවරයා පැවසුවේ සාන්ත අන්තෝනි විද්‍යාලය විසින් සිදු කළ මෙම ආදර්ශමත් ක්‍රියාව වැනි සිදුවීමක් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුල තමන් හට දක්නට ලැබුණු පළමු අවස්ථාව මෙය වන බවයි.

“මම දැන් පාසල් රග්බි ක්ෂේත්‍රය තුල වසර 15කට ආසන්න කාලයක් සක්‍රීයව රැඳී සිටිනවා. මෙය තමයි මෙවැනි උතුම් ක්‍රියාවක් සිදු කෙරුණු පළමු අවස්ථාව.”

“සිසුන්ගේ දෙමාපියන් තම දරුවන්ව රග්බි ක්‍රීඩාව සඳහා යොමු කිරීමට යම් පසුබැසීමක් ඇති කරගෙන සිටියා. නමුත් මෙවන් ක්‍රියා මගින් දෙමාපියන් තම හිත් වෙනස් කර ගනියි කියලා මම හිතනවා.”

මෙවන් උතුම් ක්‍රියාවක් සිදු කිරීමට මූලිකත්වය ගත් සාන්ත අන්තෝනි විද්‍යාලයීය ආදි සිසුන්ට සහ ඊට දායකත්වය සපයූවන්ට ස්තුති කිරීමට ද මෙය අවස්ථාවක් කර ගත් විද්‍යා විදුහල්පතිවරයා පැවසුවේ මෙම පරාර්ථකාමී ක්‍රියාව වෙනුවෙන් විද්‍යා විද්‍යාලය ඔවුන් හට බොහෝ සෙයින් ණයගැති වන බවයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට <<