ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ සුක්කානම ඇන්ජලෝ පෙරේරාට

928

එළඹෙන සතියේ බංග්ලාදේශයේ දී ආරම්භ වන ආසියානු නැගී එන ක්‍රිකට් කුසලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මැදපෙළ පිතිකරු ඇන්ජලෝ පෙරේරා හට හිමිව ඇත.

කුසල් ජනිත්ගේ අඩුව පුරවන්න මිලින්ද සිරිවර්ධන සංචිතයට

බංගලාදේශය සමඟ ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත එක් දින තරගාවලියේ ප්‍රථම තරග ද්විත්වය සඳහා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහභාගී නොවන…

ආසියානු රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලිය ලබන 27 වන දා සිට ලබන අප්‍රේල් 3 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙන අතර, එම තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනු ඇත. තවද මෙහි ඇති විශේෂත්වය වන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ආසියානු කණ්ඩායම්, වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම් ලෙස තරග වදින අතර, ටෙස්ට් ක්‍රීඩා නොකරන ඇෆ්ගනිස්තානය, මැලේසියාව, හොංකොං හා නේපාලය යන ආසියානු කණ්ඩායම් සඳහා තම ජාතික කණ්ඩායම සහභාගි කරවීමට ආසියානු ක්‍රිකට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ සෙනසුරාදා (25) දිවයිනෙන් පිටත්ව යන අතර, එම තරගාවලියේ පළමු තරගය ලබන 27 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙනු ඇත. අනෙකුත් තරග මාර්තු 28 ඇෆ්ගනිස්තානයට එරෙහිව ද, මාර්තු 30 මැලේසියාවට එරෙහිව ද පැවැත්වෙන අතර තරග සියල්ලම බංග්ලාදේශයේ චිතගොන් හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩය යටතේ තරග වදින අතර, සත්කාරක බංග්ලාදේශය, පකිස්තානය, හොංකොං හා නේපාලය යන කණ්ඩායම්  B කාණ්ඩයෙන් තරග වදිනු ඇත. ඒ ඒ කාණ්ඩ වල ප්‍රථම ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගනියි.

නායක ඇන්ජලෝ පෙරේරා, ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ නායක කිත්රුවන් විතානගේ, හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකරු ශෙහාන් ජයසූරිය හා රාගම ක්‍රිකට් සමාජයේ අමිල අපෝන්සු යන ක්‍රීඩකයින් වයස අවුරුදු 23ට වැඩි ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත් කර ඇත.

සධීර සමරවික්‍රම, ලියෝ ෆැන්සිස්කෝ, රොන් චන්ද්‍රගුප්ත අවිශ්ක ප්‍රනාන්දු හා චරිත් අසලංක පිතිකරණ අංශය සවිමත් කිරීම උදෙසා නම් කර ඇති අතර, වනිදු හසරංග හා නිපුන් කරුණාරත්න තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස තම දස්කම් දැක්වීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කල අනුක් ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු හා ලහිරු සමරකෝන් වේග පන්දු යවන්නන් ලෙස මෙහි තම වගකීම් ඉටු කරනු ඇත. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හෂාන් තිලකරත්න මහතාගේ පුත් දුවිඳු තිලකරත්න වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස මෙම සංචිතය සඳහා නම් කර ඇත.

සුමිත්‍ර වර්ණකුලසූරිය මහතා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර ඇති නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් නිල වශයෙන් සංචිතය ප්‍රකාශයට පත්කර නොමැත.

ශ්‍රී ලංකා සංචිතය – ඇන්ජලෝ පෙරේරා (නායක), කිත්රුවන් විතානගේ, ශෙහාන් ජයසූරිය, අමිල අපෝන්සු, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ලියෝ ෆැන්සිස්කෝ, රොන් චන්ද්‍රගුප්ත, චරිත් අසලංක, වනිදු හසරංග, අනුක් ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ලහිරු සමරකෝන්, දුවිදු තිලකරත්න

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට