මැතිව්ස්ගේ ෆිට්නස් ගැන තවත් ගැටලුවක්

464

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් හී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (29) දිනයේ ක්‍රීඩා කරමින් සිටින අතරතුර දී ආබාධයකට ලක් වීම නිසා ඔහුගේ ඉනිම තාවකාලිකව අත්හිටුවීමින් නැවත ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු විය.

නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්

කාර්තුවකට එක් කඩුල්ලක් බැගින් පමණක් අහිමි කර ගනිමින් ගිය ගමන කඩුලු 4ක් දැවී ලකුණු 585ක් ව තිබිය දී සෑහීමකට පත්ව ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය…

කලක් තිස්සේ මහත් හිසරදයක්ව පැවති ආබාධ ගොන්නක් සුව අතට හැරීමෙන් අනතුරුව මෙම වසරේ දී යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි මැතිව්ස් මෙම තරගාවලිය පුරා ඉතා විශිෂ්ට ලෙස තම පිත්ත හසුරුවමින් සහභාගී වූ තරග දෙක තුල දී එක් ශතයක් සහ අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 258ක් ලබා ගත්තේ නැවතත් ඔහුගේ සුපුරුදු ක්‍රීඩා රටාවට ඔහු අනුගත වී ඇත බවට ඉඟියක් ලබා දෙමිනි.

ඒ බව මැනවින් සනාථ කරමින් සෑහෙන කලකට පසු පන්දුව සියතට ගනිමින් තම මද වේගපන්දු යැවීමෙන් නවසීලන්ත පිතිකරුවන්, ඔහු යැවූ පන්දුවාර 8 පුරාවට තම පාලනයට නතුකර ගැනීමට ඇන්ජලෝ සමත් විය.

අංක 5 පිතිකරු ලෙසින් තරගයේ සිය දෙවන ඉනිම දියත් කිරීම වෙනුවෙන් මැතිව්ස් පිටියට පිවිසියේ නායක දිනේෂ් චන්දිමාල් සමඟ එක්ව ඔවුන් ඉදිරියේ තිබූ දැවැන්ත ලකුණු 660ක ඉලක්කය හඹා යෑමේ අරමුණ පෙරදැරි කරගෙන වූවත් උද්ගත වී තිබෙන ආබාධ තත්වය එයට හරස් වී ඇති ආකාරයක් පෙනී යයි.

ශ්‍රී ලංකාව තවත් දිනකින් තරගය ඉදිරියට රැගෙන යයි

ක්‍රයිස්චර්ච් හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පරාජයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ…

ට්‍රෙන්ට් බෝල්ට් විසින් ක්‍රියාත්මක කළ 67 වැනි පන්දුවාරයේ පළමු පන්දු දෙක සඳහා ඉක්මන් ලකුණු දෙකක් ලබා ගැනීම සඳහා පැති මාරු වන අතරතුර දී මැතිව්ස් තම  වම් පාදයේ කලවා ප්‍රදේශය දෑතින් අල්වා ගනිමින් යම්කිසි වේදනාවකින් පසුවන බවක් පෙනෙන්නට වූ හෙයින් ක්ෂණයෙන් පිටියට දිව ආ ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞතික චිකිත්සකවරයා මැතිව්ස්ගේ එම පාදයේ අදාළ ප්‍රදේශය සඳහා ප්‍රතිකර්ම කිරීමෙන් අනතුරුව යලිත් පන්දුවට පහර දීම සඳහා ඔහු තම සීමා ඉරට පිවිසියේය.

ඉතා අපහසුවෙන් වුවද යම් පන්දු ප්‍රමාණයකට මුහුණ දුන් මැතිව්ස් තේ පානය දක්වා තම වේදනාව යටපත් කරගනිමින් පන්දුවට පහර දීමට සමත් විය.

උදාවන නව වසරට ස්මිත්ට ලැබුණු තෑග්ග

එළඹෙන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය සඳහා සහභාගී වීමේ වරම හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ට…

තේ පානයෙන් අනතුරුව යළි පිතිකරණය සඳහා පැමිණීමට ඔහු අපොහොසත් වුනු අතර ලැබුණු විනාඩි 15ක පමණ විවේක කාලය අතරතුර දී ඔහුව ස්කෑන් පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇති බව සඳහන් කෙරේ. නමුත් ඔහුගේ ආබාධ තත්වයෙහි වර්තමාන ස්වභාවය පිළිබඳ තවමත් නිල ප්‍රකාශයක් කණ්ඩායම කළමනාකාරිත්වය සිදු කර නොමැති අතර ඉදිරියේ දී ඒ පිළිබඳ තොරතුරු ලද වහාම ඔබ දැනුවත් කිරීමට ThePapare.com අප සූදානමින් සිටින්නෙමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<