ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධයේ නවතම තත්වය මෙන්න

2718

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් හී නිමා වූ දෙවන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන ඊයේ (30) දිනයේ ක්‍රීඩා කරමින් සිටින අතරතුර දී ආබාධයකට ලක් වීම නිසා ඔහුගේ ඉනිම තාවකාලිකව අත්හිටුවමින් නැවත ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු වූ අතර ඉන් අනතුරුව සිදු කළ ස්කෑන් පරීක්ෂණයේ දී ඔහුව සති හතරකට ආසන්න පමණ කාලයක් විවේකීව තැබිය යුතු බවට රෝහල් බලධාරීන් පවසා තිබේ.

මැතිව්ස්ගේ ෆිට්නස් ගැන තවත් ගැටලුවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් හී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (29) දිනයේ ක්‍රීඩා කරමින් සිටින…

ඒ නිසාවෙන් ලබන 3 වැනිදා ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට මැතිව්ස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වනු ඇත.

ට්‍රෙන්ට් බෝල්ට් විසින් ක්‍රියාත්මක කළ 67 වැනි පන්දු වාරයේ පළමු පන්දු දෙක සඳහා ඉක්මන් ලකුණු දෙකක් ලබා ගැනීම සඳහා පැති මාරු වන අතරතුර දී මැතිව්ස් තම වම් පාදයේ කලවා ප්‍රදේශය දෑතින් අල්ලා ගනිමින් යම්කිසි වේදනාවකින් පසුවන බවක් පෙනෙන්නට වූ හෙයින් ක්ෂණයෙන් පිටියට දිව ආ ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞතික චිකිත්සකවරයා මැතිව්ස්ගේ එම පාදයේ අදාළ ප්‍රදේශය සඳහා ප්‍රතිකර්ම කිරීමෙන් අනතුරුව යළිත් පන්දුවට පහර දීම සඳහා ඔහු තම සීමා ඉරට පිවිසියේය.

ඉතා අපහසුවෙන් වුවද යම් පන්දු ප්‍රමාණයකට මුහුණ දුන් මැතිව්ස් තේ පානය දක්වා තම වේදනාව යටපත් කරගනිමින් පන්දුවට පහර දීමට සමත් විය. ඊයේ දිනයේ තේ පානයෙන් අනතුරුව යළි පිතිකරණය සඳහා පැමිණීමට ඔහු අපොහොසත් වුනු අතර ලැබුණු විනාඩි 15ක පමණ විවේක කාලය අතරතුර දී ඔහුව ස්කෑන් පරීක්ෂණ සඳහා රෝහල්ගත කළේය. කෙසේ නමුත් මැතිව්ස් අද (30) දිනයේ දී නැවතත් පිතිකරණය සඳහා පිටියට පැමිණියේ නොමැත.

නවසීලන්තයට වාර්තා ගත ටෙස්ට් ජයක්

ක්‍රයිස්චර්ච් හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී අද (30) අවසන් වූ ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 423ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු විය…

“ඇන්ජලෝව අපි ස්කෑන් එකකට යොමු කළා එහි දී පෙනී ගියේ නැවත වතාවක් ඔහුගේ වම් පාදයේ කලවා ආශ්‍රිතව මාංශ පේශි ඇදීමකට ලක්වෙලා තියෙනවා. මෙවර ඔහුට වෙලා තිබෙන්නේ 2වන මට්ටමේ කලවා ආශ්‍රිතව මාංශ පේශි ඇදීමක්. ඔහුට සති 4ක් පමණ විවේක ගන්න කියල භෞතික චිකිත්සකවරුන් නිර්දේශ කළා. ඒක නිසා නවසීලන්තය සමඟ පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියට ඔහුට සහභාගී වෙන්න  වෙන්නේ නැහැ. “ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

කලක් තිස්සේ මහත් හිසරදයක්ව පැවති ආබාධ ගොන්නක් සුව අතට හැරීමෙන් අනතුරුව මෙම වසරේ දී යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි මැතිව්ස් මෙම තරගාවලිය පුරා ඉතා විශිෂ්ට ලෙස තම පිත්ත හසුරුවමින් සහභාගී වූ තරග දෙක තුල දී එක් ශතයක් සහ අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 258ක් ලබා ගත්තේ නැවතත් ඔහුගේ සුපුරුදු ක්‍රීඩා රටාවට ඔහු අනුගත වී ඇත බවට ඉඟියක් ලබා දෙමිනි.

ඒ බව මැනවින් සනාථ කරමින් සෑහෙන කලකට පසු පන්දුව සියතට ගනිමින් තම මද වේගපන්දු යැවීමෙන් නවසීලන්ත පිතිකරුවන්, ඔහු යැවූ පන්දුවාර 8 පුරාවට තම පාලනයට නතුකර ගැනීමට ඇන්ජලෝ සමත් විය.

චතුරංග ද සිල්වාගෙන් කඩුලු ත්‍රිත්වයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ අද (29) දෙවැනි දිනටත් ක්‍රියාත්මක තරග අතරින් මුවර්ස් සහ එන්. සී. සී. අතර තරගයේ දී එන්. සී. සී…

සති 4කට ආසන්න විවේක කාලයක් භෞතික චිකිත්සකවරුන් නිර්දේශ කර තිබෙන නිසාවෙන් ජනවාරි මස 24 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ද මඟ හැරීමට වැඩි ඉඩකඩක් තිබෙන අතර පෙබරවාරි මස 13 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ සිට නැවත වතාවක් මැතිව්ස් පිටියට පැමිණීමට වැඩි ඉඩකඩක් තිබේ.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග වදින ශ්‍රී ලංකා සංචිතයට මැතිව්ස්ගේ නම ඇතුළත්ව තිබූ නමුත් මේ ඇතිව තිබෙන ආබාධමය තත්වය නිසා වෙනත් ක්‍රීඩකයෙකුව වහාම නවසීලන්තයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කරනු ඇත. කෙසේ නමුත් එම ක්‍රීඩකයා කවුරුන් ද යන වග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<